Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    “පෘථිවිය අනාරක්ෂිතයි. වෙනත් ග්‍රහලෝකයකට මාරුවීමට කාලය පැමිණ ඇත.”- ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

    2022-08-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අභ්‍යවකාශ තරණය සහ ග්‍රහලෝක ගැන මිනිසා උනන්දුවක් දක්වන්නේ අද ඊයේ නොව, ඈත අතීතයේ සිටයි. අභ්‍යවකාශය පිළිබද පර්යේෂකයන්, ගඟනගාමීන් දක්වන අදහස් කෙරෙහි බොහෝ දෙනා ඉමහත් කුතුහලයෙන් ඇහුම් කන් දෙනවා. සමාජ ජාලා පරිශිලකයින්ද මේ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවක් වන අතර ම

    අභ්‍යවකාශ තරණය සහ ග්‍රහලෝක ගැන මිනිසා උනන්දුවක් දක්වන්නේ අද ඊයේ නොව, ඈත අතීතයේ සිටයි. අභ්‍යවකාශය පිළිබද පර්යේෂකයන්, ගඟනගාමීන් දක්වන අදහස් කෙරෙහි බොහෝ දෙනා ඉමහත් කුතුහලයෙන් ඇහුම් කන් දෙනවා. සමාජ ජාලා පරිශිලකයින්ද මේ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවක් වන අතර මේ හා සම්බන්ධ කරුණු නිතර සමාජ ජාලාවල හුවමාරු වනවා.

    මේ , සමාජ ජාලා වල හුවමාරුවූ ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානියා විසින් පලකරන ලද අදහසක් ලෙස පලවූ නොමගයවන සුලු සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානියා විසින් දක්වන ලද අදහසක් ලෙස පහත සටහන සමාජ ජාලවල ව්‍යාප්තව තිබුණා.

    “පෘථිවිය හැර යාමට කාලයයි.පෘථිවිය තවදුරටත් ආරක්‍ෂිත නොවන අතර මිනිසුන් වෙනත් ග්‍රහලෝකයකට මාරුවිය යුතු බවත්, වැඩි කාලයක් නොගොස් මිනිසුන් පෘථිවියෙන් වදවී යන බවත් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානී එස්.සොමනාත් මහතා පවසයි.”

    Facebook | Archived

    ෆේස්බුක් පරිශීලකයන් මේ සම්බන්ධයෙන් වන අදහස් පහත ආකාරයට දක්වා තිබුණා.

    එම සටහන් ෆේස්බුක් වල පැතිර තිබුණේ මේ ආකාරයෙන් .

    ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානියා මෙවන් කරුණක් පැවසුවාද ? මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් .

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානියා විසින් මෑතකදී මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇතිද යන කාරණය, ඉන්දීය මාධ්‍ය වාර්තා ඔස්සේ අප විමසා බැලුවා. එහිදී අපට සොයා ගැනීමට හැකිවූ කාරණය වුයේ, පසුගිය ජූලි මස අග පැවති අභ්‍යවකාශ තාක්ෂණය පිලිබද ප්‍රදර්ශනයක දී ඉන්දියාවේ බෙන්ගලුරු හිදී එක්වූ ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානී එස්. සෝමනාත් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් යම් ආකාරයකට විකෘතියකට ලක්කර, ලංකාවේ සමාජ ජාලා හරහා පැතිරෙන බවයි.

    Factcrescendo ඉන්දීය කණ්ඩායම හරහා ද අපට තහවුරු කර ගැනීමට හැකිවුවේ ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානී එස් සෝමනාත් විසින් ලංකාවේ සමාජ මාධ්‍ය හරහා පලවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    බෙන්ගලුරුහි පැවති අභ්‍යවකාශ තාක්ෂනය පිලිබදව වූ ප්‍රදර්ශනයකදී සෝමනාත් විසින් දක්වා තිබුණේ පහත අදහස් 

    “ඉන්දියාවේ මානව අභ්‍යවකාශ පියාසර වැඩසටහන වන “ගගන්යාන්” ලබන වසර අවසන් වන විට සාර්ථක වනු ඇත.එයින් වසර 25 කට පසු අභ්‍යවකාශය ස්ථිර වාසස්ථානයක් බවට පත් කිරීමට ඉන්දියාවට හැකි විය යුතුයි .රුසියාවේ සිට ආපසු පැමිණ ඇති ගගනගාමීන් පුහුණුව ලබමින් සිටින අතර ඔවුන් , ඉදිරි වසර තුළ, ඔවුන් බොහෝ න්‍යායික, පර්යේෂණාත්මක, අනුකරණ ක්‍රියාකාරකම් වලට භාජනය වනු ඇත.”

    ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ අභ්‍යවකාශය මිනිසුන්ට වාසයට සුදුසු තත්ත්වයට පත් කිරීම වැදගත් බවයි. “අනාගතයේදී පෘථිවියේ ජීවය වඳ වී නොයන බවට සහතික කිරීමට පුළුවන් කමක් නැති බවත්, මිනිසුන් වශයෙන් අපි වඳ වී යාමට සූදානම් නෑ සහ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය අභිබවා අභ්‍යවකාශයට ගමන් කර ජීවයට වාසයට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා අභ්‍යවකාශය සහ රොකට් තාක්ෂණය උපයෝගී කර ගැනීම ඉතාමත් වැදගත් .”

    තව දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉන්දියාවට තව දුරටත් අභ්‍යවකාශයේ ගවේෂණය කිරීම අවශ්‍ය බවයි. “අභ්‍යවකාශයට ගොස් එහි වාසය කිරීමට හැකිවීමට  තාක්ෂණික හැකියාවන් දියුණු කිරීම වර්තමාන අපගේ වගකීමක් බවත් ඉන්දියාව නිදහස ලබා වසර 100(2047 වසර ) ඉක්මවන විට අභ්‍යවකාශය ද ඉන්දියානුවන්ගේ ස්ථිර වාසස්ථානයක් බවට පත් කිරීමට අපට හැකි විය යුතු බව මගේ සිහිනයක්” යනුවෙන් ඔහු පැවසීය.

    මේ සම්බන්ධයෙන් වන ඉන්දීය මාධ්‍ය වාර්තාවක් (Indian Express) කියවිය හැකියි. මෙතනින්  Archived

    එසේම ඒ පිලිබඳ ඉන්දියාවේ තවත් ඩිජිටල් මාධ්‍ය ආයතනයක් විසින් පළකර තිබු සටහනක් පහතින්

    https://www.facebook.com/120674037988973/posts/6707243985998579

    එසේම එස්.සෝමනාත් මහතා ජුලි මස 21 වන දා බැංගලෝර් හි පැවති Human Space Flight Expo හි දී ඉහත අදහස් දැක්වූ අවස්ථාවේ වීඩියෝවක් පහතින්

    ඉන්පසුව අප විසින් ඉන්දීය අභ්‍යවකාශ ප්‍රධානියා විසින් සදහන් කරන ලද “ගගනයාන්,” ව්‍යාපෘතිය පිලිබදව සොයා බැලුවා. එහිදී අපට දක්නට ලැබුණේ මෙය පෘථිවියේ පහල කක්ෂයට මිනිසුන් රැගත් යානා යැවීම සම්බන්ධයෙන් වන ව්‍යාපෘතියක් බවයි. දිගු කාලීනව වඩාත් සංකීර්ණ ඉලක්ක වෙතටද ලගාවීම මෙමගින් අපේක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් වන වැඩි විස්තර කියවා බැලිය හැකියි මෙතනින්. Archived

    Also Read : FACT CHECK: අභ්‍යාවකාශගාමී වීරවරියක් වන කල්පනා චවුලා ලාංකික කාන්තාවක් ද?

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News |TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වුවේ ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානියා වන එස්.සෝමනාත් විසින් සමාජ ජාලා සටහනේ දක්නට ඇති ආකාරයේ ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. ඔහු ඉන්දියාවෙ බන්ගලුරුහි පැවති අභ්‍යවකාශ ප්‍රදර්ශනයක් විවෘත කරන අවස්ථාවේ දක්වා ඇති අදහස් විකෘති කරමින් මෙම සමාජ ජාලා සටහන් සකසා ඇති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-08-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.