Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දිලිත් – අනුර – දුමින්ද අතර හමුවක් ලෙස පැතිරෙන ඡායාරූපයේ ඇත්ත කතාව!

    2024-08-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත දින ක්‍රමයෙන් ආසන්න වෙත්ම, දේශපාලන නායකයන්, පිළිබද ව්‍යාජ තොරතුරු පැතිර යමින් පවතිනවා. මෙම තොරතුරු පතුරවන කණ්ඩායම් උත්සාහ කරන්නේ ජන මතයට බලපෑම් ඇතිකර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත දින ක්‍රමයෙන් ආසන්න වෙත්ම, දේශපාලන නායකයන්, පිළිබද ව්‍යාජ තොරතුරු පැතිර යමින් පවතිනවා. මෙම තොරතුරු පතුරවන කණ්ඩායම් උත්සාහ කරන්නේ ජන මතයට බලපෑම් ඇතිකර , එමගින් දේශපාලන වාසි ලබාගැනීමටයි. එම නිසා මැතිවරණ කාල වකවානු තුල දේශපාලන ලෝකයේ පැතිරෙන සක සහිත ඡායාරූප සහ සටහන් ගැන අවධානයෙන් කටයුතු කිරීම වැදගත්.

    සමාජ ජාලා සටහන් 

    සමාජ ජාලාවල හුවමාරුවන සටහන් මගින් හැගවීමට උත්සාහ දරන්නේ ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන නායකයන් දෙදෙනෙක් වන දිලිත් ජයවීර සහ අනුර කුමාර දිසානායක යන දේශපාලන නායකයන් දෙදෙනා එකට හමුවී සුහදව සිටින සේයාරුවක්. එම සේයාරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකද සිටිනවා.

    FB | Archived 

    මෙම සේයාරුව බ්ලොග් වෙබ් අඩවියක හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්. Archived

    මෙම සේයාරුව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදුකරන ලෙස අප වෙත ඉල්ලීම් කිහිපයක්ම සිදුකරමින් විමසා සිටියේ මෙවර ජනපතිවරණට තරග කිරීමට නියමිත පුද්ගලයින් දෙදෙනෙකු වන, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර, මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සමඟ එකට සිටින අවස්ථාවක් ද යනුවෙනි.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම මෙවැනි සේයාරුවක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පළකර ඇතිද යන කාරණය විමසා බැලුවා. එහිදී දක්නට ලැබුණේ එවන් යමක් පළකර නොමැති බවයි.

    එසේම අප මෙම සමාජ ජාලාවල බහුලව පැතිරුණු සේයාරුව විශ්ලේෂණය කර බැලූ අතර එහිදී එය සංස්කරණය කර ඇති බවට පැහැදිලිව දක්නට ලැබුණේ මෙලෙසින්.

    එබැවින් දිලිත් ජයවීර, දුමින්ද දිසානායක සහ අනුර කුමාර දිසානායක, මෑතක දී සහභාගී වී තිබු උත්සව, ඇතුළු හමු පිළිබඳව කරන ලද පරීක්ෂණයේදී පැහැදිලි වුවේ, හුවමාරු වන සේයාරුව, NSBM පුද්ගලික විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවකදී ලබාගත් සේයාරුවක පසුබිමට සමාන බවයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ සේයාරුවේ අනුර, දිලිත්, දුමින්ද හැද සිටින ඇදුම් වලට සමාන ඇදුම් පැළද සිටින පුද්ගලයන් පිරිසක් දිලිත් ජයවීරගේ ෆේස්බුක් පිටුවේ දක්නට ලැබෙනවා. එම සේයාරුව පහතින් .

    FB Post

    එම සේයාරුවේ දුමින්ද දිසානායක සහ දිලිත් ජයවීර යන අය සමාජ ජාලාවල දැක්වෙන සේයාරුවේ  ආකාරයේ ඇදුම් පැළදගෙන සිටින නමුත් අනුර කුමාර දිසානායක එහි දක්නට ලැබෙන්නේ නැහැ. අනුර කුමාර බවට හඟවා, ඔහුගේ මුහුණු යොදා තිබුණ ද එම කමිසය හැඳ එම අවස්ථාවේ සිටින්නේ වෙනත් පුද්ගලයෙකු බව ද මෙහිදී පෙනී වෙනවා.

    ඉන් අනතුරුව අප මේ පිලිබදව මෙම සේයාරුවල සිටින පුද්ගලයන්ට සම්බන්ධ පාර්ශ්වවලින්ද විමසා බැලුවා.

    ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය තහවුරු කලේ , ඔවුන් ගේ නායක අනුර කුමාර දිසානායක මෙම උත්සව අවස්ථාවට සම්බන්ධවී නොමැති අතර මෙම සේයාරුව සංස්කරණය කරන ලද එකක් මිස සත්‍යක් නොවන බවයි.

    මේ පිළිබඳව දිලිත් ජයවීරගේ මාධ්‍ය අංශය නිසි ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. දුමින්ද දිසානායකගෙන් අප කළ විමසුමේ දී කියා සිටියේ, එසේ සංස්කරණ කරන ලද සේයාරුවක් හුවමාරු වන බව දුටු බවත්, එයින් තමාට හානියක් නොවන බවත්, දේශපාලනඥයන් මෙසේ බොහෝ උත්සව අවස්ථාවල දී සුහදව හමුවන බවයි. දුමින්ද දිසානායක මෙවර 2024 ජනාධිපතිවරණයේදී සිය සහය පළකර තිබෙන්නේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෙතයි.

    කෙසේනමුත් සංස්කරණය කිරීම සඳහා යොදාගෙන තිබු මුල් සෙයාරුව පිලිබඳ සොයා බැලීමේ දී, මෙරට කරුණු විමර්ශන කණ්ඩායමක් වන Fact Seeker ආයතනය විසින්, එහි මුල් සේයාරුව සමඟින් සිදුකරන ලද ඡායාරුප සංසන්දනයක් මෙලෙසින් පළ කර තිබුණි. අප ඒ පිළිබඳව කළ විමසීමේදී ඔවුන් පැවසුවේ එම ඡායාරූපය දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා විසින් එම ආයතනය වෙත ලබාදී තිබූ බවයි.

    සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    ඒ අනුව පැහැදිලි වන්නේ, NSBM LEGACY නම් වූ NSBM හරිත සරසවියේ නිර්මාතෘ මහාචාර්ය ඊ.ඒ වීරසිංහ ඇගයීමේ උත්සව අවස්ථාවකදී ලබාගන්නා ලද සේයාරුවක්, සංස්කරණය කිරීමෙන්, එහි අනුර, දිලිත් සහ දුමින්ද එකට සිටින බවක් පෙන්වා දී ඇති බවයි. එහි සත්‍ය වශයෙන් සිටින පුද්ගලයාගේ හිස කොටස ඉවත්කර අනුර කුමාර දිසානායකගේ හිස කොටස එයට ආදේශ කර ඇත.

    අප මෙම උත්සව අවස්ථා ආවරණ කිරීමට ගොස් සිටි ඡායාරුප ශිලිපියෙකුගෙන් ද මේ පිළිබඳව විමසා සිටි අතර, ඔහු පැවසුවේ ද මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහභාගී වී ඇති බවක් නොදුටු බවයි. එම උත්සව අවස්ථාට සහභාගී වූ පුද්ගලයින්ගේ තවත් සේයාරූ කිහිපයක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය:(Conclusion)

    දිලිත් ,අනුර සහ දුමින්ද දිසානායක අතර හමුවක් සිදුව ඇති බවට පැතිරෙන සමාජ ජාලා සටහන් සේයාරූ ව්‍යාජ ලෙස සිදුකර තිබෙන සංස්කරණයක් බවයි. මෑතක දී NSBM පුද්ගලික විශ්ව විද්‍යාලයේ උත්සව අවස්ථාවකදී ලබාගෙන තිබු එම සේයාරුවේ, දිලිත් ජයවීර සහ දුමින්ද දිසානායක සත්‍ය වශයෙන්ම සිටින නමුත් අනුර දිසානායක සිටින්නේ නැත. වෙනත් පුද්ගලයෙකුගේ හිස වෙනුවට අනුර දිසානායකගේ හිස කොටසේ සේයාරුවක් ආදේශ කරමින් මෙම සංස්කරණය සිදුකර තිබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.