Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    1879 දී සැමුවෙල් රැෂිශ්කි නම් කුඩා දරුවා චෙස් තරගයකින් පරාජය වූ අවස්ථාවක්ද (PHOTO)??

    2022-12-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චෙස් ක්‍රීඩාව ලොව පුරා ප්‍රකටයි. චෙස් ශූරයන් සහ ඔවුන්ගේ ජිවිතයේ විවිධ අවස්ථා පිලිබදව තොරතුරු දැනගැනීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. සැමුවෙල් රැෂිශ්කි ලෙස හැදින්වෙන්නේද පෝලන්තයේ උපත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    චෙස් ක්‍රීඩාව ලොව පුරා ප්‍රකටයි. චෙස් ශූරයන් සහ ඔවුන්ගේ ජිවිතයේ විවිධ අවස්ථා පිලිබදව තොරතුරු දැනගැනීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. සැමුවෙල් රැෂිශ්කි ලෙස හැදින්වෙන්නේද පෝලන්තයේ උපත ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එහි ජීවත්වූ ප්‍රකට චෙස් ශූරයෙක්. 

    කෙසේ වෙතත් මෙම චෙස් ශුරයාගේ කුඩා කළ සිදුවීමක් බව දැක්වෙන සේයාරුවක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වුණා. එහි සදහන්ව තිබුණේ අදාළ රූපයේ දැක්වෙන්නේ කුඩා දරුවකුවූ සැමුවෙල් රැෂිශ්කි, 1879 දී වැඩිහිටි ක්‍රීඩකයන් දස දෙනෙක් සමග තරග වැද, එම තරඟ සියල්ල පරාජයට පත්වූ අවස්ථාවක් බවයි. කෙසේ වෙතත් අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ එම සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි.

    සමාජ  ජාලා සටහන් 

    කුඩා දරුවෙක් වැඩිහිටියන් සමග චෙස් තරඟයක නිරත වන සේයාරුවක් එක්කර තිබුණේ පහත සටහනද සමගයි.

    “සැමුවෙල් රැෂිශ්කි ,” නම් මෙම 11 හැවිරිදි කුඩා දරුවා 1879 දී එවකට නම් දැරූ චෙස් ක්‍රීඩකයන් දස දෙනෙක් සමග එකවර චෙස් ක්‍රීඩා කරන ලදී.එහිදී ඔහු තරග දහයම පැරදුණි.”

    Facebook | Archived 

    ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප මුලින්ම සිදු කලේ රිවර්ස් ඉමේජ් සර්ච් කිරීමක් මගින් මෙහි මුල් සදහන් සේයාරුව සම්බන්ධ සත්‍ය තොරතුරු විමසා බැලීමයි. එහිදී අපට දක්නට ලැබුණේ මෙය 1920 වසරේදී ප්‍රංශයේදී ලබාගත් සැමුවෙල් රැෂිශ්කිගේ ඡයාරූපයක් බවයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 8 යි. එම චෙස් තරගයේදී එහි දැක්වෙන සියලු වැඩිහිටි චෙස් ක්‍රීඩකයන් සමඟ එක් චෙස් බෝර්ඩ් එකකින් අනෙකට මාරු වෙමින් එකම අවස්ථාවේ දී තරඟ වැදී ඔවුන් සියලු දෙනාම පරාජයට පත් කිරීමට ද මෙම කුඩා දරුවා සමත්ව තිබෙනවා.

    සැමුවෙල් රැෂිශ්කි child chess prodigy එනම් කුඩා කාලයේදීම චෙස් ක්‍රීඩාවේ සුවිශේෂී නිපුණත්වයක් ලැබුවෙක්. ඔහු චෙස් ක්‍රීඩාව ඉගෙනගෙන ඇත්තේ වයස අවුරුදු හතරේදීයි. මේ සම්බන්ධ වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්.

    Archived.

    සැමුවෙල් රැෂිශ්කි උපත ලැබුවේ 1911 වසරේදීයි. ඒ පෝලන්තයේදී යි. චෙස් ක්‍රීඩාවට කුඩා කල සිට දස්කම් දැක්වූ ඔහු යුරෝපයේ විවිධ රටවල පැවති චෙස් තරගවලදී වැඩිහිටි චෙස් ක්‍රීඩකයන්ව පරාජයට පත්ව තිබෙනවා. 

    ඔහුව 1920 වසරේදී සිය දෙමාපියන් විසින් ඇමෙරිකාවට ගෙනයනවා. එහි පදිංචි වූ ඔහු සිය ජීවිකාව සලසාගන්නේ සැමුවෙල් රැෂිශ්කිගේ චෙස් ඇදීමේ දක්ෂතාව ඇමෙරිකන් වැසියන්ට පෙන්වීම මගින්. 

    කෙසේ වෙතත් ඇමෙරිකානු බලධාරීන් විසින් දෙමාපියන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කුඩා දරුවාව පාසල් නොයවීමේ චෝදනාව මතයි. 1924- 1931 කාලයේදී ඔහු බොහෝ චෙස් තරගවලින් ඉවත්ව සිටීමට කටයුතු කරන්නේ සිය ද්වීතික අධ්‍යාපනය සම්පුර්ණ කරගැනීම උදෙසායි. 1934 දී ඔහු ගිණුම්කරණය පිලිබදව උපාධියක් ලබා ගන්නේ චිකාගෝ විශ්ව විද්‍යාලයෙන්. ඔහු ගණකාධිකාරී වරයෙක් ලෙස කටයුතු කරමින් සිය දෙමාපියන් සහ පවුල රැක බලාගන්නා අතර චෙස් තරගවලටත් දිගටම සහභාගිවෙනවා. ඇමෙරිකානු චෙස් ශුරතාවලිය අට වතාවක් ජයග්‍රහණය කිරීමට ද ඔහු සමත් වෙනවා. 1992 වසරේ දී සැමුවෙල් රැෂිශ්කි ජිවිතයෙන් සමුගන්නවා. වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

    1920 දී සිදුවූ මෙම සිදුවීම සම්බන්ධ වීඩියෝවක් පහතින්.

    https://youtu.be/n4FVu_bElxI

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය ) 

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ මෙම සේයාරුවේ දැක්වෙන සිදුවීම සිදුවුවේ 1879 දී නොව 1920 වසරේදී ප්‍රංශයෙදී  බවයි. සැමුවෙල් රැෂිශ්කි නම් මෙම දරුවා උපත ලබා තිබෙන්නේත් 1911 වසරේදීයි. ඡායාරූපයේ දැක්වෙන 1920 වසරේ පැවති මෙම තරගයේදී ඔහු සියලු වැඩිහිටි ක්‍රීඩකයන් පරාජය කර ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා. පසුව ඇමෙරිකාවට සිය දෙමාපියන් සමග සංක්‍රමණය වූ ඔහු ලෝක පුජිත චෙස් ක්‍රීඩකයෙක් බවට පත්වෙනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-12-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.