Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මනමාල යුවලක් ගුවනෙන් ගොඩබැසීමට තැත් කිරීමේදී දිවි අහිමිවූ අවස්ථාවක්ද ?

    2023-03-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මනමාල යුවලක් , සිය නෑ හිත මිතුරන් අතරට පැමිණෙන අවස්ථාව ,මංගල උත්සවයකදී සිදුවන ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර ඒ සඳහා විවිධාකාරයේ නිර්මාණාත්මක විධි ක්‍රම ද ඇතැම් විට දැක ගන්නට ලැබෙනව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මනමාල යුවලක් , සිය නෑ හිත මිතුරන් අතරට පැමිණෙන අවස්ථාව ,මංගල උත්සවයකදී සිදුවන ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර ඒ සඳහා විවිධාකාරයේ නිර්මාණාත්මක විධි ක්‍රම ද ඇතැම් විට දැක ගන්නට ලැබෙනවා . ලංකාවේ සමාජ ජාලාවල මේ දිනවල වේගයෙන් හුවමාරුවන වීඩියෝවක් සමග ඇති සටහනක දැක්වෙන්නේ මනමාල යුවලක් හෙලිකොප්ටරයක් මගින් නෑ හිත මිතුරන් අතරට ගොඩබෑමට තැත් කිරීමේදී හෙලිකොප්ටරය කඩා වැටී මිය ගිය අවස්ථාවක දර්ශන පෙළක් ලෙසයි. මේ ඒ පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    “කිසි දිනෙක මුදල්, වත්කම් ලොකු කොට තකන්න එපා.  මේ මනමාල යුවල නෑදෑයන් , ආරාධිතයන් අතරට ගුවනින් ගොඩබැසීමට ගොස් සියලු දෙනා ඉදිරියේ මියයන ආකාරය… දරුවන් දෑස් ඉදිරිපිට මියයන අයුරු දකින අවාසනාවන්ත දෙමව්පියන් ..” යන තේමාව යටතේ හෙලිකොප්ටර යානයකින් මංගල යුවල පැමිණෙන අවස්තාවක දර්ශන පෙළක් බවත්, එහිදී අවාසනාවන්ත ලෙස මුහුණපාන අනතුරින් ඔවුන් දෙදෙනාම මියගිය බවත් දක්වා තිබුණා.

    Facebook| Archived

    මෙම සටහන් වට්ස් ඇප් හරහාද බහුලව පැතිර තිබුණේ මෙලෙසින්.

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

    අප මුලින්ම Invid- We Verify තාක්ෂණය ඔස්සේ මෙහි සැබෑ තොරතුරු විමසා බැලීමට උත්සාහ කළා.එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම සිදුවීම, මීට වසර හතරකට පමණ පෙර බ්‍රසීලයෙන් වාර්තා වූ සිදුවීමක් බවයි.

    කෙසේ වෙතත් සමාජ ජාලා සටහන්වල දැක්වෙන ආකාරයෙන් මනමාල යුවල මෙයින් ජිවිතක්ෂයට පත්ව නැහැ. 2018 වසරේ මැයි මාසයේදී එක්සත් රාජධානියේ මිරර් පුවත්පත මෙය වාර්තාකර තිබෙනවා.

    එහි දක්වා තිබෙන ආකාරයට බ්‍රසීලයේ සාඕ පෝලෝ ප්‍රදේශය ආශ්‍රිතව මෙම සිදුවීම සිදුව තිබෙනවා. හෙලිකොප්ටරයේ සිට ඇත්තේ මනාලිය , ගුවන් නියමුවා ඇතුළු තවත් දෙදෙනෙක්. මනාලියට පමණක් සුලු තුවාල සිදුව තිබෙනවා. කෙසේ නමුත් මෙම සිදුවීම නොතකමින් මනාල යුවල උත්සවයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන ගොස් තිබු බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධ විස්තරයකට පිවිසිය හැකියි මෙතනින්. Archived

    බ්‍රසීලයේ රාජ්‍ය බස වන පෘතුග්‍රීසි බසින්ද මේ පිලිබදව බොහෝ වාර්තා පළව තිබුණා අතර එම මඟින් දැක්වෙන්නේ තිදෙනෙක් තුවාල ලැබූ බව පමණයි. මේ පිලිබඳ බ්‍රසීලයේ Sao Palo මිලිටරි පොලිසියට අයත් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ද ඒ බව වාර්තා කර තිබුනේ මෙලෙසින්

    මේ සම්බන්ධව වෙනත් ආයතනයක් සිදුකල කරුණු විමසා බැලීමකට පිවිසිය හැකියි මෙතනින්. Archived

     අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    මෙය බ්‍රසීලයේ සාම පෝලෝ ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකි. මෙම හෙලිකොප්ටර අනතුරේදී එහි සිටි මනාලියට පමණක් සුලු තුවාල සිදුව ඇති අතර එහි සිටි ගුවන් නියමුවා ඇතුළු පිරිසට හානියක් සිදුව නොමැත. මෙම අනතුරුව සිදුවීමෙන් පසුව වුවත් කලින් සැලසුම් කර තිබු ආකාරයටම මංගල උත්සවයේ කටයුතු මනාල යුවල විසින් සිදුකර ඇත.එම නිසා මෙම අනතුරින් මනාල යුවල මියගිය බවට වන සමාජ ජාලා සටහන් නොමගයවන සුළුවේ .

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-03-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.