Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දෙවැනි එලිසබෙත් රැජිණ කුඩා දරුවන්ට ඇහිදීමට ආහාර විසිකරන අවස්ථාවක්ද ? (VIDEO)

    2022-09-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වසර 96 ක දිවි ගමනට සමුදෙමින් පසුගිය සැප්තැම්බර් 08 වැනිදා දෙවැනි එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වුනේ බ්‍රිතාන්‍යම කම්පාවට පත්කරමින්. පුරා දශක 7ක් පුරා කිරුළ දරූ එලිසබෙත් රැජිණ ගැන , ඇයගේ ජිවිත ගමන ,විවිධ කාලසිමවලදී ඇය මුහුණ දුන් අභියෝග පිලිබදව ලොව පුරා ජනතාව

    වසර 96 ක දිවි ගමනට සමුදෙමින් පසුගිය සැප්තැම්බර් 08 වැනිදා දෙවැනි එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වුනේ බ්‍රිතාන්‍යම කම්පාවට පත්කරමින්. පුරා දශක 7ක් පුරා කිරුළ දරූ එලිසබෙත් රැජිණ ගැන , ඇයගේ ජිවිත ගමන ,විවිධ කාලසිමවලදී ඇය මුහුණ දුන් අභියෝග පිලිබදව ලොව පුරා ජනතාව අතර කතිකාවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල විශාල වශයෙන් දැකගන්නට ලැබෙනවා.

    .කෙසේ වෙතත් රැජිණ පිලිබදව පළවන සමහර සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලුයි. මේ එවන් නොමගයවන සුලු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමර්ෂණයක්.

    සමාජ ජාලා සටහන් 

    දෙවැනි එලිසබෙත් රැජිණ විසින්  බොහෝ කාලයකට පෙර කලු සමක් සහිත  කුඩා දරුවන් පිරිසකට, ඇහිදගෙන අනුභවය සදහා ආහාර වර්ගයක් ඉසින ආකාරය බව හැඟවෙන සේ වීඩියෝවක් ෆේස්බුක් හරහා පැතිර යන ආකාරය නිරීක්ෂණය කිරීමට අපට හැකිවුණා.

    “ඔයාලගේ අත්තම්මා කුරුල්ලන්ට බජිරි ඉහිනවා “, ලෙස සදහන් කරමින් දෙවන එලිසබෙත් රැජිණ සිය තරුණ කාලයේදී කලු සමක් සහිත  දරුවන් පිරිසකට ආහාරය සදහා සතුන්ට මෙන් ආහාර ද්‍රව්‍ය විසිකළ බවක් හැගවෙනසේ මෙම සමාජ ජාලා සටහන් පළව තිබුණා.

    Facebook 

    එමෙන්ම සමහර වීඩියෝවල ඍජුවම සදහන්ව තිබුණේ මෙම ආහාර ඉසින කාන්තාව එලිසබෙත් රැජිණ ලෙසයි. එවන් වීඩියෝවක් සදහා පිවිසිය හැකියි මෙතනින්. Archived

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම Invid – We Verify ඔස්සේ මෙම වීඩියෝව කොටස්වලට වෙන්කර මෙය සත්‍ය වශයෙන්ම කුමන සිදුවීමක් නිරුපණය වන අවස්ථාවක් ද සහ එහි මුල් වීඩියෝව කුමක්ද යන කාරණා පිළිබඳව සොයා බැලුවා.

    එම සෝදිසිය මගින් අපට දැකගන්නට ලැබුණේ Lumiere Brothers නම්  20 වන සියවසේ මුල් භාගයේ සහ 19 වන සියවසේ අග භාගයේ මෙවැනි කුඩා වීඩියෝ නිපදවීම සම්බන්ධ ප්‍රකට ආයතනයක් සතුව, මෙම වීඩියෝව සහ ඒ හා සම්බන්ධ තොරතුරු ඇති බවයි. ප්‍රංශ බසින් ඇති වෙබ් අඩවියක මේ හා සම්බන්ධ බොහෝ විස්තර දක්නට හැකිවුණා.

    එලිසබෙත් රැජිණ උපත ලබා ඇත්තේ 1926 වසරේදීයි. නමුත් මෙම වීඩියෝව හා සම්බන්ධ දර්ශන අයත් වන්නේ 1899- 1900 වසර අතර කාල වකවානුවකටයි. ඒ අනුව මෙම වීඩියෝව හා සම්බන්ධ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙක් හෝ එලිසබෙත් රැජිණ නොවන බව පැහැදිලියි.

    ලුමියර් බ්‍රදර්ස් මගින් තිරගතකල කෙටි චිත්‍රපට හා ඔවුන් සතුව තිබු සේයාරු පිළිබදව විස්තර ඇති ඉහත සදහන් කල වෙබ් අඩවියේ මේ හා සමබන්ධ සටහන්වල දක්නට ලැබෙන්නේ, මෙම වීඩියෝව නිපදවීම සිදු කර ඇත්තේ එකල ප්‍රංශයට අයත් යටත් විජිත කිහිපයක් එකතුකර පවත්වාගෙන ගිය අගිනිදිග ආසියාවේ ඉන්දු චීන ප්‍රදේශයේදී බවයි. මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඉන්දු චීන ප්‍රංශ යටත් විජිතයට අයත් අන්නම් ලෙස හැදින්වූ ප්‍රදේශයේයි. එය වත්මන් වියට්නාම රාජ්‍යයයි.

    මෙම සිදුවීම විඩියෝගතකර ඇත්තේ Gabriel Veyre නම් ශිල්පියායි. මෙහි කාන්තාවන් දෙදෙනාගේ නම් ලෙස සදහන් වන්නේ Paul Doumer  මහත්මිය සහ මෙනෙවිය ලෙසයි. Paul Doumer යනු ප්‍රංශයේ හිටපු ජනපතිවරයෙක් මෙන්ම 1897- 1902 දක්වා ඉන්දු චීනයේ ආණ්ඩුකාරවරයාව සිටියේ ඔහුයි .ඒ අනුව මෙහි එක කාන්තාවක් වන්නේ ඔහුගේ බිරිදයි. අනෙත් කාන්තාව ඔහුගේ දියණියයි.

    ඔවුන් මෙහිදී මෙම දරුවන්ට අහුලා ගැනීම සදහා විසි කරන්නේ වටිනාකමින් අඩු කාසි වර්ගයක් මිස ආහාර නොවේ. මෙම වියට්නාම දරුවන්ට අහුලා ගැනීම සදහා මුදල් විසිකරන්නේ සහ මෙම දරුවන්  මුදල් අහුලා ගන්නේ බෞද්ධ ආගමික ස්ථානයක් ආසන්නයෙදියි.

    මේ සම්බන්ධ වැඩි විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived

    මෙම සිදුවීම හා සම්බන්ධ පැහැදිලි වීඩියෝවක් පහතින් 

    මේ සම්බන්ධයෙන් වෙනත්  කණ්ඩායමක් ඉංග්‍රීසි  සිදුකල කරුණු විමසීමකට පිවිසිය හැකියි මෙතනින්. Archived 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු ගවේෂණයේදී පැහැදිලි වන්නේ දෙවන එලිසබත් රැජිණ විසින් කලු ජාතික දරුවන්ට ආහාර විසි කරන බවක් හැගී යනසේ සමාජ ජාලාවල පළවන වීඩියෝවේ එලිසබෙත් රැජිණ දක්නට නොමැති බවයි. එම වීඩියෝව පටිගත කර ඇත්තේ රැජිණ ඉපදීමට දශක 2 කට පමණ පෙර ප්‍රංශ යටත් විජිත එකතුවක්ව තිබු ඉන්දු චීනයේ, නුතන වියට්නාමයට අයත් ප්‍රදේශයක බෞද්ධ ආගමික ස්ථානයක් අසලයි. එම දර්ශන වල දැක්වෙන්නේ එවකට ඉන්දු චීන ආණ්ඩුකාරයාව සිටි Paul Doumer ගේ බිරිද සහ දියණියක් විසින් වියට්නාම දරුවන් පිරිසකට අහුලාගැනීම සදහා මුදල් කාසි විසිකරන අවස්ථාවකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.