Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වැසි පිරිත සජ්ජායනය කිරීම සම්බන්ධයෙන් නලින් හේවගේ විසින් ප්‍රකාශක් සිදු කර නැහැ!

    2023-08-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රටේ සිදුවන කාලින සංවාද වලට තුඩු දෙන කාරණා වලදී ජාතික ජන බලවේගයේ සමාජිකයින් ඊට ඈඳා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් බොහෝ අවස්ථාවල දී සංසරණය වනවා. මේ දිනවල උඩවලව ප්‍රදේශයේ පවති

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    රටේ සිදුවන කාලින සංවාද වලට තුඩු දෙන කාරණා වලදී ජාතික ජන බලවේගයේ සමාජිකයින් ඊට ඈඳා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් බොහෝ අවස්ථාවල දී සංසරණය වනවා. මේ දිනවල උඩවලව ප්‍රදේශයේ පවතින නියං සමය හා සංඝයා වහන්සේලා විසින් සිදු කරන ලද පිරිත් සජ්ජායනයෙන් පසුව සිදු වූ වැසි ඇදහැලීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ විසින් සිදු කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල සමාජ ජාලා සටහන් සංසරණය වෙනවා. ඔහු විසින් සැබැවින්ම එවැනි ප්‍රකාශයක් සිදුකර ඇත් ද යන්න සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “වැසි පිරිතෙන් වැස්සෙ නෑ.. ඊසාන දිග මෝසම කලින් ආවා.. වහින්න එනවා පේනකොට පිරිත් කියන්න කාටද බැරි” යනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ විසින් සඳහන් කළ ප්‍රකාශයක් ‘දසත ලංකා’ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ බවට සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived Link

    එම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

    ඔහු විසින් මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් , අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ  විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස ප්‍රකාශයක් සිදු කළා ද, යන්න ප්‍රථමයෙන් ම අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා නිරීක්ෂණය සිදු කළා. නමුත් එවැනි පුවතක් වාර්තා වී නොතිබුණි.

    එමෙන් ම අප දසත පුවත් වෙබ් අඩවියේ හා එහි නිල ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේ දී ද , වැසි ඇදවැටීම සහ ඒ හා සම්බන්ධ බෞද්ධ විශ්වාස පිලිබදව නලින් හේවගේ විසින් සිදුකර ඇති ආන්දෝලනාත්මක පුවතක් පළවූ බවක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. දසත පුවත් අධ්‍යක්ෂක ද තහවුරු කලේ මෙය ව්‍යාජ සංස්කරණයක් බවත් ඔවුන් විසින් කිසි ලෙසකත් එවැනි පුවතක් පළකර තිබුනේ නැති බවයි.

    එසේම එම පුවත සමඟ දක්වා තිබු ඇතැම් ෆේස්බුක් සටහන්හි දක්වා තිබු YouTube වීඩියෝව පරික්ෂා කිරීමේ දී ද එහි දක්නට ලැබුනේ නලින් හේවගේ සිදුකළ ප්‍රකාශයක් නොව, “මහින්ද විතරක් නෙමෙයි අපිත් මැච් එකක් ගහනවා” යනුවෙන් ජා.ජ.බ නායක අනුර කුමාරගේ ප්‍රකාශයක්.

    අප එමෙන් ම නලින් හේවගේ මහතා මෑතක දී සහභාගී වූ සාකච්ඡා කිහිපයක් ද පරික්ෂා කළ අතර එහිදී ද මෙවැනි ප්‍රකාශයක් දැක ගන්නට ලැබුනේ නැහැ. එමනිසා මේ පිළිබඳව නලින් හේවගේ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු  ද, තහවුරු කළේ, තමන් එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවත්, මෙය හුදෙක් ජාතික ජන බලවේගය පක්ෂයට ගැරහීම සඳහා නිර්මාණය කරන ලද අසත්‍ය පුවතක් බවයි.

    මහවැලි වලව කලාපයට දැනට මාස කිහිපයක සිට  බලපා ඇති උග්‍ර නියං තත්ත්වය  හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම පහල බැස තිබෙනවා . උඩවලව ජලාශයෙන් පෝෂණය වන කුඹුරු හෙක්ටයාර සංඛ්‍යාව 15,000ක්.

    මේ හේතුවෙන් උඩුවලව ජලාශය සිඳී යාම සහ පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොවි ජනතාව ඇතුළු විශාල ජන කොටසක් පිඩාවට පත්ව සිටීම හේතුවෙන් , බෞද්ධ ආගමික විශ්වාසවලට අනුව  වර්ෂාව ලබා දෙන  ලෙස ඉල්ලමින් පසුගිය අගෝස්තු 09 පස්වරුවේ උඩවලව ජලාශය සිදී ගිය භූමියේ සිට මහා සංඝරත්නය එක්වී මහ පිරිත් සජ්ජායනාව සිදු කර තිබෙනවා . 

    ඉන් අනතුරුව උඩවලව ප්‍රදේශයට මෙන් ම මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එදින පස්වරුවේ මහ වැසි ඇද හැලුණු බවත්, මහ වැස්ස සමග ප‍්‍රදේශ කිහිපයකටම විනාඩි දෙකක පමණ කාලයක් අයිස්කැට වැටුණු බවත්, මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    Facebook

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ විසින් “වැසි පිරිතෙන් වැස්සෙ නෑ.. ඊසාන දිග මෝසම කලින් ආවා.. වහින්න එනවා පේනකොට පිරිත් කියන්න කාටද බැරි” යනුවෙන් ප්‍රකාශයක් සිදු කර තිබු බවට කිසිඳු නිල මුලාශ්‍රයක දැක්වෙන්නේ නැති අතර නලින් හේවගේ ද තහවුරු කළේ, තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-08-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.