Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ත්‍රෛලෝක විජය පත්‍ර වගාව මෑතකදී  ලංකාවේ නීතිගත කර ඇති බවට පළවන නොමගයවන සුලු සටහන් !!

    2023-08-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රේක්ෂකයින්, පාඨකයින් ඇඳබැඳ තබා ගැනීම සඳහා ඇතැම් අවස්ථා වලදී මාධ්‍ය ආයතන විසින් පුවත් හි ශීර්ෂ පාඨ නොමග යන සුළු අන්දමින් පළ කරන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ප්‍රේක්ෂකයින්, පාඨකයින් ඇඳබැඳ තබා ගැනීම සඳහා ඇතැම් අවස්ථා වලදී මාධ්‍ය ආයතන විසින් පුවත් හි ශීර්ෂ පාඨ නොමග යන සුළු අන්දමින් පළ කරන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් සංසරණය වූ සටහන නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    කංසා පොඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අවසර යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වූයේ ශ්‍රී ලංකාව තුළ කංසා ළඟ තබා ගැනීමට අවසර ලබා දුන් බව ටයි.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පළ වී තිබුණා ද, යන්න පරීක්ෂා කළ ත්, එවැනි පුවතක් පළ වී නොතිබුණි. මෙම පුවත පළ වී ඇති බව ට දක්වා තිබූ හිරු නිල ෆේස්බුක් පිටුව අප පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ මෙම පුවත සැබවින් ම පළ වී තිබූ බව ත්,නමුත් ඔවුන් මෙහි සම්පූර්ණ විස්තර ඇතුළත් කර ඇති බව ට දක්වා තිබූ ඔවුන්ගේ නිල පුවත් වෙඩ් අඩවි සබැඳිය පරීක්ෂා කිරීමේදී ඊට අදාළ පුවතින් දැක්වුණේ, මෙය මෙරට සිදුවීමක් නොව, වැඩිහිටියන් සඳහා කංසා ග්‍රෑම් 25ක් තම සන්තකයේ තබාගැනීමට ජර්මානු පාර්ලිමේන්තුව අවසර ලබා දී ඇති බවයි.

    Hiru

    කෙසේ වෙතත් අදාළ පුවතේ සබැඳිය නොමැති ව මෙම ෆේස්බුක් සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ගැනීම හේතුවෙන් මෙරට දී කංසා ළඟ තබා ගැනීමට හැකි බව ට බොහෝ දෙනෙකු නොමග ගොස් තිබුණා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ත්‍රෛලෝක විජය පත්‍ර වවන්න අවසර, ළග තියාගන්න පුළුවන් ප්‍රමාණය මෙන්න” යනුවෙන් සඳහන් කරමින්  ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් ෆේස්බුක් පිටුවක පළ වූ පුවතක් සමාජ ජාලා හරහා සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම ෆේස්බුක් සටහන හේතුවෙන් බොහෝ දෙනෙකු නොමග ගොස් තිබුණේ මෙරට ත්‍රෛලෝක විජය පත්‍ර(ගංජා/කංසා) පැළ කිරීම ට අවසර ලබා දුන් බවටයි.

    Facebook | Archived Link

    එම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    සත්‍ය වශයෙන් ම මෙරට ‘ගංජා’ ශාකය වැවීමට අවසර හිමි වී ඇත් ද, පිළිබඳව අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම මෙරට කංසා වගාවන් සිදු කිරීමට නීති සම්මත වූ බවට  අනෙක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂාවක් සිදු කළා.

    නමුත් අපට එවැනි පුවතක් වාර්තා වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

    ඉන් අනතුරුව අප ඉහත සටහන පළ කර තිබූ බවට දක්වා තිබු ‘හිරු News’ නිල ෆේස්බුක් අඩවියේ එවැනි පුතක් පළ කර ඇත් ද, යන්න පරීක්ෂාවට ලක් කළ අතර  “ත්‍රෛලෝක විජය පත්‍ර වවන්න අවසර ළග තියාගන්න පුළුවන් ප්‍රමාණය මෙන්න” යනුවෙන් ශීර්ෂ පාඨය සඳහන් කළ පුවතක් එහි පළ වී ඇති බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන් ම එම පුවතේ විස්තරය ඇතුළත් ඔවුන්ගේ වෙබ් අඩවියේ සබැඳිය පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුවේ, කංසා භාවිතය සහ වගාව නීතිගත කර තිබෙන්නේ මෙරට නොව ජර්මනියේ බව යි. එම පුවත මෙතනින්. Archived Link

    නමුත් මෙම සටහනේ සබැඳිය නොමැතිව එම ඡායාරූපය පමණක් සමාජ මාධ්‍ය හරහා සංසරණය කර ගැනීම තුළින් මෙලෙසින් නොමග යෑමට තුඩු දෙනු ලබනවා.

    නොමග යන සුළු ශීර්ෂ පාඨය ඇතුළත් ඉහත සටහන සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් ෆේස්බුක් පරිශීලකයින් එම සටහනට දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    කෙසේවෙතත් පසුගිය නොවැම්බර් 14 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය අයවැය කතාවේදී කංසා බෝගය අපනයනය සඳහා ඇති හැකියාව සොයා බැලීමට තමන් යෝජනා කරන බව ත්, ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බව ත්, පැවසූවා. 

    එමෙන් ම පසුගිය මැයි 26 වන දා මෙරට ආයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකදී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය හිමිවූ බවයි. එම අවස්ථාව මෙතනින්.

    නමුත්, ආයුර්වේද පනත සම්මත වනතුරු රට තුළ කංසා කලාප පිහිටුවීමේ හැකියාවක් නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පසුගිය ජූලි 6 වන දා සඳහන් කළා.

    පාරම්පරික ඖෂධ නිෂ්පාදනයට ආයුර්වේද වෛද්‍යවරුන් යොදාගන්නා කංසා වගා කිරීමට නෛතික බලය ලැබෙන පරිදි 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කර සම්මත කිරීම සදහා  පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන බව ද රාජ්‍ය ඇමතිවරයා මෙහිදී පැවසූවා. 

    ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව රටට ආදායමක් උපයාදීමේ අරමුණින් අපනයනය සඳහා කංසා කලාප පිහිටුවීමේ හැකියාව ලැබෙන බව ත්, සඳහන් කරමින් අමාත්‍යවරායා වැඩිදුරට ත් සඳහන් කළේ, ආයුර්වේද නිෂ්පාදන සඳහා ඖෂධ වගාකිරීමේදී පැරණි පනත යටතේ බාධා රාශියක් තිබෙන බව ත්, නිෂ්පාදනය හා වගාව යන වචනය එම පනතේ කිසිදු තැනක සඳහන් කර නොමැති බවත්ය . එම මාධ්‍ය සාකච්ඡාව මෙතනින්.

    අප දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද, මේ පිළිබඳව විමසා සිටි අතර ඔහු තහවුරු කළේ ද, මෙතෙක් කංසා වගාව සඳහා අවසර ලැබී නොමැති බවයි. එම පනතේ වගන්ති 15ක් සංශෝධනය කිරීමට ඉල්ලා ඇති බැවින් එම සංශෝධනයන් සිදු කොට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ඇති බැවින් එම සංශෝධනය සිදු කරන තුරු එම පනත් කෙටුම්පත සඳහා අවසරය නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා .

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙරට ත්‍රෛලෝක විජය පත්‍ර වගා කිරීම ට අවසර ලබා දුන් බවට සඳහන් සටහන් අසත්‍ය බවයි. එම සටහන් මගින් පෙන්වා දෙන්නේ, ජර්මනියේ කංසා භාවිතය සහ වගාව නීතිගත කර ඇති බවයි. එම මාධ්‍ය ආයතනය විසින් පළ කර තිබූ ශීර්ෂ පාඨය හේතුවෙන් මෙලෙස නොමග යෑම සිදු වී තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-08-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.