Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනපති මැදුරට හානි කරන ලෙස, අගමැති ආරක්ෂක අංශයෙන් මුදල් ලබාගත් බව පාපොච්චාරණ කළ බවට Newsfirst පුවතක්?

    2022-07-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජුලි 09 වැනිදා සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ආරක්ෂක අංශ විසින් මාධ්‍ය වෙත පහරදීමත් සමඟ කලහකාරී තත්වයක් නිර්මාණය වී තිබුණා. ඒ අතර අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී ගිනි තබා විනාශ කර තිබුණා. එම සිද්ධිය සම්බන්ධය

    ජුලි 09 වැනිදා සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ආරක්ෂක අංශ විසින් මාධ්‍ය වෙත පහරදීමත් සමඟ කලහකාරී තත්වයක් නිර්මාණය වී තිබුණා. ඒ අතර අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී ගිනි තබා විනාශ කර තිබුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසිය මඟින් විමර්ශන සිදුවෙමින් පවතින අතර මෙම ගිනි තැබීමට මුල් කවර පිරිසක් ද යන්න පිලිබඳ සාමජයේ විවිධ කතිකාවන් ඇති වී තිබුණා.

    මෙවන් පසුබිමක අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විසින් සිදුකළ පාපොච්චාරණයක් සිරස මාධ්‍ය ජාලයෙන් පලවු බවට හුවමාරු වන ව්‍යාජ සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන්

    “ජනාධිපති මන්ධිරයට හානි කරන්න කියලා අගමැතිගේ ආරක්ෂක නිලධාරියෙක් අපිට සල්ලි දුන්නා .අත්අඩංගුවට පත් දෙන්නා ඇත්ත වමාරයි”

    ලෙස සදහන් කරමින් ජනාධිපති මන්දිරයට හානි කිරීමට මේ මොහොතේ අගමැතිවරයා රහසිගත උත්සාහයක යෙදෙන බව හැගී යන ආකාරයට සමාජ ජාලා සටහන් එක්කර තිබුණා .

    Facebook | Archived

    එම සටහන් ෆේස්බුක් වල පැතිර තිබුණේ මෙලෙසින්.

    Newsfirst සමාජ මාධ්‍ය ඔස්සේ මේ පුවත පළවු ආකාරයට හුවමාරු වන මෙම සටහන් සම්බන්ධයෙන් කරුණු විමසීමක් කිරීමට අප තීරණය කළා .

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම සිදු කලේ මෙවන් පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණය සොයා බැලීමයි.එහිදී අපට දක්නට හැකිවුවේ එවන් පුවතක් වාර්තා කර නොමැති බවයි.ඉන්පසුව අප සිරස මාධ්‍ය මාධ්‍ය ආයතනයෙන්ද මේ පිලිබදව විමසා බැලුවා.එහිදී ඔවුන් පැවසුවේ ඔවුන් විසින් මෙවන් පුවතක් වාර්තා කර නොමැති බව සහ ඔවුන්ගේ නිල නිව්ස් ෆස්ට් නිල ලකුණ (logo) කිසියම් පිරිසක් විසින් අවබාවිත කර මෙම සමාජ ජාලා සටහන් සකසා ඇති බවයි.

    ඉන් අනතුරුව අප පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රමුඛ පොලිස් මුලාශ්‍ර ඔස්සේද මේ පිලිබදව සොයා බැලුවා.එහිදී අපට සොයා ගැනීමට හැකි වුවේ මෙවන් අනාවරණය කිරීමක් කිසිවෙක් විසින් මෙතෙක් සිදු කර නොමැති බවයි. කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ද පවසා සිටියේ මේ ආකාරයේ සිදුවීමක් මෙතෙක් සිදුවී නැති අතර අගමැති නිවසට ගිනි තැබීම පිලිබද විමර්ශනය සිදුවන බවයි.

    ඉන් අනතුරුව අප විසින් මෙම සටහන් සදහා යොදාගෙන ඇති සේයාරුව reverse image search එකකට ලක්කලා. එහිදී අපට මෙම ඡයාරුපය හා සම්බන්ධයෙන් විස්තර සොයා ගැනීමට හැකිවුණා . එහිදී අපට දක්නට හැකිවුවේ 2022 ජනවාරි මාසයේදී ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට සහභාගී වූ අනුර කුමාර දිසානායකගේ රථයට කුණු බිත්තර දමා ගැසු පුද්ගලයින් දෙදෙනෙක් අල්ලා ජවිපෙ සාමාජිකයන් විසින් ඔවුන්ව පොලිසියට බාරදෙන අවස්ථාවේදී මෙම සේයාරුව ලබාගෙන ඇති බවයි.

    lankaAnews| Archived

    ජවිපෙ නායකයට එල්ලවූ කුණු බිත්තර ප්‍රහාරය හා  සම්බන්ධයෙන් වන නිව් ෆස්ට් වාර්තාවක් පහතින්.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියයෙක් විසින් ජනාධිපති මැදුරට පහර දෙන බවට දන්වා මුදල් ලබාදුන් බව අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනෙක් විසින් හෙළි කල බවට පළවන සමාජ ජාලා සටහන් නොමග යවනසුලු ඒවා වන බවයි. නිව්ස්ෆස්ට් මගින් එවැනි පුවතක් පළකර නොමැත. පොලිසිය මගින් ද එවැන්නක් සිදුව නොමැති බව තහවුරු කරන ලදී.

    තවද අදාළ සමාජ ජාලා සටහන් සදහා යොදාගෙන ඇත්තේ 2022 ජනවාරි මාසයේදී ජවිපෙ නායකයට කුණු බිත්තර ගැසු පුද්ගලයන් දෙදෙනෙක් පුද්ගලයන් දෙදෙනක්ව අල්ලා පොලිසියට බාරදෙන අවස්ථාවේ ගන්නා ලද සේයාරුවකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-07-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.