Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ශ්‍රී ලංකාවේ වෙසෙන මධ්‍යම පන්තියට සහ ධනවත් පුද්ගලයන්ට සිය ධනය දුප්පතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ලෙසට ඕස්ට්‍රේලියාවෙන් අනතුරු හැගවීම්?

    2022-06-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය හමුවේ අනාගතයේදී මෙම අර්බුදකාරී තත්වයේ ස්වභාවය කෙසේ විය හැකිද ? පවතින තත්ත්වය තව දුරටත් දරුණු තත්ත්වයට පත්විය හැකිද ? මේ පිලිබදව විවිධ පුරෝකථන සමාජ ජාලා හරහා ව්‍යාප්ත වනවා. මින් සමහර කරුණු නොමග යවන සුළුයි. මේ, ඕස්ට්‍රේලියා

    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය හමුවේ අනාගතයේදී මෙම අර්බුදකාරී තත්වයේ ස්වභාවය කෙසේ විය හැකිද ? පවතින තත්ත්වය තව දුරටත් දරුණු තත්ත්වයට පත්විය හැකිද ? මේ පිලිබදව විවිධ පුරෝකථන සමාජ ජාලා හරහා ව්‍යාප්ත වනවා. මින් සමහර කරුණු නොමග යවන සුළුයි. මේ, ඕස්ට්‍රේලියානු ආර්ථික සගරාවක පලවූ බවට සදහන් කරමින් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිර යන එවැනි නොමඟ යවන සුළු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් !!

    සමාජ ජාලා සටහන් 

    මේ ෆේස්බුක් හරහා ව්‍යාප්ත වූ සටහනක සදහන්ව තිබුණේ Economic Times නම් ඕස්ට්‍රේලියානු සඟරාවට ආචාර්ය හම්දින් සහ මාටින් ලුක් නමැති පුද්ගලයන් දෙදෙනෙක් විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනය ලෙසයි.

    ***ඉදිරි ඔක්තෝම්බර් වන විට ලංකාවේ සිදුවන ආර්තික සහ සමාජීය වෙනස් කම් සහ ඔබගේ ආරක්ශාව **** Economic Times Australia 22/4/22 ඇසුරෙන්***

    (විද්‍යාත්මකව, සරලව සහ කෙටියෙන් සැමට පැහැදිලි ලෙස) 

    පහත සදහන් සියල්ල මාගේ නිගමනයන් නොව economic times සඟරාව සමීක්ෂණයක් කර ලබාගත් තොරතුරුයි

    1.ඩොලරය 450/= දකවා ගමන් කරයි.

    2.‍රජයේ රෝහල් 80% අඩපන වෙයි.

    ශල්‍යකර්ම ඇතුළු හදිසි ප්‍රතිකාර බෙහෙත් සහ වෛද්‍ය හිඟය නිසා නවතී.

    3.රජයේ පාසල් වල අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව ඇනහිටින අතර Onine ක්‍රමවේද ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු වෙයි.නමුත් ගම්බද සිටින දරුවන්ගේ ඉගෙනීම සම්පූර්ණයෙන්ම ඇණහිටී

    4.තෙල් නොමැත

    තෙල් මිල octane 92 600/= දක්වාද diesel 600/= දක්වාද ඉහල යයි.රට තුල 50% ඉන්ධන ආශ්‍රිතවසිදුවන ක්‍රියාකාරකම් අක්‍රීය වෙයි

    එමෙන්ම රට තුළ කිසිදු තෙල් සංචිතයක් නොමැතිව යයි(ආසන්න සති දෙකකට)

    5.ආහාර හිඟය

    වී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ලංකාවට පැමිණේ.සලාක ක්‍රමයට සහල් නිකුත් කිරීම සිදුවෙයි.අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීමන් පෝෂණය තත්ත්වයන් උග්‍ර වේ.කෙටියෙන්ම රටේ ආහාර නොමැතිව පාරේ ඉන්න සුනඛයන් පවා මිය යයි.මන්දපෝෂණය 6% සිට 17% දක්වා වැඩි වෙයි.

    5.පෞද්ගලික අංශයේ රැකියා වලින් 30-40% අහිමිවෙයි.විරැකියාව 12% සිට 30% දක්වා වැඩි වෙයි.ආයෝජන කලාපවල රැකියා 20% නැතිවී යයි.ප්‍රධාන සමාගම් වලින් 50% කොටස්(Global orders) බංග්ලාදේශය වියට්නාමය ඉන්දියාව වෙත ගමන් කරයි.

    6.මංකොල්ලකෑම් මිනීමැරීම් ස්ත්‍රී දූෂණ

    රටේ ප්‍රධානම ගැටලුව බවට පත්වෙන්නේ මෙයයි. ආරක්ෂක අංශ සහ රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී ඉන් පසු රට තුළ නීතියේ ස්වාධිපත්‍ය යක් නොමැතිවී යයි.විශේෂයෙන් අඩු අධ්‍යාපනයක් ඇති දුගී ජනතාව මංකොල්ල කරුවන් බවට පත් වෙයි.ඔවුන් සංවිධානාත්මකව නිවාස කොල්ලකයි,මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණ සිදු කරයි.පාරේ තනිව ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් වගේම වාහනයක්ද නවතා තැබිය නොහැකි තත්ත්වයක් උදා වෙයි.

    Dr. P.H Hamdeen

    Martin Luke

    Economic Times Australia 22/4/2022

    ***************************************************

    ***************************************************

    මේ පෝස්ටුව වැදගත් වන්නේ මධ්‍යම පාන්තිකයන් සහ ඉහල පාන්තිකයන්ටයි.ඔබගේ දේපල ආරක්ෂා කරගැනීමට අද පටන් ආරක්ෂක ක්‍රමෝපායන් යොදන්න.ගම් මට්ටමින් සංවිධානය වෙන්න.ඔබගේ නිවස අසන්නයේ සිටින අඩු ආදායම් පවුල් පිලිබද අවදානයෙන් ඉන්න.ඔබට හමුවන මීලග මංකොල්ලකරුවන් ස්ත්‍රී දූෂකයන් මිනීමරුවන් බවට පත්වන්නේ ඔවුන්‍ ය.එම නිසා කිසිවිටෙකත් අනෙකා විශ්වාස නොකරන්න

    Facebook | Archived 

    එම සටහන් වට්ස්ඇප් වල ව්‍යාප්තව තිබුණේ මේ අයුරින් .

    මේ පිලිබදව විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම සොයා බැලුවේ Economic Times නම් ප්‍රධාන ධාරාවේ සඟරාවක් ඕස්ට්‍රේලියාවේ පවතිනවද යන කරුණයි. එහිදී එවන් සගරාවක් පිලිබදව තොරතුරු අපට සොයා ගැනීමට හැකිවුයේ නැහැ .

    ඉන් අනතුරුව අප විමසා බැලුවේ මෙහි නම සදහන් කතුවරයන් දෙදෙනා වන ආචාර්ය හම්දින් හෝ මාර්ටින් ලුක් යන අය පිලිබවයි. ඔවුන් විසින් රචිත ලිපි අන්තර්ජාලයේ පලව ඇද්ද , මෙම වේගයෙන් පැතිර යන සමාජ ජාල සටහනට සමාන ලිපි ඉංග්‍රීසි බසින් වෙබ් අඩවියක හෝ සදහන්ව තිබේද යන්න පිලිබදවත් අප සොයා බැලුවා. එහිදී අපට වටහා ගත හැකි වුයේ ද එවන් දේ නොපවතින බවයි.

    ආචාර්ය හම්දින් නමින් හදුන්වන පුද්ගලයකු විසින් රචිත ලිපි  Google Scholar හෝ වෙනත් ශාස්ත්‍රීය ලිපි පවතින ස්ථානය ක පවතීද යන්න පිලිබදවත් අප සොයා බැලුවා. එහිදී අපට නිරීක්ෂණය වුවේ මෙම ලිපිය මෙන්ම මෙහි කතුවරුන් දෙදෙනා යයි හදුන්වන නම් දෙකද මනස්කල්පිත මිසක සත්‍ය චරිත /සත්‍ය වශයෙන් පලවූ ලිපියක් නොවන බවයි.

    මේ පිලිබදව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සදහා අප ඔස්ට්‍ර්ලියාවේ සිටින මාධ්‍යවේදියෙක්  සහ මාධ්‍ය පිළිබද පර්යේෂකයකු වන  ආමන්ත පෙරේරා ව ද සම්බන්ධ කර ගත්තා. ඔහු අපට තහවුරු කර සිටියේ ද ඕස්ට්‍රේලියාවේ මෙවන් නමක් ඇති සගරාවක් හෝ මෙය රචනා කරන ලද බව පැවසෙන පුද්ගලයන් නොමැති බව සහ මෙය සම්පුර්ණයෙන්ම ප්‍රබන්ධයක්  විය හැකි බවයි.

    සටහන : කෙසේ වෙතත් ඉන්ධන මිල ආදිය සම්බන්ධව මෙම සටහන්හි ඇති ඇතැම් කරුණු අනාගතයේදී සත්‍ය වීමේ / නොවීමේ හැකියාවක් පවතින නමුත් අපගේ කරුණු විමර්ෂණය සිදුකර ඇත්තේ මෙය ඕස්ට්‍රේලියානු සගරාවක හෝ වෙනත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක පලවූ කරුණු නොවන බව සම්බන්ධයෙන් පමණි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion( අවසාන නිගමනය )

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ Economic Times ලෙස හදුන්වන ඕස්ට්‍රේලියානු සගරාවක් නොමැති බව සහ මෙවන් ලිපියක් ලිපියක් ඕස්ට්‍රේලියාවේ මුල් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක හෝ පලව නොමැති බවයි. එමෙන්ම මෙහි සදහන් කතුවරුන්ගේ නම් ද ප්‍රකට නැත. වඩාත් පැහදිලිව කිව හැකි කාරණය නම් සමාජ ජාලා වල පලවන මෙම පුරෝකථන මනස්කල්පිත විස්තරය යොදාගනිමින් නිර්මාණය කර අත්තක් මිසක සත්‍ය නොවන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-06-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.