Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ වුණාද?

    2023-10-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉකුත් ඔක්තෝබර් 07 වනදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 1,700 ක් මරණයට පත් කරමින් 200 ක් පමණ ප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ඉකුත් ඔක්තෝබර් 07 වනදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 1,700 ක් මරණයට පත් කරමින් 200 ක් පමණ ප්‍රාණ ඇපයට ගත් හමාස් ත්‍රස්තවාදීන්ගේ විනාශකාරී ආක්‍රමණය සඳහා ඊශ්‍රායලය දියත් කළ ප්‍රතිප්‍රහාරවලින් 3,000 කට වැඩි පිරිසක් මිය ගිය බව පලස්තීනුවන් පවසනවා. මේ අතර මොවුන් සටන් විරාමයකට එකඟ වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඊජිත්තුවේ මැදිහත්වීම මත සටන් විරාමයක් සඳහා ඊශ්‍රායල්  සහ හමාස් සංවිධානය එකඟ වී ඇති බව සඳහන් කරමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සංසරණය වී තිබූ තව ත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link| Archived Link

    ඇතැම් වෙබ් පුවත් වල ද, මේ පිළිබඳ වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    lankanewsweb.net| Archived Link

    මේ පිළිබඳ සත්‍ය තොරතුරු සොයා විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ප්‍රථමයෙන් ම ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා වෙත අවධානය යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, ඊශ්‍රායලය සහ හමාස් සටන් කාමීන් අතර සටන් විරාමයක් තැබූ බවට පුවත් පළ වී ඇත්දැයි යන්නයි. 

    රොයිටර් පුවත් සේවය විසින් පසුගිය 16 වන දා පළ කළ පුවතක සඳහන් වූයේ, ඊජිප්තුව, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය, රෆා දේශසීමා හරස් මාර්ගය නැවත විවෘත කිරීමත් සමග දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වූ බව ඊජිප්තු ආරක්ෂක මූලාශ්‍ර පවසා තිබූ බවයි.

    සටන් විරාමය පැය කිහිපයක් පවතිනු ඇති නමුත් නිශ්චිත කාලසීමාව පිළිබඳව පැහැදිලි නොමැති බව එම ආරංචි මාර්ග පවසා ඇති බවත්,  මෙම තොරතුරු ඊශ්‍රායල හමුදාව සහ ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් මෙන් ම, ගාසා තීරයේ හමාස් සංවිධානයේ නිලධාරීන් විසින් ද, තහවුරු කර නොමැති බව ද, එම ලිපියෙන් ඔවුන් වැඩිදුරට ත් පෙන්වා දී තිබෙනවා. එම පුවත් වාර්තාව මෙතනින්. Archived Link

    මේ ඔස්සේ ඉහත සමාජ මාධ්‍ය සටහන් මෙන් ම පුවත් වාර්තා මෙලෙසින් වාර්තා වූ බවට පැවසිය හැකිය.

    කෙසේ වෙතත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය දකුණු ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සම්බන්ධ පුවත් ප්‍රතික්ෂේප කරන අතර අගමැති කාර්යාලය වැඩිදුරට ත් සඳහන් කරන්නේ, දැනට ගාසා තීරයේ සටන් විරාමයක් නොමැති බව ත්, මානුෂීය ආධාර ගාසා තීරයට ළඟා විය නොහැකි අතර විදේශිකයන්ට ගාසා තීරයෙන් පිටව යා නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්. Archived Link 

    හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ තවමත් ප්‍රාණ ඇපකරුවන් තබාගෙන සිටින බැවින් මෙය සටන් විරාමයක් සඳහා සුදුසු කාලයක් නොවන බවයි ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක John Kirby සඳහන් කර තිබුණේ.

    එමෙන් ම එක්සත් ජාතික සංවිධානය විසින් ද, පවසන්නේ, ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් සිටිය ද, සටන් විරාමයක් නොපෙනෙන බවයි. එම වාර්තාව මෙතනින්.

    කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ඉල්ලා සිටින්නේ ආධාර ලබා දීම සඳහා ගාසා තීරයෙන් මානුෂීය සටන් විරාමයක් ලබා දෙන ලෙසයි.

    ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් ගාසා තීරයේ තත්වය “ව්‍යසනකාරී” ලෙස විස්තර කළ ආයතන පහ අතර වේ. 

    යුරෝපීය රටවල් ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් පිළිබඳ අදහස තවමත් සාකච්ඡා කරමින් සිටින නමුත් ගාසා තීරයේ පලස්තීනුවන්ට අවශ්‍ය ආධාර ලබා ගැනීමට විවිධ ක්‍රම ඇති බව ස්වීඩන් විදේශ අමාත්‍ය Tobias Billstrom සඳහන් කර තිබේ.

    ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින යුදමය වාතාවරණය සම්බන්ධ නවතම තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    ඊජිත්තුවේ මැදිහත්වීම මත සටන් විරාමයක් සඳහා ඊශ්‍රායල්  සහ හමාස් සංවිධානය එකඟ වී ඇති බවට පළ වූ සටහන් නොමග යන සුළු වේ. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය දකුණු ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සම්බන්ධ පුවත් ප්‍රතික්ෂේප කරන අතර අගමැති කාර්යාලය වැඩිදුරට ත් සඳහන් කරන්නේ, දැනට ගාසා තීරයේ සටන් විරාමයක් නොමැති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-10-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.