Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෙරට ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ හමුදාවට අයත් රථ පෙළ පාළියක් නිකරුණේ මහ මඟ සංදර්ශනය යෙදෙන අයුරු ? (Video)

    2023-03-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කරුණු නොදැනුවත්කමින් ඇතැම් අවස්ථාවල ජනතාව නොමග යන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව දක්නට ලැබෙනවා. එලෙස හමුදාවට අයත් රථ පෙළපාලියක් නිකරුණේ, මහජන මුදල් නාස්ති කරමින්, මහ මාර්ගවල ගමන් කරන අයුරු ලෙසට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් Fact Cre

    කරුණු නොදැනුවත්කමින් ඇතැම් අවස්ථාවල ජනතාව නොමග යන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව දක්නට ලැබෙනවා. එලෙස හමුදාවට අයත් රථ පෙළපාලියක් නිකරුණේ, මහජන මුදල් නාස්ති කරමින්, මහ මාර්ගවල ගමන් කරන අයුරු ලෙසට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ විමර්ශනයයි, මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කන්න නෑ, බෙහෙත් නෑ මුං පාරේ රගනවා. අද 28 මොරටුවේ දී ආ විරෝධය” යනුවෙන් සඳහන් කරමින් ආරක්ෂක හමුදාවට අයත් වාහන රථ පෙළක වීඩියෝවක් සංසරණය වුණා.

    Facebook

    මෙම වීඩියෝව නැරඹුම්වාර 35000කට අධික ප්‍රමාණයක් ඉක්මවා තිබුණා.

    මෙරට ජනතාවට පවතින ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ හමුදාවට අයත් රථ පෙළ පාළියක් මෙලෙස නිකරුණේ මාර්ගයේ ගමන් කරමින් සංදර්ශනයක් ඉදිරිපත් කරන බවට මෙම වීඩියෝව පටිගත කරන අවස්ථාවේ, පසුබිම් කථනයක් ලබාදෙන පුද්ගලයා විසින් දෝශාරෝපණයක් එල්ල කරනු ලබනවා.

    කෙසේවෙතත් ඉහත වීඩියෝව සඳහා ප්‍රතිචාර දක්වා තිබූ බොහෝ පිරිසක් සඳහන් කර තිබු‍ණේ, මෙම රථ පෙළ පාලිය පසුගියදා ලෙබනනය බලා පිටත් වන මෙරට සාමසාධක භටයින් සහ යුධ උපකරණ රැගත් රථ බවයි.

    කෙසේ වෙතත් මෙහි සත්‍ය කරුණු සොයා විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) : 

    අප ප්‍රථමයෙන් ම ඉහත වීඩියෝව මෙරටින් ලෙබනය බලා පිටත් වූ බව කියන සාමසාධක හමුදාවට අයත් වීඩියෝවක් ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිල පුවත් සම්බන්ධයෙන් අවධානය යොමු කළා.

    යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී අපට දැක ගන්නට ලැබුණේ, ඊයේ (මාර්තු 02) දින උදෑසන, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි (UNIFIL) සාමසාධක රාජකාරීන් සඳහා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) දිවයිනෙන් පිටත්වී ඇති බවයි.

    ලෙබනනයේ ‘නකෝරා’ (Naqoura) හි පිහිටි එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මූලස්ථානයට සහ ප්‍රභූවරුන් වෙත ආරක්‍ෂාව සැපයීම ඇතුළු සාමසාධක රාජකාරීන් සඳහා පිටත්වූ මෙම කණ්ඩායම නිලධාරින් 10ක්, සහ සෙසු නිලයින් 115 දෙනෙකු ඇතුලුව යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත වූ අතර මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය සහ බිම්බෝම්බ හඳුනාගැනීම සඳහා මනා පුහුණුවක් ලබා ඇති සුනකයින් කිහිපදෙනෙක් ද ඇතුලත් වූ බව වාර්තා වී තිබුණේ මෙලෙසින්. Archived Link

    එහෙත් පසුගිය පෙබරවාරි 28 වන දා ඉහත වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ බැවින්, එම දිනයට ආසන්නව මෙම සාමසාධක හමුදාව සම්බන්ධයෙන් හෝ මෙවැනි රථ පෙළක් යොදාගැනීම සම්බන්ධයෙන් පුවතක් පරික්ෂා කළද ඒ ආකාරයේ රථ පෙළපාලියක දර්ශන අපට දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් මේ පිළිබඳ විමසා බැලීමක් සඳහා අප හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් රවී හේරත් මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.

    හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ

    හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කළේ, මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ, ලෙබනන් බලා පසුගිය දා පිටත්වූ සාමසාධක හමුදාව සමගින් මෙරටින් පිටත් කළ, හමුදා ආරක්ෂක රථ වාහන පෙළක් නොවන බවයි.

    වීඩියෝවේ දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි සාමසාධක රාජකාරීන් සඳහා ඉදිරියේදී මාලි රාජ්‍ය බලා පිටත් වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා  මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම් පුහුණු කටයුතුවල නිරත වන අවස්ථාවක් බව බ්‍රිගේඩියර් රවී හේරත් පැහැදිලි කරනවා.

    මෙම රථ ලංකාවේ නිෂ්පාදනය කරන අතර හමුදා භට කණ්ඩායම් මෙන්ම, උපකරණ ද, මෙහෙයුම් සඳහා යොදා ගන්නා බැවින් ඒ සඳහා ද, ගෙවීම් සිදුකරන බවත්, ඒවා තුළින් ද, සිදු වන්නේ විදේශ විනිමය මෙරටට ලබා ගැනීම බවත්, හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළා.

    තවද, සාමසාධක හමුදා සඳහා පුහුණු කිරීම් විවිධ තත්ත්වයන් යටතේ සිදුවන බැවින් නාගරික ස්ථානවලද, අවශ්‍ය පුහුණු කිරීම් සිදු කරන බැවින් මෙලෙස හමුදා කණ්ඩායම් පිටවීමට මත්තෙන් පෙරහුරු සහ පුහුණු කිරීම් නිරන්තරයෙන් සිදුවන බවත්, එය මීට පෙර ද සිදුවී තිබෙන සාමාන්‍ය දෙයක් බව බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පෙන්වා දුන්නා.

    සමාජයේ බොහෝ පිරිසක් මෙම ක්‍රියාවලි පිළිබඳ දැනුවත් බවත්, ත්‍රිවිධ හමුදාව මෙන්ම, පොලීසිය කෙරේද, ජනතාව විශ්වාසය, ගෞරවය තබා ඇති බවත්, මෙම වීඩියෝ සඳහා දක්වා ඇති ජනතා ප්‍රතිචාර වලින් එය පෙනී යන බවත්, ඒ පිළිබඳ නිහතමානී සතුටක් පවතින බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා සිටියා.

    සාම සාධක මෙහෙයුම් සඳහා මාලි රාජ්‍යයට ලංකාවෙන් පිටත් කෙරෙන, මේ දිනවල හුවමාරු වී තිබූ වීඩියෝවේ ද දැක්වෙන පිරිස් ප්‍රවාහන බෆල් රථ, බවුසර්, කැටිපිලර් ඇතුළු මෝටර් වාහන පිළිබඳව කරුණු ද ඇතුළත් ව, 2020 වසරේ අප සිදුකළ කරුණු අනාවරණයක් පහතින්.

    Also Read: Fact Check : ශ්‍රී ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම් යනුවෙන් ව්‍යාජ ෆේස්බුක් සටහනක්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    ලාංකේය ජනතාව මුහුණදෙමින් සිටින ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ, හමුදාවට අයත් රථ පෙළ පාළියක්ම, මහජන මුදල් වැයකරමින්, නිකරුණේ මාර්ගයක ගමන් කරමින් සංදර්ශනයක් ඉදිරිපත් කරන බවක් හඟවමින් පළ වූ වීඩියෝවේ දැක්වෙන්නේ, එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි සාමසාධක රාජකාරීන් සඳහා ඉදිරි දිනයක දී මාලි රාජ්‍යය බලා පිටත් වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම් පුහුණු කරන අවස්ථාවක වීඩියෝවක් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රවී හේරත් මහතා තහවුරු කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-03-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.