Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    NATO හමුදා රුසියාව වැටලුවාද?

    2022-02-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රුසියාව යුක්රේනයට නොනවත්වා ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් NATO සංවිධානය විසින් ඊට මැදිහත් වෙමින් NATO හමුදාව විසින් රුසියාව වටලා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රුසියාව වි

    රුසියාව යුක්රේනයට නොනවත්වා ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් NATO සංවිධානය විසින් ඊට මැදිහත් වෙමින් NATO හමුදාව විසින් රුසියාව වටලා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය හේතුවෙන් NATO සංවිධානය සිය හමුදා බල මුළු තර කරමින් සිටි.

    මේ වන විට රුසියා දේශ සීමාව ආසන්නයේ NATO හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ.

    මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට කර ඉවරයි යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි එක්සත්.

    ජාතීන්ගේ මහ ලේකම්වරයා රුසියාවෙන් ඉල්ලා ඇත්තේ දැනටමත් බොහෝ පිරිසක් මිය ගොස් ඇති නිසා වහාම යුද්ධය නතර කරන ලෙසයි.

    ඊට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම යුක්‍රේන භූමිය අල්ලා ගැනීමක් සිදු නොකරන බවත් රුසියාවට එරෙහිව සන්නද්ධව යුක්රේනයේ සිටින්න්න් නිරායුධ කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බවත්ය.

    දැනට මෙම ගැටුම්කාරී තත්වය හේතුවෙන් පුද්ගලයන් 150ක පමණ පිරිසක් මියගොස් තිබේ.

    යුක්රේනයේ සටන් පවතින ප‍්‍රදේශවල පොදු පහසුකම් විශාල වශයෙන් බිඳ වැටී ඇති අතර යුක්රේන අගනුවර සිටින ජනතාව යුරෝපා දේශසීමාවන් වෙත වේගයෙන් පලා යමින් සිටිති.

    මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.

    Facebook | Archived Link

    “NATO හමුදා රුසියාව වටලයි.. ලෝක යුද්දය එක වෙඩිල්ලක දුරින්..සියල්ලටම පහර දෙන බව පුටින් කියයි” යන තේමාවෙන්ම හුවමාරු වී තිබු තැත් සටහනක් පහතින්

    Facebook | Archived Link

    එමෙන්ම ඇතැම් වෙබ් අඩවි මගින්ද මේ බවට වාර්තා කර තිබුණේ මෙලෙසින්, සහ මෙලෙසින්. Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    රුසියාව තම රට ආක‍්‍රමණය කරන විට NATO සංවිධානයේ සහාය ලැබේ යැයි අපේක්‍ෂා කළ ද ඔවුන් තමන් තනි කළ බවත්, උතුරු අත්ලාන්තික් සංවිධානය (NATO) සහ බටහිර රටවල් රුසියාවට බියෙන් මෙලෙස සිදු කළ බවත් දැන් යුක්රේනයේ පිහිටට ඇත්තේ යුක්රේනය පමණක් බවත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මාධ්‍ය අමතමින් පසුගියදා පැවසුවා. 

    කෙසේවෙතත් රුසියාව විසින් යුක්රේනයේ සිදු කෙරෙන යුද මෙහෙයුම් වලට ප්‍රථම වතාවට ප්‍රතිචාර දක්වමින් NATO සංවිධානය විසින් සිය හදිසි ප්‍රතිචාර බලකාය ආරක්ෂක පියවරක් ලෙස සක්‍රීය කිරීමට තීරණය කර තිබෙන බවට NATO මිත්‍ර හමුදාවේ හමුදාපති ජෙනරාල් ටොඩ් වෝල්ටර්ස් විසින් මෙලෙස නියෝග කළ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ.

    කෙසේවෙතත් NATO සංවිධානයේ හදිසි ප්‍රතිචාර බලකාය සක්‍රීය කිරීමෙන් අදහස් කරනු ලබන්නේ අමෙරිකානු හෝ NATO හමුදාව මෙතෙක් සිය සන්ධානයේ සාමාජිකයෙකු නොවන යුක්‍රේනයට භට පිරිස් පිටත් කර හැරීමක් නොවන බවද එම සංවිධානය පවසා තිබෙනවා. NATO නායකයින් සමඟ කළ ඇමතුමකින් පසුව ප්‍රතිචාර බලකාය සක්‍රීය කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කරන ලදී. වහාම සටන් නතර කොට යුක්රේන පාලන ප්‍රදේශවලින් ඉවත්වෙන ලෙස NATO සංවිධානය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත දැනුම් දී තිබෙනවා. ඔවුන් සඳහන් කර ඇත්තේ පවතින ගැටලුව විසඳා ගැනීම සඳහා යුදමය ක්‍රියාවන් ගෙන් තොරව සාකච්ජා මාර්ගයට පිවිසීම වැදගත් බවය. ඒ බවට පළ වූ CNN මාධ්‍ය වාර්තාව මෙතනින්.

    මෙම බලකාය මෙහෙයුම් සඳහා තවමත් යොදවා නැති නමුත් සූදානමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසන අතර හදිසි ප්‍රතිචාර බලකායට කොපමණ භට පිරිසක් ඇතුළත් වේද යන්න ප්‍රකාශයට පත් කර නොතිබිණි.

    මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට පුටින්ගේ තර්ජනවලට එරෙහිව නැගී සිටීමට NATOව එක්සත්ව සිටින බවයි.

    බයිඩන් කියා සිටියේ NATOවේ ප්‍රතිචාරයේ කොටසක් ලෙස ජර්මනියට අමතර හමුදා යෙදවීමට තමා අවසර දී ඇති බවයි. 

    මේ අතර ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියානු න්‍යෂ්ටික නාශක හමුදාවන්ට සීරුවෙන් තබන ලෙස නියෝග කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා. එමෙන්ම යුක්රේනයේ මෙම මෙහෙයුමට අණ දෙමින් ජනාධිපති  පුටින් අවධාරණය කළේ, යුක්රේනය අත්කර ගැනීමේ කිසිදු සැලැස්මක් නොමැති බවයි. කිසිම දෙයක් බලහත්කාරයෙන් පැටවීමට රුසියාව ක්‍රියා නොකරනු ඇති බවටය. තම රටට මෙවැනි පියවරකට යාමට සිදු වූයේ NATO සංවිධානය එල්ලවන මූලික තර්ජනයට ප්‍රතිචාර වශයෙන් බවයි. නේටෝ තර්ජනය නැගෙනහිර යුරෝපයට ව්‍යාප්ත වී ඇතැයි පැවසූ රුසියාව, තම දේශසීමාවලට සමීප මිලිටරිමය යටිතල පහසුකම්වලට ද එය තර්ජනයක් බව පවසා තිබේ. මෙලෙසින් සහ මෙලෙසින්.

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල පළ වන පරිදි NATO සංවිධානය විසින් රුසියාව වැටලූ බවට අද (28) වන විටත් කිසිදු හෝ විදෙස් මාධ්‍ය වාර්තාවක් පෙන්වා නොදෙන අතර එම සංවිධානය විසින්ද රුසියාව වටලා ඇති බවට සඳහන් කර නොමැත.

    එනමුත් රුසියාවේ ආක්‍රමණයට එරෙහිව නේටෝ මිත්‍ර පාක්ෂිකයින් විසින් ඔවුන්ගේ දේශපාලන සහ වෙනත් ප්‍රායෝගික සහයෝගය යුක්රේනය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා. යුක්රේනයට යුද ටැංකි නාශක අවි දහස් ගණනක්, ගුවන් ආරක්ෂක මිසයිල සිය ගණනක් සහ කුඩා අවි සහ පතොරම් තොග දහස් ගණනක් මෙසේ ලබා දී තිබෙනවා. එසේම NATO මිත්‍ර පාක්ෂිකයින් යුරෝ මිලියන ගණනක් වටිනා මූල්‍ය ආධාර සහ යුක්‍රේන හමුදාවන්ට උපකාර කිරීම සඳහා වෛද්‍ය සැපයුම් ඇතුළු මානුෂීය ආධාර ද සැපයු බවට වාර්තා වෙනවා. NATO එසේම බටහිර රාජ්‍ය විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්භාධක වැඩිකිරීමට පිළිබඳව ද සකච්ඡා කරමින් සිටිනවා. 

    මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අප මෙම ලිපිය හරහා යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා අද (28) පෙරවරුවේ බෙලරූස් රාජ්‍ය දේශ සීමාවේ ප්‍රිපියත් ගංගාව ආසන්න ප්‍රදේශයක මේ වන විටත් පැවැත්වෙනවා. ඒ පිළිබඳ සජීවි තොරතුරු මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්නFacebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.