Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කොටුව දුම්රිය පොළ අසල ATM භාවිතා කරන මගීන් ඉලක්ක කරගනිමින් මේ දිනවල සිදුවන විශේෂ මුදල් මංකොල්ලකෑම් පිලිබඳ සටහන් නොමගයවන සුලුයි !

    2022-12-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ වාණිජ අග නගරය වන කොළඹ නගරය ජනතාව නිතර ගැවසෙන, එමෙන්ම දකුණු ආසියාවේ අතිශය කාර්යබහුල නගර අතරින් එකක්. නගරයේ පිහිටා ඇති ජනාකිර්ණම ස්ථාන අතරින් එකක් වන්නේ කොටුව දුම්රිය ස්ථානයයි. කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති ATM යන්ත්‍රවලින් මුදල් ලබාගන්නා මගීන්

    ලංකාවේ වාණිජ අග නගරය වන කොළඹ නගරය ජනතාව නිතර ගැවසෙන, එමෙන්ම දකුණු ආසියාවේ අතිශය කාර්යබහුල නගර අතරින් එකක්. නගරයේ පිහිටා ඇති ජනාකිර්ණම ස්ථාන අතරින් එකක් වන්නේ කොටුව දුම්රිය ස්ථානයයි. කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති ATM යන්ත්‍රවලින් මුදල් ලබාගන්නා මගීන්ගේ එම මුදල් කොල්ලකෑම සදහා සංවිධානාත්මක කණඩායමක් ක්‍රියා කරන බවට සමාජ ජාලා සටහන් මේ දිනවල පැතිර යමින් තිබෙනවා. පාඨකයන් විශාල පිරිසක් මේ පිලිබදව කරුණු විමසා බලන ලෙස සිදු කරන ලද ඉල්ලීම් නිසා මේ පිලිබදව සොයා බැලීමට අප තීරණය කළා.

    සමාජ ජාලා සටහන් 

    කොටුව දුම්රිය පොළ අසල සිදුවන වංචනික, මංකොල්ලකෑමේ ක්‍රියාවක් පිළිබද තොරතුරක් ලෙස හගවමින් පහත සටහන් සමාජ ඔස්සේ පැතිර තිබුණා.

    “කොළඹ  කොටුව දුම්රිය ස්ථානය අසල ක්‍රියාත්මක වන ජාවාරම්කරුවන් පිරිසක් ATM යන්ත්‍ර අසල සිට එලියට එන මගීන් නවතා “හමුදාවෙන් Absent අය check කරනවා.ඒ නිසා ID එක දෙන්න යයි පවසා ,ID එක පෙන්වීමට මුදල් පසුම්බිය එලියට ගත් විගසම එය උදුරාගෙන පළායාමේ සිද්ධි වාර්තාවී ඇත.එවැනි අවස්ථාවලදී අවධානයෙන් කටයුතු කරන්න .”

    පහතින් එම සටහන් වට්ස් ඇප් හරහා පැතිරුණු ආකාරය.

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්

    FB | Archived

    මේ පිලිබදව කරුණු විමසීමක් කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම විමසා බැලුවේ මෙවැනි සිදුවීමක් සිදුවන බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇතිද යන්නයි. නමුත් එවැන්නක් සොයාගැනීමට අපට හැකිවුණේ නැහැ. 

    ඉන් අනතුරුව අප පොලිස් මාධ්‍ය ඒකකය මගින් මෙවැන්නක් පිලිබදව අනතුරු හැගවීමේ නිවේදන ආදිය නිකුත් කර ඇතිද යන්න සොයාබැලූ අතර එවැන්නක් හමුවුවේ ද නැහැ.

    මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන්ද විමසා බැලු බවයි. කෙසේ වෙතත් සමාජ ජාලාවල සදහන් ආකාරයට කොටුව දුම්රිය පොළ ආසන්නයේ පිහිටා ඇති ATM යන්ත්‍ර වලින් මුදල් ලබාගන්නා මගීන්ගේ මුදල් පසුම්බි පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් කොටුව පොලිස් ස්ථානයට මෙතක් ලැබී නොමැති බවත් ඔහු පවසා සිටියා.

    කෙසේ වෙතත් වැඩිදුරටත් මේ පිලිබදව කරුණු පැහැදිලි කල පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ කොටුව දුම්රියපොළ අසල ප්‍රදේශයට ඈත ගම්බද ප්‍රදේශවල සිට පැමිණෙන ගැමි ජනතාවගේ මුදල් පැහැරගැනීම් ආදිය පිළිබද යම් යම් පැමිණිලි පොලිසියට ලැබී ඇති බවයි.

    ඒ අනුව අප අධාරණය කර සිටින්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් ආකාරයේ සංවිධානාත්මක මංකොල්ලකෑම් පිලිබඳ කොටුව දුම්රිය ස්ථානය අසළින් වාර්තා නොවුණ ද මුදල් පසුබ්මිය ඇතුළු ඔබගේ වටිනා බඩු බාහිරාදිය පිලිබඳ සැලකිලිමත් වී සුරක්ෂිතව තබාගන්නා ලෙසයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය )

    අප විසින් සිදුකරන ලද කරුණු විමසීමේදී අනාවරණය වුයේ කොටුව දුම්රිය පොළ අසල ATM යන්ත්‍රවලින් මුදල් ලබාගන්නා ජනතාවගේ මුදල් සංවිධානාත්මක කල්ලියක් විසින් මංකොල්ල කන බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් පැමිණිලි මේ වන තෙක් කොටුව පොලිස් ස්ථානය වෙත ලැබී නොමැත. කෙසේවෙතත් ජනාකීර්ණ එම ප්‍රදේශයේ කාලයක සිට මුදල් පැහැරගැනීම් සිද්ධි වාර්තා වී තිබෙන බැවින් ඒ පිලිබඳ සැලකිල්ලිමත් වෙන ලෙස අප පාඨක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-12-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.