Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ශ්‍රී ලංකන් ගුවන් යානයකදී නිරුපිකාවන් යොදාගනිමින් සිදුකල ප්‍රවර්ධන වැඩසටහනක් ද ?

    2022-10-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළ දී නිරූපිකාවන් පිරිසක් යොදාගනිමින් සිදුකළ විලාසිතා දැක්මක් ඇතුළු ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව පසුගිය සති කිහිපය තුළ බොහෝ ලෙස කතාබහට ලක්වුණා. මේ සම්බන්ධයෙන් වි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළ දී නිරූපිකාවන් පිරිසක් යොදාගනිමින් සිදුකළ විලාසිතා දැක්මක් ඇතුළු ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව පසුගිය සති කිහිපය තුළ බොහෝ ලෙස කතාබහට ලක්වුණා. මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන ඔස්සේ වීඩියෝ සහ සේයාරූ සටහන් සමාජ ජාලාවල බොහෝසෙයින් හුවමාරු වී තිබුණි.

    නමුත් බොහෝ සටහන්වල, දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව ද මෙම සිදුවීම පිලිබඳ සැබෑ විස්තරය ලබා නොදෙමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ රජය විවේචනය කරන ආකාරයක් දක්නට ලැබුණා. මේ එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීමක්.

    සමාජ ජාලා සටහන් 

    “මොකද හිතන්නේ ශ්‍රී ලංකන් ගුවන් යානයන් ඇතුලේ මේ කරන ප්‍රවර්ධනයෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය නඟින් නැද්ද ?” යන තේමාව යටතේ සිය සිරුර නිරාවරණ ලෙස සැරසුණු නිරුපිකාවක් විසින් සිදුකරන්නේ සැබවින්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම ද යන්න ප්‍රශ්න කර තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived

    මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    කරුණු විමසා බැලීම:

    අප මුලින්ම මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය පිළිබඳවයි. මේ සම්බන්ධ වීඩියෝවක් සහ විස්තරයක් Daily Mirror ෆේස්බුක් පිටුවෙහි පවතින ආකාරය අපට මේ ආකාරයෙන් නිරීක්ෂණය වුණා.

    එහිදී ඔවුන් පවසා තිබුණේ කොළඹ Ballys Casino නම් කැසිනෝ ආයතනය විසින් සිය පාරිභෝගිකයන් පිනවීම සදහා සිදුකරනු ලබන ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මෙහිදී ඉන්දීය ජාතිකයින් පිරිසක් මුදල් ගෙවා වෙන්කරගත් ශ්‍රී ලංකන් ගුවන් ගමනක් ඔස්සේ ලංකාවට රැගෙන ආ අවස්ථාවක් බවයි. එහිදී ශ්‍රී ලංකන් ඇඳුමින් සැරසුණු ගුවන් සේවිකාවන් ද දැකගන්නට ලැබෙනවා.

    ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මාධ්‍ය කළමණාකරු

    අප විසින් මේ පිලිබදව කරුණු විමසීම සදහා ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මාධ්‍ය කළමණාකරු දීපාල් පෙරේරාව සම්බන්ධ කරගත්තා. ඔහු අවධාරණය කර සිටියේ ද මෙහි දැක්වෙන්නේ කැසිනෝ විනෝදාස්වාදය සපයන Ballys Casino ආයතනය විසින් මිලදී ගත් ගුවන් ගමනක් (Chartered Flight) යොදාගනිමින් ඔවුන්ගේ පාරිභෝගිකයන් සදහා සිදුකල  ප්‍රවර්ධන කටයුත්තක් මිසක ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා සිදුකරන ලද්දක් හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සංකල්පයක් නොවන බවයි.

    Ballys Casino ආයතනය

    Ballys Casino ආයතනයේ ප්‍රකාශකයෙක් ද අප හා සමග පැවසුවේ මෙය සම්පුර්ණයෙන්ම තම ආයතනයේ අලෙවි ප්‍රවර්ධන සංකල්පයක් මත සිදු කරන ලද වැඩපිළිවෙලක් බවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් හෝ සංචාරක අමාත්‍යංශය හෝ වෙනත් රජයට සම්බන්ධ ආයතනයකින් මෙයට අනුමැතිය ලබාගැනීමක් හෝ රාජ්‍ය ආයතනයක් මෙම කටයුත්ත සදහා ඒකරාශී කරගැනීමක් සිදු නොවුණු බවත් ඔහු පැවසුවා. 

    Ballys Casino මගින් ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාරයක් මිලට ගෙන (Chartered Flight) සිය ඉන්දීය පාරිභෝගිකයින් අළලා මෙම ප්‍රවර්ධන කටයුත්ත සිදුකළ බවයි. ඒ අනුව ඉන්දියාවේ සිට පැමිණි 500 ක පමණ වන සිය පාරිභෝගිකයන් පිරිසක් උදෙසා ගුවන් යානය තුළ විලාසිතා දැක්මක් ද සිදුකළ බවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ එහිදී ලබාගත් ඡායාරුප සහ වීඩියෝ බවත් එවැනි කටයුත්තක් සඳහා විශේෂ අනුමැතියක් ගැනීම අවශ්‍ය නොවුණු බවත් ඔහු පැවසුවා.

    Ballys Casino ආයතනය, සැප්තැම්බර් 16-19 කාලය තුළ දී මේ ආකාරයට මගින් මිලදීගත් ගුවන් වාර ගමන් සදහා එක්වන ලෙස ඉන්දීය පාරිභෝගිකයන් සදහා ආරාධනා කරමින් පළකරන ලද දැන්වීමක් පහතින්.

    Facebook | Archived

    ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සන්නිවේදන කළමණාකරු

    මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පලකල ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සන්නිවේදන කළමණාකරු වන ආචාර්ය සුමිත්ද සිල්වා පැවසුවේ Chartered Flight එකක මෙවැනි සිදුවීම් සිදුවීම අසාමාන්‍ය දෙයක් නොවන බවයි. නමුත් ලබාගන්නා Chartered Flight මාදිලිය අනුව එහි සිදුකල හැකි ක්‍රියාකාරකම්වල යම් යම් වෙනස්කම් සිදුවිය හැකි බවත් ඔහු පැවසුවා. නමුත් සමස්තයක් ලෙස ගත්කල Chartered Flight වල අභ්‍යන්තරයේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවය විසින් දැඩි රෙගුලාසි ක්‍රියාත්මක නොකරන බවත් ඔහු පැවසුවා.

    ඉන් අනතුරුව අප Chartered Flight වර්ග සම්බන්ධයෙන්ද අවධානය යොමු කළා. ඒවා වර්ග කිහිපයක් පවතිනවා. ඒ Private Charter, Public Charter, Affinity Charter සහ Cargo Charter ලෙසයි. ඒ සම්බන්ධයෙන් වන වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්. Archived 

    විදෙස් රටක Chartered Flight එකක සිදුවූ මෙවැනි විලාසිතා වැඩසටහනක් පිළිබද විස්තරයක් මෙතනින්. Archived සහ මෙතනින්

    නමුත් Chartered Flight එකක ගමන් කිරීම , රටක පවතින නීති හෝ ජාත්‍යන්තර නීති අභිබවා කටයුතු කිරීම සදහා ලැබුණු අවසර පත්‍රයක් නොවේ. නමුත් සාමාන්‍ය වාණිජ ගමන් සදහා ගුවන්යානය තුලදී බලපාන නීති, Chartered Flight එකක් සදහා බලපාන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived  

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-10-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.