Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    GoHomeGota2022 පළමු ෆේස්බුක් පිටුව “ජාතික ජන බලවේගය දිනවමු” ලෙස වෙනස් වුණා ද?

    2023-01-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලන වේදිකා තරම් ම දේශපාලන සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන් ද, මේ වනවිට උණුසුම් මාතෘකා වී තිබෙනවා. මේ හේතුවෙන් අසත්‍ය තොරතුරු වේගවත් ව සංසරණය වීම අපට දැක ගන්නට ලැබෙනවා. එවැනි නොමග යවන සුළු සම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    දේශපාලන වේදිකා තරම් ම දේශපාලන සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන් ද, මේ වනවිට උණුසුම් මාතෘකා වී තිබෙනවා. මේ හේතුවෙන් අසත්‍ය තොරතුරු වේගවත් ව සංසරණය වීම අපට දැක ගන්නට ලැබෙනවා. එවැනි නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයක් පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “Gotagohome පාඨය ගෙනාවේ කව්ද කියලා දැන් තමයි එළ වෙන්නේ. මෙයත් තවත් දේශපාලන ගුලියක්” යනුවෙන් සඳහන් කරමින්, GoHomeGota2022 නමැති ෆේස්බුක් පිටුවක එහි නම “ජාතික ජන බලවේගය දිනවමු – NPP මාලිමාව”යනුවෙන් වෙනස් වූ බවට ෆේස්බුක් දැනුම්දීමක්(Notifiation) පැමිණි බව දක්වමින් සටහනක් පළ කර තිබුණා.

    ඉන් අර්ථවත් කර තිබුණේ, GoHomeGota2022 මෙලෙස වෙනස් වී ඇති බවයි.

    Facebook | Archived Link

    මෙහි සඳහන් වන්නේ සත්‍යක් ද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සටහනේ දැක් වූ ලෙස 2022 වර්ෂයේ අරගල සමයේ GoHomeGota2022 ලෙස නිර්මාණය කර තිබූ පළමු ‍ෆේස්බුක් පිටුව මෙලෙස “ජාතික ජන බලවේගය දිනවමු – NPP මාලිමාව” ලෙස වෙනස් වී ඇත්ද යන්නයි.

    “GoHomeGota2022” ලෙස නිල වශයෙන් පළමු වරට නිර්මාණය කර තිබූ එම පිටුව “GoHomeGota2022” නමින් තවමත් සක්‍රීයව පවතින බවට අපට දැක ගන්නට ලැබුණා. එම පිටුවට පිවිසීම මෙතනින්.

    එමෙන්ම එම පිටුව 2022 වසරේ මාර්තු 15 වන දා නිර්මාණය කර තිබූ බවට අපට දැක ගන්නට ලැබුණා.

    GoHomeGota2022

    “GoHomeGota2022” නමින් නිර්මාණය කර තිබූ තව ත් ෆේස්බුක් පිටු විශාල සංඛ්‍යාවක් ද, අපට දැකගන්ට ලැබුණා.

    ඉන් අනතුරුව ඉහත සටහනේ දැක්වූ ලෙස නම “ජාතික ජන බලවේගය දිනවමු – NPP මාලිමාව” ලෙස සඳහන් ෆේස්බුක් පිටුවක් ඇත් ද යන්න පිළිබඳ අප විමර්ශනය සිදු කළා. එනමින් ෆේස්බුක් පිටුවක් ද, ඇති බවද මෙලෙසින් දැක ගන්නට ලැබුණා. එමෙන්ම එම පිටුවේ 2021 වසරේ දෙසැම්බර් මස නිර්මාණය කර ඇති බවට දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.

    NPP

    GoHomeGota2022 සඳහන් වෙනත් ෆේස්බුක් පිටුවක් මෙලෙසින් “ජාතික ජන බලවේගය දිනවමු – NPP මාලිමාව” ලෙස වෙනස් කර ඇත්දැයි යන්න පිළිබඳ අප කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, ඉහත සමාජ මාධ්‍ය සටහන් පෙන්වා දී ඇති පරිදි සාමාජිකයින් 35,000කට අධික ප්‍රමාණයක් සිටින “ජාතික ජන බලවේගය දිනවමු – NPP – මාලිමාව” ලෙස තව ත් ෆේස්බුක් පිටුවක් පවතින බවයි. එය මීට පෙර GoHomeGota2022 🇱🇰 ලෙස සඳහන් ව තිබූ පසුගිය ජනවාරි 05 වන දා ජාතික ජන බලවේගය දිනවමු – NPP – මාලිමාව ලෙස වෙනස් කර ඇති බවට අපට දැක ගන්නට ලැබුණා.

    ඒ අනුව පැහැදිලි වන්නේ මෙම පිටුව 2022 වසරේ අරගලය වෙනුවෙන් නිර්මාණය කරන ලද GoHomeGota2022 පළමු ෆේස්බුක් පිටුව නොවන බවටයි.

    තව දුරටත් අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා GoHomeGota2022 පළමු ෆේස්බුක් පිටුව නිර්මාතෘ අනුරුද්ධ බණ්ඩාරගෙන් ද, විමසීමක් කළා. ඔහු තහවුරු කළේ ද, GoHomeGota2022 පාඨය ඇතුළත් කර පළමු ෆේස්බුක් පිටුව මෙය බව ත්, එම පිටුව තවමත් ඇත්තේ එනමින් බව ත්, කිසිදු අවස්ථාවක එය වෙනස් නොකෙරූ බවයි. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අරගල සමයේ නිර්මාණය වූ GoHomeGota2022 නමැති පළමු ෆේස්බුක් පිටුව එහි නම “ජාතික ජන බලවේගය දිනවමු – NPP මාලිමාව”යනුවෙන් වෙනස් කර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූයේ නොමගය යවන සටහනකි. GoHomeGota2022 පළමු ෆේස්බුක් පිටුව මේ වන විට ත් GoHomeGota2022 නමින් පවතින අතර GoHomeGota2022 ලෙස තවත් ෆේස්බුක් පිටු මේ වන විට බහුලව නිර්මාණය වී තිබේ. එවැනි පිටුවක් “ජාතික ජන බලවේගය දිනවමු – NPP මාලිමාව” ලෙසට වෙනස් කර තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-01-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.