Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මැදිරිගිරියේ ඩ්‍රෝන භාවිත කර කෘමිනාශක ඉසීම සම්බන්ධව නොමග යන සුළු සටහනක්!

    2023-12-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩ්‍රෝන තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ නව සංකල්පයක් නොවේ.  එය වීඩියෝකරණය සහ ආරක්ෂාව වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා බහුලව භාවිතා කරනු ලබයි. නමුත් පසුගියදා මැදිරිගිරිය සමුපකාරය විසින් කුඹුරුවලට කෘමිනාශක ඉස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ඩ්‍රෝන තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ නව සංකල්පයක් නොවේ.  එය වීඩියෝකරණය සහ ආරක්ෂාව වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා බහුලව භාවිතා කරනු ලබයි. නමුත් පසුගියදා මැදිරිගිරිය සමුපකාරය විසින් කුඹුරුවලට කෘමිනාශක ඉසීමට ඩ්‍රෝන යානා යොදා ගැනුණු අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු කරුණු ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබුණා. මේ ඒ පිළිබඳව Factcrescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    “හොරව්පතාන දුප්පත් ගොවි පවුලක ඉපදිලා මොරටුවෙන් ඉංජිනේරු උපාධිය අරන් මාලිමාවේ මැදිරිගිරිය සමූපකාර සමිතියෙ පළවෙනි රැකියාව ලැබිල මාස 6 න් වැඩ පෙන්නපු අපේ වීරයා” යනුවෙන් සඳහන් කළ සටහනක එම පුද්ගලයාගේ බවට දක්වමින් ඡායාරූප සටහනක් ද, සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook| Archived FB | Archived

    මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳ බොහෝ දෙනෙකු විමසා සිටි අතර මේ පිළිබඳව අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) : 

    පසුගියදා ජාතික ජන බලවේගය නියෝජනය කරන මැදිරිගිරිය සමුපකාර සමිතිය විසින් ලංකාවේ කුඹුරු යායවල කෘමිනාශක ඉසීම සඳහා ඩ්‍රෝන භාවිතා කිරීමේ නියමු ව්‍යාපෘතියක් (Pilot Project) හඳුන්වා දී තිබුණා.

    මැදිරිගිරිය සමුපකාරයේ සභාපති අරුණ ශාන්ත මහතා විසින් එම අවස්ථාවේ වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතර එම වීඩියෝව විශ්ලේෂණය කිරීමේ දී ද, දැක ගන්නට ලැබු‍‍‍ණේ ඉහත ඡායාරූප සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පසුබිම සහ ඉහත සැබෑ අවස්ථාවේ වීඩියෝවල වෙනස්කම් දැක ගන්නට ලැබෙන බවයි.

    ඒ අනුව පෙනී යන්නේ සමාජ මාධ්‍යවල සංසරණය වන පින්තූර මැදිරිගිරියේ සැබෑ ඩ්‍රෝන ඉසීමේ සිදුවීම හා සම්බන්ධ නොවන බවයි.

    එමෙන්ම ඉහත සමාජ මාධ්‍ය සටහනේ මැදිරිගිරිය සමුපකාරයේ සේවය කරන බවට පැවසූ එම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා සම්බන්ධ තොරතුරු විමර්ශනය කළත් එම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයෙකු සම්බන්ධ තොරතුරුක් අපට හමු නොවීය. මේ හේතුවෙන් අප එම ඡායාරූපReverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව අපට අනාවරණය වූයේ එම ඡායාරූප වල දැක්වෙන්නේ, Freepik සහ Alamy වැනි ඡායාරූප ගබඩා කර ඇති වෙබ් අඩවි වලින් ලබා ගෙන ඇති විදේශීය ඡායාරූප බවයි.

    Freepik

    Alamy

    FreePik

    මැදිරිගිරිය සමුපකාරයේ සභාපති

    මැදිරිගිරිය සමුපකාර සභාපති අරුණ ශාන්ත මහතා මෙම සමාජ මාධ්‍ය සටහන් ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ, එය මොරටුව ඉංජිනේරු පීඨ උපාධිධාරියෙකුගේ සහ සමුපකාරයේ සේවය කරන ඉංජිනේරු උපාධිධාරියෙකුගේ සම්බන්ධයක් නොමැති බවත්, එය මැදිරිගිරිය සමුපකාරයේ අදහසක් අනුව ක්‍රියාත්මක කරන්නට යෙදුණු බවයි. එය නියමු ව්‍යාපෘතියක් වන අතර එය නොවැම්බර් 29 වන දින ආරම්භ කර දිගටම ක්‍රියාත්මක වන බව ත්, පළමු දිනයේ අක්කර 8කට පමණ කෘමිනාශක ඉසින බවද, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    ඩ්‍රෝන භාවිත කරමින් මෑතක දී ලංකාවේ සිදුවූ වෙනත් කෘෂි ව්‍යාපෘති

    අපි තවදුරටත් ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යාපෘති මීට පෙර ක්‍රියාත්මක වී ඇත්දැයි යන්න පිළිබඳව ද,  සොයා බැලුවෙමු.

    නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සහයෝගී හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන සංකල්ප ද සිල්වා නමැති තරුණයෙකු විසින් අක්කර 2.5 ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි විනාඩි 4 කින් කෘමිනාශක සහ පළිබෝධනාශක ඉසීමට හැකි ඩ්‍රෝන යානයක් නිර්මාණය කර ඇති පුවතක් වාර්තා වෙනවා.  ඔහු පොළොන්නරුව මහවැලි ‘බී’ කලාපයේ ගම්වාසීන් කිහිප දෙනෙකු සමඟ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ඔහු දැනට වසර තුනක පමණ කාලයක සිට එවැනි ව්‍යාපෘති කරමින් සිටී මේ ගැන වැඩි විස්තර මෙතනින් සහ මෙතනින්.

    කෙසේ වෙතත් මැදිරිගිරියේ කෘමිනාශක ඉසීමට ඔහුගේ ඩ්‍රෝන යානා යොදවා ඇත්දැයි යන්න විමසීමට අපි සංකල්ප ද සිල්වා සම්බන්ධ කර ගනු ලැබුවා. ඔහු සඳහන් කළේ, දේශපාලනයට තමාගේ සම්බන්ධයක් නොමැති බවත්, තමාගේ ඩ්‍රෝන යානා මැදිරිගිරියේ ව්‍යාපෘතියට භාවිත නොකළ බවයි. තමාගේ දැනුමට අනුව මැදිරිගිරියේ මෙහෙයුම සඳහා යොදාගත් ඩ්‍රෝන යානා ආනයනය කර ඇති ඩ්‍රෝනයක් බවත් ඔහු සඳහන් කළා.

    Fact Check: Misleading Claims Surrounding Drone Insecticide Spraying in Medirigiriya, Sri Lanka

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-12-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.