Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මනුෂගේ හිටපු බිරිය රොෂානා ඔන්ඩච්චි පලකරන ලද සටහනක් ලෙසින් පළවන ව්‍යාජ සමාජ ජාලා සටහන් !

    2023-03-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමාත්‍ය මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුව තුළ නිරන්තරව අදහස් දක්වන චරිතයක්. ඔහුගේ පුද්ගලික ජීවිතයේ සිදුවීමක් ඉලක්ක කරගනිමින් පළවූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධවයි අප මේ අවධානය යොමු කරන්නේ . ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    අමාත්‍ය මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුව තුළ නිරන්තරව අදහස් දක්වන චරිතයක්. ඔහුගේ පුද්ගලික ජීවිතයේ සිදුවීමක් ඉලක්ක කරගනිමින් පළවූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධවයි අප මේ අවධානය යොමු කරන්නේ .

    සමාජ ජාලා සටහන් 

    සමාජ ජාලා සටහන්වල පළව තිබුණේ අමාත්‍ය මනුෂ නානායක්කාර ගේ හිටපු බිරිය වන රොෂානා ඔන්ඩච්චි විසින් මීට දින කිහිපයකට පෙර ෆේස්බුක් සටහනක් පළ කරමින් අමාත්‍යවරයාව දැඩි විවේචනයකට ලක්කර ඇති බවයි.

    මෙම සටහන් මඟින් පෙන්වා දුන්නේ “පාර්ලිමේන්තුවේදී අනිත් අයගේ විශ්‍රාම වැටුප් ගැන දේශනා තිබ්බට ඔයා දුවට ගෙවන නඩත්තු මුදල්වත් හරියට ගෙවන් නෑනේ මනුෂ .ලැජ්ජයි දුවටයි මටයි…ප්ලීස් මට මොකුත් ඕනි නෑ .අඩුම තරමේ දුව ගැනවත් බලන්න .” යනුවෙන් රොෂානා ඔන්ඩච්චි විසින් ෆේස්බුක් සටහනක් මාර්තු 10 වැනිදා තැබූ බවයි.

    Facebook| Archived

    එම සටහනම හුවමාරු වී තිබු තවත් ආකාරයක් පහතින්

    මේ සම්බන්ධයෙන් තවත් බොහෝ සමාජ ජාලා සටහන්ද පැතිර තිබෙන ආකාරයක් නිරීක්ෂණය වූ අතර මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check (කරුණු විමසා බැලීම)

    අප මුලින්ම රොෂානා ඔන්දච්චිගේ ෆේස්බුක් පිටුවට ගොස් ඇය මෙවැනි අදහසක් පවසා ඇතිද යන කරුණ විමසා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ 2023 මාර්තු 10 වැනිදා ඇය එවැනි අදහසක් පළකර නොමැති බවයි. ඉන්පසුව අප ෆේස්බුක් Archives තුළ ද 2023 මාර්තු 10 දින ඇය එවැන්නක් පළකර ඇතිද යන්න සොයා බැලු අතර එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.

    එමෙන්ම ඇයගේ ෆේස්බුක් ගිණුමේ නම ලෙස සදහන් වන්නේ Roshana ලෙස වුවත් සමාජ ජාලා සටහන්හි ඇය පැවසූ බවට පළවන Screenshots වල ඇත්තේ Rosana ලෙසයි.

    ඒ කරුණ මෙන්ම තමන් විසින් කිසිවිටෙකත් මෙවැනි ප්‍රකාශයක් පළකොට නොමැති බව දක්වමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තමබින් රංගන ශිල්පිනි රොෂානා ඔන්ඩච්චි පවසන්නේ මෙම ව්‍යාජ සටහන් නිර්මාණය කොට ඒවා පතුරුවා හැරි අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටයි. එම සටහන පහතින්.

    Archived

    අප විසින් අමාත්‍ය මනුෂගේ මාධ්‍ය ලේකම්ව්රයාගෙන්ද මේ පිලිබඳ විමසා සිටි අතර පැවසුවේ විපක්ෂයේ සිටින එක්තරා දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිත්වය පාර්ලිමේන්තුව තුලදී දැඩිව විවේචනයට ලක් කිරීම නිසා ඇමතිවරයාට විරුද්ධව අදාළ දේශපාලන පක්ෂයට සම්බන්ධ පිරිස අසත්‍ය චෝදනා එල්ලකරමින් සිටින බවයි.

    එසේම ඔහු පවසා සිටියේ ඇමතිවරයා මෑතක දී වඩාත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ප්‍විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුනේ නැති බවයි.

    කෙසේ නමුත් අමාත්‍ය මනුෂ විසින් විසින් ඊට පෙර පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී විදෙස්ගත ශ්‍රමිකයන් සදහා විශ්‍රාම වැටුපක් ලබාදීම යන කරුණ පිළිබඳව අවධානය යොමුකර තිබුණා. 2022 සැප්තැම්බර 26 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඇමති මනුෂ ඇමතිවරයා විසින් “මනුසවි” නමින් විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් දියත් කිරීමේ සමාරම්භක උත්සවය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්වුවා. ඒ සම්බන්ධ විස්තර මෙතනින්. Archived මෑතක දී ද මෙසේ විදේශගත ශ්‍රමිකයන්ට ලබාදෙන ප්‍රසාද අතර විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන ද ඇතුළත්ව, අමාත්‍ය මනුෂ අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින්

     අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුයේ රංගන ශිල්පිනි රොෂානා ඔන්ඩච්චි විසින් සමාජ ජාලා සටහනක් මාර්තු මස 10 වන දින පළ කරමින් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාව විවේචනය කළ බවට පළවන සමාජ ජාලා සටහන් ව්‍යාජ ලෙස නිර්මාණය කළ අසත්‍ය සටහන් බවයි. ඇය මාර්තු මස 10 එවැනි දෙයක් පළ නොකළ බව රොෂානා විසින් සිය නිල ෆේස්බුක් ගිණුම හරහාද තහවුරු කර සිටිනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-03-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.