Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    තපෝවනයේ රතන ස්වාමින්වහන්සේගේ නමින් සමාජ ජාලාවල පළවන ව්‍යාජ සහ නොමගයවන සුලු සටහන්!

    2023-01-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගමික නායකයන්ට අපහාසාත්මක ලෙස සටහන් පළ කිරීම සමාජ ජාලාවල බහුලව දක්නට ලැබෙන සිදුවීමක්. මේ, මිණිපුර අමාශාන්ති තපෝවනයේ නායක ස්වාමින්වහන්සේ වන තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ සම්බන්ධයෙන් සමාජ ජාලා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ආගමික නායකයන්ට අපහාසාත්මක ලෙස සටහන් පළ කිරීම සමාජ ජාලාවල බහුලව දක්නට ලැබෙන සිදුවීමක්. මේ, මිණිපුර අමාශාන්ති තපෝවනයේ නායක ස්වාමින්වහන්සේ වන තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිර යන නොමගයවන සහ අපහාසාත්මක සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ප්‍රකාශ යයි පවසමින් සමාජ ජාලා සටහන් කිහිපයක් පැතිර ගියේ මෙලෙසින්.

    Facebook | Archived

    පහතින් එවන් තවත් සටහනක් ….

    Facebook | Archived

    රතන ස්වාමින්වහන්සේගේ නමින් මෑතකදී සාදන ලද ෆේස්බුක් ගිණුමක් මගින් මෙවැනි සටහන් මෙන්ම උන්වහන්සේගේ නමින් අමාශාන්ති තපෝවනය මගින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවේ  සහ අමාශාන්ති තපෝවනයේ ෆේස්බුක් පිටුවේ ඇති පෝස්ටු ගෙන ඒවා සංස්කරණය කර සමාජ ජාලා හරහා බෙදාහැර තිබෙන අයුරු දක්නට ලැබුණා.

    මේ විවිධ කණඩායම් වෙත මෑතදී සාදන ලද ෆේස්බුක් ගිණුමක් ඔස්සේ තොරතුරු බෙදාහැර තිබුණු ආකාරයයි.

    මෙවැනි බොහෝ සමාජ ජාලා සටහන් මෙන්ම උන්වහන්සේගේ නමින් ෆේස්බුක් කොමෙන්ට්ස් පළකර තිබුණු ආකාරයක්ද දක්නට ලැබුණා.

    එමෙන්ම වෙනත් සමහර ගිණුම් ඔස්සේද රතන ස්වාමින් වහන්සේ විසින් සිදුකල ප්‍රකාශ බවට සදහන් කරමින් විවිධ ප්‍රකාශ පසුගිය දින කිහිපයේ විවිධ කනදායම්වල පළකර තිබුණත් මේ වන විට ඒවා සමහරක් ඉවත්කරගෙන  ඇති බවක් දක්නට ලැබෙනවා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම) 

    අප මේ පිලිබදව රත්නපුර පැලවාඩිය , ප්‍රදේශයේ පිහිටා ඇති අමාශාන්ති  ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමින් වහන්සේ වන තපෝවනයේ රතන ස්වාමින්වහන්සේගෙන් කරුණු විමසා බැලුවා. 

    උන්වහන්සේ පැවසුවේ තමන් ෆේස්බුක් ඔස්සේ කොමෙන්ට්ස් පලකිරීමට කිසි ලෙසකින් කටයුතු නොකරන බවයි. එමෙන්ම විවිධ කරුණු සම්බන්ධයෙන් තම අදහස් බැතිමතුන්ට කරුණු පැහැදිලි කරන්නේ අමාශාන්ති තපෝවනයේ නිල ෆේස්බුක් පිටුව මගින් සහ කාලයක් ඔස්සේ තම නම යටතේ අමාශාන්ති තපෝවනය මගින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුව ඔස්සේ පළකරන ලිපි සහ වීඩියෝ ඔස්සේ පමණක් බවත් උන්වහන්සේ පැවසුවා. උන්වහන්සේ පැවසූ එම ෆේස්බුක් පිටු දෙකට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්.

    එමෙන්ම ඉහත අප සදහන් කල ෆේස්බුක් ගිණුම් වලට අමතරව තම නම භාවිතා කර සාදා ඇති සියලු ෆේස්බුක් පිටු ව්‍යාජ ඒවා බවත් උන්වහන්සේ පැවසුවා. 

    මේ සම්බන්ධයෙන් අමාශාන්ති තපෝවනයේ ෆේස්බුක් පිටුව මගින් කරුණු පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.

    https://www.facebook.com/minipuraamashanthithapowanaya/posts/pfbid0KGe34dGWFMrqKnzgfd4DhaAHbrPHE33aN8dqsSy63NWppnevLU7gJjPiSdqqFKbWl

    මේ ඔවුන් විසින් සිදුකරන ලද තවත් කරුණු පැහැදිලි කිරීමක්.

    https://www.facebook.com/minipuraamashanthithapowanaya/posts/pfbid0gg2jQMLh2Lnj4x9ZMTAdKPdriyyLJRNoNs2VZV4Nnbk7ae71Wd2dh7mF2CRyetofl

    මේ සම්බන්ධයෙන් අප සමග තවදුරටත් අදහස් දැක්වූ රතන හිමියන් පැවසුවේ මේ ආකාරයෙන් සිය නමින් ව්‍යාජ ගිණුම් සාදමින් අපහාසාත්මකව කරුණු දක්වන පිරිස් සම්බන්ධයෙන් මේ වන විටත් පොලිසියට පැමිණිලි කර නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) 

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරුවුවේ තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ දක්වන ලද අදහස් ලෙස සදහන් කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ඔස්සේ අදහස් පළකරමින් සහ විවිධ පෝස්ටු පළකරමින් තිබෙන බවයි. 

    උන්වහන්සේ අදහස් දක්වන්නේ සිය නම යටතේ අමාශාන්ති තපෝවනය මගින් පවත්වාගෙන යන ගිණුම ඔස්සේ සහ අමාශාන්ති තපෝවනය ෆේස්බුක් පිටුව ඔස්සේ පමණක් සිය ලිපි සහ වීඩියෝ ඇතුළු අදහස් පළකෙරෙන බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-01-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.