Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කුඩා දරුවන්ව ආදරයට ඒ මේ අත සෙමින් සොලවමින් හුරතල් කිරීමෙන් Shaken Baby Syndrome තත්වයට මුහුණ පෑමට සිදුවේ ද?

    2022-11-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. කුඩා දරුවන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි සමාජයේ දැඩි අවධානය නිතරම යොමුවෙනවා. කුඩා දරුවන්ව ආරක්ෂා කරගන්නේ කෙසේද ? ඔවුන්ගේ යහපැවැත්මට ඇති තර්ජන මොනවාද යන්න සම්බන්ධයෙන් නිතර නිතර කතාබහක

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    කුඩා දරුවන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි සමාජයේ දැඩි අවධානය නිතරම යොමුවෙනවා. කුඩා දරුවන්ව ආරක්ෂා කරගන්නේ කෙසේද ? ඔවුන්ගේ යහපැවැත්මට ඇති තර්ජන මොනවාද යන්න සම්බන්ධයෙන් නිතර නිතර කතාබහක් ඇතිවෙනවා. කුඩා බිළින්දන් සොලවමින් හුරතල් කිරීමේදී Shaken Baby Sydrome නම් රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බවත් ඒ පිලිබඳ අවදානමින් සිටින ලෙසත් හුවමාරු වූ  නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    දරුවන්ව ආදරයට හුරතල් කිරීම ඔස්සේ Shaken Baby Syndrome තත්වයට ගොදුරු වීම පිලිබඳ දැනුවත් කරමින් වීඩියෝවක් පළව තිබුණේ “ආදරේට හුරතක් කළා වගේ නෙමෙයි ,පේනවනේ !!” යන පාඨයත් සමඟින්.

    Facebook

    මේ සම්බන්ධයෙන් පරිශීලකයන් දක්වා තිබු අදහස් කිහිපයක් පහතින්.

    මේ පිළිබඳව කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම Shakeb Baby Syndrome තත්වය පිළිබඳව විමසා බැලුවා. එම රෝගය සහ එය ඇතිවීමට බලපාන හේතු සම්බන්ධයෙන් කෙටි විස්තරයක් පහතින්.

    Shaken Baby Syndrome යනු…

    Shaken Baby Syndrome ලෙස හැදින්වෙන්නේ කුඩා දරුවෙක්ව හෝ ළදරුවෙක්ව බලෙන් සෙලවීමට ලක්කිරීම මගින් මොලයේ හටගන්නා දරුණු ආබාධ තත්ත්වයක්. මෙම ආබාධ තත්ත්වය නිසා මොළයට සිදුවන රුධිර පරිවහනයට බාධා ඇතිවන අතර මොළයේ සෛල විනාශ වීමක් සිදුවී එය මරණයට පවා හේතුවීමට හැකියාවක් පවතිනවා. නැතහොත් මොළයට සිදුවන ස්ථිර හානියක් බවටද පත්විය හැක.

    මෙම තත්වයේ රෝග ලක්ෂණ ලෙස, කුඩා දරුවන් අධික කෝපයට පත්වීම, අවදිව සිටීමට අපහසුවීම, හුස්ම ගැනීමේ අපහසුතා, අඩුවෙන් ආහාර ගැනීම, වමනය, කොමා තත්වයන් ඇතිවීම, සිරුර අප්‍රාණික වීම , සම මලානික වීම ආදිය ඇතිවිය හැක.

    Shaken Baby Syndrome තත්ත්වය ඇතිවීමට බලපාන හේතු ලෙස අධික වේගයෙන් දරුවන්ව ඒ අතට මේ අතට සෙලවීම හඳුනාගත හැක. මෙය බොහෝ දුරට සිදුවන්නේ දරුවන් අධික ලෙස හඬන විට සාත්තු සේවකයන් හෝ දෙමාපියන් කෝපයට පත්ව ඔවුන්ව නැළවීමට උත්සාහ කිරීම මගිනි. දරුවන්ව සෙමින් , ආදරයෙන් සෙලවීම හෝ දණහිස මත තබා නළවන අවස්ථාවලදී මෙවැනි තත්ත්වයන් සාමාන්‍යයෙන් ඇති නොවේ. මේ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින් | Archived

    කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වසරකදී ළදරුවන් 1200 පමණ මෙම රෝගී තත්ත්වයට ගොදුරුවන අතර , ඒ අතුරින් දරුවන් 300 ක් පමණ මිය යන බව ඔක්ලොහාමේ ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන්නේ පර්යේෂණයන්ට අනුව ළදරුවන්ව හින්සාකාරිව සෙලවීම සදහා පුද්ගලයින්ට බලපාන මුලික හේතුව ළදරුවන් නොනවත්වා හැඩීම බවයි. ඒ සම්බන්ධ වැඩි විස්තර මෙතනින් |Archived.

    https://www.facebook.com/VIX.Woman/videos/2181321992097997/?tn=%2CO

    ළමා විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

    මේ පිළිබඳව අප හා සමග අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ මෙය, ළමයින්ව සෙමින් ආදරයෙන් නළවන විට සිදු නොවන අතර හිංසාකාරී ලෙස වේගයෙන්  නැලවීම මගින් සිදුවන බවයි. එමෙන්ම විශේෂ වශයෙන්ම මෙම තත්ත්වය ඇතිවන්නේ දරුවන් උඩට සහ පහලට වේගයෙන් සෙලවීම මගින් බවත් ඔහු පැවසුවා. දරුවන්ව සෙමින් නැලවීම මෙන්ම එකම මට්ටමක දෙපසට නැලවීම ඔස්සේ මෙම තත්ත්වය වලක්වා ගත හැකි බවත් ඔහු පැවසුවා.

    මේ සම්බන්ධයෙන් සමාජය තුළ පවතින  බොහෝ අදහස් වැරදිසහගත බවයි ඔහුගේ අදහස. එමෙන්ම හිංසාකාරී නොවන ලෙස සෙමින් දරුවාව සොලවමින් නැලවීම ඔස්සේ මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන බවත් වෛද්‍යවරයා පැවසුවා. එමෙන්ම මෙම තත්ත්වය බොහෝ ලෙසින්  දරුවන්ව බලාගැනීම සදහා සේවකයන්ව යෙදවීමේදී ඔවුන් අතින් බවත් ඔහු පැවසුවා.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරුවූ  කාරණය වන්නේ දරුවන් නළවන අවස්ථා සියල්ලකදීම සමාජ ජාලා සටහන් මගින් හැඟ වීමට උත්සාහ දරන ආකාරයේ Shaken Baby Syndrome ඇතිවීමට හැකියවක නොපවතින බවයි. එම තත්ත්වය සාමාන්‍යයෙන් ඇතිවන්නේ කුඩා දරුවන්/ළදරුවන් ව ආදරයෙන් සෙමින් නළවන අවස්ථාවලදී නොව බොහෝ දුරට දරුවන් හඬන විට කෝපයට පත්ව දෙමාපියෙක් හෝ සේවකයෙක් විසින් වේගයෙන් ඉහල පහලට සොලවමින් දරුවන්ව නැළවීමට උත්සාහ කරන විටයි. කෙසේ නමුත් මේ සඳහා සමාජ ජාලා සටහනේ යොදාගෙන ඇති වීඩියෝවේ වරදක් නිරීක්ෂණය නොවන අතර නමුත් “ආදරේට හුරතක් කළා වගේ නෙමෙයි ,පේනවනේ !!” යන ශීර්ෂය නොමගයවන සුලු බව අපට නිරික්ෂණය වේ.

    Also Read : උත්පත්තියේදී ආබාධ ඇතිව ඉපදුණු දරුවෙකුගේ ඡායාරූපයක්ද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-11-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.