දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමගම ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත් දේශපාලන නායකයෙක් ලෙස දේශපාලන කටයුතු වල නිරත වෙමින් සිටිනවා. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙනවා. මේ එවන් දේ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ නායකත්වයෙන් විකල්ප පාර්ලිමේන්තුවක් ඇති කිරීම සදහා සාකච්චා පැවැත්වෙන බවත් ,ඒ සදහා පසුගිය වතාවන්වල විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමෙන්තුවේ කටයතු කල , එහෙත් මෙවර පාර්ලිමෙන්තුවට පත් නොවූ මන්ත්රීවරුන් 225 දෙනෙක් තෝරා ගෙන මෙම වැඩපිළිවෙල සිදු කිරීමට නියමිත බවක්. සුදුසුකම් ඇති ඇය 450 පමණක් සිටින බවත් සමාජ ජාලා සටහන්වල සදහන්
මෙම සටහන්වල මුලාරම්භය වන්නේ දේශය පුවත්පතේ පලවූ පුවත්පත් වාර්තාවක්. එය උදැසන පුවත්පත් කියවන රුපවාහිනී වැඩසටහන්වලින් කියවන අයුරු අදාල මාධ්ය ආයතන මගින් සමාජ ජාලාවලට එක්කර තිබුනේ පහත අයුරින්.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්ය කරුණු විමසා බැලීම)
අප මුලින්ම විමසා බැලුවේ දේශය පුවත්පතේ වෙබ් අඩවියේ මෙය පළකර ඇති අයුරුයි. එහිදී අපට පහත සටහන දක්නට ලැබුණා.
මේ පිලිබදව කරුණු විමසා බැලීම සදහා එක්සත් ජාතික පක්ෂ මාධ්ය අංශයේ සහ එහි නායක රනිල් වික්රමසිංහගේ මාධ්ය අංශයේ ප්රධානියෙක් වන දිනුක් කොලබගේ ගෙන් අප විමසා සිටියේ මෙම පුවතේ සත්ය අසත්යතාවය පිලිබදවයි.
ඒ පිලිබදව අදහස් දැක්වූ ඔහු සදහන් කර සිටියේ එවන් විකල්ප පාර්ලිමේන්තුවක් පිහිටුවීම සදහා කිසිදු සුදානමක් එක්සත් ජාතික පක්ෂයේ හෝ එහි නායක රනිල් වික්රමසිංහගේ නොපවතින බවයි.
ඔහු වැඩිදුරටත් පැහැදිලි කර දුන්නේ ඉදිරි දේශපාලන කටයතු සදහා පුළුල් දේශපාලන සන්ධානයක් බිහි කිරීම මේ දිනවලදී දේශපාලන සකච්ඡා වල පවතින බවයි. එවැන්නක් මිස විකල්ප පාර්ලිමේන්තුවක් පිහිටුවීම සදහා කිසිදූ සුදානමක් හෝ නොපවතින බවක් ඔහු සදහන් කර සිටියා.
අප තවදුරටත් සොයා බැලුවේ මෙවන් විකල්ප පාර්ලිමේන්තුවක් සම්බන්ධව රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිසියම් ප්රකාශයක් මෑතකදී සිදුකර ඇතිද යන කාරණයයි. නමුත් එවැන්නක් දක්නට ලැබුනේද නැහැ.
ඡායා / විකල්ප පාර්ලිමේන්තුවක්(Shadow Parliament/ Alternative Parliament)
කිසිදු රටක ඡායා පාර්ලිමේන්තුවක් පවත්වා නොමැති බවට ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී පෙනී යනවා. ඡායා පාර්ලිමේන්තු සංකල්පය කුමක්ද යන්න පිළිබඳ අප පාර්ලිමේන්තුවේ මාධ්ය අංශයෙන් විමසීමක් සිදු කළ අතර, ඔවුන් සඳහන් කරන්නේ, විකල්ප පාර්ලිමේන්තුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුව පැමිණ නැති බව ත්, වෙනත් කමිටුවක් පිහිටුවීමට හෝ අවසරයක් කිසිදු පක්ෂයකින් පැමිණ නැති බවයි.
අප මේ පිළිබඳ කොළඹ විශ්වවිද්යාලයේ, , කලා පීඨයේ දේශපාලන විද්යා හා රාජ්ය ප්රතිපත්ති දෙපාර්තමේන්තුවේ අචාර්ය වරයෙකුගෙන් ද, විමසීමක් කළ අතර ඡායා පාර්ලිමේන්තුවක ක්රමවේදයක් නොමැති බැවින් ඒ පිළිබඳ නිසියාකාරව දැන ගැනීමට එවැනි බලාපොරොත්තුවක් ඇති අයගෙන් මෙහි ප්රායෝගිව සිදු කිරීම සම්බන්ධයෙන් අදහසක් ලබා ගත යුතු බව සඳහන් කළා.
කෙසේ වෙතත් මෙලෙසින් ඡායා පාර්ලිමේන්තු සංකල්පය සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීම සඳහා මේ වන විට ත් ඇතැම් රටවල ක්රියාත්මක වන ඡායා කැබිනට් මණ්ඩල හරහා දළ අදහසක් පැහැදිලි කර ගමු.
ඡායා කැබිනට්ටුව(Shadow cabinet)
ඡායා කැබිනට්ටුව හෝ ඡායා අමාත්යාංශය වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්රමයේ ලක්ෂණයකි. එය විපක්ෂ නායකවරයාගේ නායකත්වය යටතේ රජයේ කැබිනට් මණ්ඩලයට විකල්ප කැබිනට් මණ්ඩලයක් සාදන ජ්යෙෂ්ඨ විපක්ෂ කණ්ඩායමකින් සමන්විත වන අතර, ආණ්ඩු පක්ෂයේ අමාත්යාංශවලට සමාන්තරව ඔවුන්ගේ සාමාජිකයින් කැබිනට් මණ්ඩලයේ එක් එක් සාමාජිකයාගේ ඡායා අමාත්යාංශ පිළිබිඹු කරයි. ඡායා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට විධායක බලයක් නොමැත. රජයේ ප්රතිපත්ති සහ ක්රියා පරීක්ෂා කිරීම මෙන්ම විකල්ප ප්රතිපත්ති ඉදිරිපත් කිරීම ඡායා කැබිනට් මණ්ඩලයේ වගකීමකි. පාර්ලිමේන්තුවේ පෙරමුණේ මන්ත්රීවරුන්ගේ කොටසක් ලෙස නිල විපක්ෂ පෙරමුණේ බහුතරය ඡායා කැබිනට් මණ්ඩලය විසින් සාදයි.
බොහෝ රටවල, ඡායා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ඡායා අමාත්යවරයෙකු(shadow minister) ලෙස හැඳින්වේ. එක්සත් රාජධානියේ ලෝඩ්ස් හවුස් සහ නවසීලන්තයේ, ඡායා වෙනුවට ප්රකාශක(spokesperson) යන යෙදුම භාවිතා වේ. කැනඩාවේ විපක්ෂ විචාරක (opposition critic) යන යෙදුම ද භාවිතා වේ.
කෙසේ වෙතත් මෙරට ආණ්ඩුක්රම ව්යයස්ථාවේ 3සහ 4 වගන්ති වලින් පෙන්වා දෙන්නේ, ශ්රී ලංකා ජනරජයේ පරමාධිපත්ය ජනතාව කෙරෙහි පිහිටා ඇති බව ත්, පරමාධිපත්ය අත්හළ නොහැක බව ත්, ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්රීවරයන්ගෙන් සමන්විමත පාර්ලිමේන්තුව විසින්, ජන මත විචාරණය ජනතාව විසින් ද, ක්රියාත්මක කළ යුතු බවයි.
එමෙන් ම මෙහි ව්යවස්ථාදායක බලය යටතේ 75 වන වගන්තියට අනුව, නීති පැනවීම, සංශෝධනය කිරීම හෝ ආණ්ඩුක්රම ව්යවස්ථාවට විධිවිධානයක් එකතු කරන්නා වූ නීති පැනවීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව ත්, පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්යවස්ථාදායක බලය අත් නොහළ යුතු බවත්, කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුතු බව ත්, කවර වූ හෝ ව්යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරයක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටුවිය යුතු බව ත් පෙන්වා දේ.


