Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අරගලයට සම්බන්ධවූ පුද්ගලයන් ශ්‍රී ලංකා ධජයෙන් අමුඩ ගැසූ බවට පළවන සටහන් අසත්‍යයි !

    2023-08-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය වසරේ මුළු ලොවක අවධානය දැඩි වශයෙන් මෙරටට යොමු වූ අරගල සමහ හා සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නොමග යවන සුළු සටහන් හුවමාරු වනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ශ්‍රී ලංකා ධජයෙන් අම

    පසුගිය වසරේ මුළු ලොවක අවධානය දැඩි වශයෙන් මෙරටට යොමු වූ අරගල සමහ හා සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නොමග යවන සුළු සටහන් හුවමාරු වනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ශ්‍රී ලංකා ධජයෙන් අමුඩ ගැසූ අයගේ අරගලයට දායක නොවූවෙමි ” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ,  එම ඡායාරූපයේ සිටින පුද්ගලයා ශ්‍රී ලංකා ජාතික ධජයෙන් ‘අමුඩ’ ඇඳ සිටින බවට දක්වමින්.

    Facebook | Archived Link

    2022 වසරේ ද, ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, ද, “රටේ ජාතික කොඩියෙන් අමුඩ ගහනවා” යන තේමාවෙනි.

    Facebook | Archived Link

    මෙම ඡායාරූපයේ සත්‍ය වශයෙන් ම ජාතික ධජය ඇඳ සිටි අවස්ථාවක් බවට බොහෝ ෆේස්බුක් පරිශීලකයින් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය වසරේ අරගලය සමයේදී වූ විශේෂ සිදුවීම් වෙත අප ප්‍රථමයෙන් ම අපගේ අවධානය යොමු කරනු ලැබූ අතර ඒ අතරින් පාර්ලිමේන්තුව අසල පැවැත් වූ විරෝධතාවයකදී ආරක්ෂිත වැටවල යට ඇඳුම් එහි වනා තැබීම සිදු කළ විරෝධතාවය හේතුවෙන් අප එම විරෝධතාවය සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පරීක්ෂා කරනු ලැබුවා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා ඇඳ සිටි වස්ත්‍රය මෙරට ජාතික ධජය නොවන බවටයි.

    සුමුදු ගුරුගේ නමැති එම පුද්ගලයා විසින් ද, සිය සත්‍ය ඡායාරූපය 2022 වසරේ මැයි මස පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එම ඡායාරූපය රැගත් 2022 වසරේ මැයි මස පළ වී තිබූ තව ත් ෆේස්බුක් සටහනක් මෙතනින්. Archived Link

    එමෙන් ම සුමුදු ගුරුගේ විසින් ඇඳ සිටි සත්‍ය වස්ත්‍රයේ වෙනස් අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් ද, 2022 වසරේ මැයි 06 වන දා පුවත් වෙබ් අඩවියක පළ වී තිබූ අතර එම ඡායාරූපයේ ද, ඉහත සඳහන් පුද්ගලයා ඇඳ සිටින වස්ත්‍රය ලෙස දැක ගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා ධජය ඇති වස්ත්‍රයක් නොවේ.

    mawratanews | Archived Link Thecolombopost| Archived Link

    Twitter පණිවිඩයක ද, ඉහත ඡායාරූපය පළ වී තිබුණේ මේ අයුරින්.

    එමෙන් ම එම වස්ත්‍රයේ ශ්‍රී ලංකා ධජය නොමැති බව ට එම අවස්ථාවේ ලබා ගත් ප්‍රධාන මාධ්‍ය ධාරා වීඩියෝවකද දැක්වුණේ මෙලෙසින් තව ත් වීඩියෝවක් මෙතනින්.

    ඒ අනුව පැවසිය හැක්කේ සුමුදු ගුරුගේ නමැති ඉහත ඡායාරූපයේ සඳහන් පුද්ගලයා විසින් එම අවස්ථාවේ ඇඳ සිටින සත්‍ය වස්ත්‍රය ජාතික ධජය රැගත් වස්ත්‍රයක් හෝ ජාතික ධජය නොවන බවත් ය. එම සත්‍ය ඡායාරූපය සංස්කරණය කරමින් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඡායාරූපය පළ කර ඇති බවයි.   

    සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ අරගල සමයේදී පාර්ලිමේන්තුව අසල සිදු කළ විරෝධතාවයදී එහි සිටි පුද්ගලයෙන් විසින් ජාතික ධජය ඇඳ සිටි අවස්ථාවක් ලෙසට දක්වා ඇති ඡායාරූප සටහන සංස්කරණය කරන ලද ඡායාරූපයකි. එහි සත්‍ය ඡායාරූපයේ එලෙසින් ජාතික ධජය දැක්වෙන වස්ත්‍රයක් නොවන බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-08-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.