Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය සටහන් පෙළක්!

    2022-06-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂා

    ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක, අනුර කුමාර දිසානායක මහතා විසින් පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    ජවිපෙ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පුවත් පතකට කළ ප්‍රකාශයක් යනුවෙන් හඟවමින් , “කහ අඳින්න කලින් පෙරලන්න” යන සිරස්තලය සහිතව පළවූ පුවතක් ලෙස ෆේස්බුක් ඔස්සේ ඡායාරූප සටහනක් පළ වී තිබුණි. එහි අන්තරගත්යේ දක්වා තිබුණේ..

    “ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දේ ඇති අභියෝග ජය ගැනීමට නම් කහ පැලැඳ ක්‍රිකට් කණ්ඩායමකට ස්තූති කිරීම පමණක් නොසෑහෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර සිටිනවා.” යනුවෙන්

    Facebook | Archived Link Facebook | Archived Link

    එම සටහන් ෆේස්බුක් පරිශීලකයින් විසින් ෆේස්බුක් ඔස්සේ සංසරණය කර ගෙන තිබුණේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා” යනුවෙන් ප්‍රකාශ කර තිබුණු බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවා.

    නමුත් එවැනි පුවතක් වාර්තා වී නොතිබුණ. අප මේ පිළිබඳව ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රන්ජන් මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා.

    ඔහු සඳහන් කළේ, මෙවැනි ප්‍රකාශයක් ජවිපෙ නායක විසින් සිදු නොකළ බවයි.

    එමෙන්ම සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් “කහ අඳින්න කලින් පෙරලන්න, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දේ ඇති අභියෝග ජය ගැනීමට නම් කහ පැලැඳ ක්‍රිකට් කණ්ඩායමකට ස්තූති කිරීම පමණක් නොසෑහෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර සිටිනවා.”යනුවෙන් සඳහන් කළ පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරවක වාර්තා කර තිබුණේද, යන්න අප නිරීක්ෂණය කරනු ලැබුවා.

    ඒ අනුව අපට දැක ගන්නට ලැබුණේ,  පසුගිය 16 වන දා මව්බිම පුවත් පතේ, මෙම පුවතේ ආකෘතියට වෙනත් පුවතක් පළ වී ඇති බවයි.

    එම පසුබිම සහිත පුවතේ සඳහන් වී තිබුණේ, “අදින් පස්සේ තෙල් දෙන හැටි ජනපති-අගමැති ජනතාවට කිව යුතුයි” යන සිරස්තලයයි. “තෙල් ගේන්න සල්ලි නෑ කියලා තියෙන සම්පත් ටික නම් විකුණන්න ලෑස්ති වෙන්න එපා” යනුවෙන් ද දක්වා තිබු එම මුල් පිටුව පහතින්.

    Mawbima|Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සංස්කරණය කරන ලද ඡායාරූපය සහ සත්‍ය පුවත් පතේ මුල් පිටුවේ පළවූ ලිපියේ කොටස අතර සංසන්දනය පහතින්

    එමෙන්ම අප කළ විමසීමේදී ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක සඳහන් කළේ ද , සුනිල් හඳුන්නෙත්ති මහතා එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන දැඩි අර්බුධකාරී තත්ත්වය හමුවේත් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රිකට් තරගාවලියක නිරත වූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට කෘතගුණ සැලකීම පිණිස කහ පාටින් සැරසී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඊයේ(24)දින අතිවිශාල ප්‍රේක්ෂකයන් පිරිසක් රැස් වුණා. මේ පිළිබඳව පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් සඳහන් කළ ප්‍රකාශ ලෙස, “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කහ වර්ණය ඇඳීම සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කළ ප්‍රකාශ ලෙස හුවා දක්වමින් පළ කර තිබුණේ අසත්‍ය සහ ව්‍යාජ සටහන් වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-06-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.