Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මේ ලංකාවේ ජලාශයක වාන් දොරටු විවෘත කර ඇති අවස්ථාවක් නොවේ!

    2023-11-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විදෙස් රටවල සිදුවීම් ලංකාවේ දේ ලෙස කාලීන මාතෘකා ඔස්සේ සමාජ ජාලාවල හුවමාරුවීම දැන් බොහෝ කලක සිට සිදුවන දෙයක්. මේ අවධානය යොමුවන්නේ එවන් වීඩියෝවක් පිලිබදවයි. සමාජ ජාලා සටහන් : විශාල ජලාශයක වාන් දොරටු විවර කර ,විශාල ජල ප්‍රමාණයක් පිටවන අවස්ථාවක වීඩියෝවක් සමාජ

    විදෙස් රටවල සිදුවීම් ලංකාවේ දේ ලෙස කාලීන මාතෘකා ඔස්සේ සමාජ ජාලාවල හුවමාරුවීම දැන් බොහෝ කලක සිට සිදුවන දෙයක්. මේ අවධානය යොමුවන්නේ එවන් වීඩියෝවක් පිලිබදවයි.

    සමාජ ජාලා සටහන් :

    විශාල ජලාශයක වාන් දොරටු විවර කර ,විශාල ජල ප්‍රමාණයක් පිටවන අවස්ථාවක වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරුවූ අතර එම සටහන සමග දැක්වුණේ එය ලංකාවේ සිදුවීමක් බවයි.

    Facebook | Archived 

    මේ පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    සත්‍ය කරුණු විමසා බැලීම (Fact Check)

    ඉහත වීඩියෝව මෙරට ජලාශයක වාන් දොරටු විවෘත කිරීමේ අවස්ථාවක් ද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන මාධ්‍ය  ධාරා වල මෙම වීඩියෝව පළ වී තිබුණේ ද යන්න පිළිබඳ විමර්ශනය සිදු කළේ, ජලාශයක වාන් දොරටු විවෘත කිරීමේදී ඒ පිළිබඳ මාධ්‍ය වාර්තා කරන බැවිනි.

    මෑතකදී දැදුරුඔය ජලාශ‌යේ වාන් දොරටු හයක්, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක්, ඉගිනිමිටිය , කාසල්රී, සමනල වැව ඇතුළු ජලාශ රැසක වාන් දොරටු විවෘත කළ බවත් පුවත් වාර්තා කර තිබුණා. නමුත් අපට එම වාන් දොරටු විවෘත කිරීමෙන් පසු වාර්තා කර තිබූ වීඩියෝ අතර ඉහත ආකාරයේ වීඩියෝවක් දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ රූප රාමුවල ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේදී එහි මුල් වීඩියෝව අපට සොයා ගැනීමට හැකිවුණා.

    එහිදී අපට දැකගන්නට ලැබුණේ ,මෙය ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ Mahi Bajaj Sagar නම් වේල්ල බවයි. මෙම වීඩියෝව  උඩුගත කර තිබුණේ මාස කිහිපයකට පෙරයි. එම වීඩියෝව පහතින්.

    View this post on Instagram

    A post shared by wild hemu 390 (@adventure_with_hemu_31)

    එමෙන් ම එම වීඩියෝව YouTube ඔස්සේ ද, පළ වී තිබුණේ මෙලෙසින්.

    මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයට ලැබුණු වර්ෂාව සම්බන්ධයෙන් සහ මෙහි වාන් දොරටු විවර කර තැබීම සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රධාන පෙළේ මාධ්‍යද වාර්තා කර තිබුණා. හින්දුස්තාන් ටයිම්ස් වාර්තාවක් මෙතනින්. 

    මහී බජාජ් සාගර් වේල්ල

    මහී යනු බටහිර ඉන්දියාවේ පිහිටි ගංගාවකි. එය මධ්‍ය ප්‍රදේශ්හි නැඟී රාජස්ථානයේ වාගාඩ් ප්‍රදේශය හරහා ගලා ගොස් ගුජරාටයට ඇතුළු වී අරාබි මුහුදට ගලා යයි. මහී ගඟ බොහෝ මිනිසුන් විසින් වන්දනාමාන කරන අතර එහි වෙරළ තීරයේ පන්සල් සහ සිද්ධස්ථාන රාශියක් ඇත. ගංගාවේ විශාලත්වය නිසා එය මහීසාගර් ලෙස ජනප්‍රියයි. මහී බජාජ් සාගර් වේල්ල යනු මහී ගඟ හරහා ඇති වේල්ලකි. එය ඉන්දියාවේ රාජස්ථානයේ බන්ස්වාරා දිස්ත්‍රික්කයේ බන්ස්වාරා නගරයේ සිට කිලෝමීටර් 16ක් දුරින් පිහිටා ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වූවේ, මෙරට වේල්ලක වාන් දොරටු විවෘත කර ඇති අවස්ථාවක් නොව මෙය ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ මහී බජාජ් සාගර් වේල්ලේ වාන් දොරටු විවෘත කර ඇති අවස්ථාවක වීඩියෝවක් වන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-11-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.