Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නායකයන් අළලා අනුර කුමාර සම්බන්ධකර ගනිමින් පැතිරෙන ව්‍යාජ සටහන් පෙළක්!

    2022-07-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    UPDATE: 7/1/2023 අනුර කුමාර දකුණු ආසියාවේ පරමාදර්ශීය දේශපාලන නායකයා බවටත් ලංකාවේ ජනතාව විසින් ඔහු ජනාධිපති ලෙස පත් නොකරන්නේ ඇයිද යන්න නවසීලන්ත අගමැතිනි ජසීන්ඩා ආඩන් ප්‍රශ්න කර තිබු බවටත් සමාජ ජාලා සටහන් පැතිරෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු ක

    UPDATE: 7/1/2023

    අනුර කුමාර දකුණු ආසියාවේ පරමාදර්ශීය දේශපාලන නායකයා බවටත් ලංකාවේ ජනතාව විසින් ඔහු ජනාධිපති ලෙස පත් නොකරන්නේ ඇයිද යන්න නවසීලන්ත අගමැතිනි ජසීන්ඩා ආඩන් ප්‍රශ්න කර තිබු බවටත් සමාජ ජාලා සටහන් පැතිරෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ මෙම සමාජ ජාලා සටහන්ද කිසිඳු මුලාශ්‍රයකින් තොරව 2021 වසරේ පමණ සිට සමාජ ජාලා හරහා පැතිරෙන ව්‍යාජ සටහන් බවයි. නවසීලන්ත අගමැතිනි ජසීන්ඩා මෙවන් ප්‍රකාශයක් සිදු නොකළ බවට විශ්වාසනීය මුලාශ්‍ර ඔස්සේ කරුණු තහවුරු වුණා.

    සමාජ ජාලා හරහා එම නොමගයවන සුලු සටහන් පැතිර තිබුණේ පහත ලෙසින්.

    Facebook | Archived

    Initial Story :(Below)

    මීට මාස දෙකකට පමණ පෙර ඇමෙරිකානු තානාපතිනිය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් පැවැත්වුණා . ඒ සම්බන්ධ සේයාරු සහ විවිධ සටහන් සමාජ ජාලාවල බොහෝ ලෙස පැතිරුණා. එහිදී ලබාගත් ඡයාරූප යොදාගනිමින් සමාජ ජාලා වල සංසරණය වන ව්‍යාජ සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක් මේ .

    සමාජ ජාලා සටහන් 

    අනුර ජනපති ධුරයට පත්වන බවත් ඇමෙරිකානු තානාපතිනිය ජාත්‍යන්තර මාධ්‍යයට  පැවසූ බවට වන සටහන් සමාජ ජාලාවල පැතිර තිබුණේ පහත අයුරින්.

    Facebook | Archived 

    මේ පිලිබදව සොයා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම අවධානය යොමුකළේ ඇමෙරිකානු තානාපතිනිය විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර බවට ජාත්‍යන්තර හෝ දේශීය මාධ්‍ය වාර්තා කර ඇතිද යන කරුණයි. එහිදී අපට එවන් වාර්තා නොමැති බවට තහවුරු කර ගැනීමට හැකිවුණා.

    ඉන් අනතුරුව අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද විමසුමක් සිදු කල අතර ඔවුන් පැවසුවේ ජවිපෙ නායකයා ජනපති වන බවට ඇමෙරිකන් තානාපතිනිය විසින් ප්‍රකාශයක් කල බවට පැතිර යන පුවත අසත්‍ය බවයි.

    අප නෙත් ගොසිප් වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩලයෙන්ද මෙම සමාජ ජාලා සටහන් සැබැවින්ම ඔවුන් විසින් පළකර ඇතිද යන්න විමසා බැලුවා. ඔවුන් පැවසුවේ තමන් විසින් මෙවන් පුවතක් පළකර නොමැති බව සහ සිය නිල සන්නාමය (logo) අවභාවිතා කරමින් මෙය සකසා ඇති බවයි. එමෙන්ම මෙහි භාවිතා කර ඇති ෆොන්ට් වර්ගය තමන් විසින් භාවිතා කරන එකක් නොවන බවත් ඔවුන් පැවසුවා. නෙත් ගොසිප් සමාජ ජාලා පිටු නිරීක්ෂණය කල අපටද තහවුරු වූ කාරණය නම් ඔවුන් එවන් පුවතක් පළකර නොමැති බවයි.

    ඉන් අනතුරුව අප කොළඹ ඇමෙරිකන් තානාපති කාර්යාලය මගීන්ද මේ පිළිබදව විමසීමක් සිදු කල අතර එහි නිලධාරිණියක් ඇමෙරිකන් තානාපතිවරිය විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව මීට මාස කිහිපයකට පෙර මුණ ගැසුණු අවස්ථාවේ ගන්නා ලද සමාජ ජාල තුළ පැතිර පවතින මෙම සේයාරුවේ මුලාශ්‍රය ලෙස පවතින ට්විටර් සටහනක් අප වෙත යොමු කළා. එමෙන්ම ඇය තහවුරු කර සිටියේ මෙම සමාජ ජාල වල පැතිරෙන ආකාරයට අනුර කුමාර ජනාධිපති ධූරයට පත්වන බවට වන ප්‍රකාශයක් ඇමෙරිකන් තානාපතිවරිය විසින් සිදුකර නොමැති බවයි.

    පසුගිය මැයි  මස 14 වනදා බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මුලස්ථානයට පැමිණි ඇමෙරිකන් තානාපතිවරිය විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකව මුණ ගැසී තිබුණා. එම හමුව සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන තානාපතිවරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස ගත හැකි ක්‍රියාමාර්ග පිලිබදව සාකච්ඡා කිරීමට පුළුල් පරාසයක් නියෝජනය වන පරිදි  දේශපාලන නායකයන් මුණගැසී සාකච්ඡා කිරීමේ එක් පියවරක් ලෙස මෙසේ ජවිපෙ නායකයාවද  මුණ ගැසී සාකච්ඡා කල බවයි. මෙමගින් රජය මගින් මෙම ආර්ථික අර්බුධයට විසදුම් ලෙස සියලු දෙනාවම එකතු කරගනිමින් ගන්නා උත්සාහය ධෛර්යමත් කිරීමට අපේක්ෂා කරන බවද ඇයගේ ට්විටර් සටහනේ සදහන් වෙනවා.

    Archived

    ඒ සම්බන්ධයෙන් ජවිපෙ නායකයා තබා තිබු ෆේස්බුක් සටහනයි මේ .ඔහු එමගින් පවසා සිටින්නේ පවතින ආර්ථික හා දේශපාලන කරුණු සම්බන්ධයෙන් වන අදහස් හුවමාරුවක් එහිදී සිදුවූ බවයි.

    https://www.facebook.com/anurakumara/posts/pfbid0tqDLewdpL9ZhDK6RTY6eAdFu3Uiqe3wVCxLXkzcxCPyj6iCsrNUtcAn65mjFKy6gl

    Archived

    ඒ සම්බන්ධයෙන් පළව තිබු පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්.Archived & Archived

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News |TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වූ කාරණය වන්නේ අනුර කුමාර දිසානායක, ජවිපෙ නායකයා ජනාධිපති ධුරයට පත්වනු ඇති බවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් ජාත්‍යන්තර මාධ්‍යයට පවසා නොමැති බවයි. ඒ බව ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරින්ද තහවුරු කළා. නෙත් ගොසිප් මගින්ද සමාජ ජාලා වල සදහන් ආකාරයේ පුවතක් වාර්තා කර නැහැ. ඔවුන් පවසන්නේ හුමවාරු වන්නේ ඔවුන්ගේ නිල සන්නාම අවභාවිත කරමින් සකසන ලද නොමගයවන සුලු පුවතක් වන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-07-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.