Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ජාතික ජන බලවේගයේ නායකයන් සම්බන්ධ කර ගනිමින් පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

    2021-10-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර

    ජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්.

    සමාජ ජාලා සටහන් 

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා  විසින් හිරු සලකුණ වැඩසටහෙනේ දී දක්වන ලද අදහසක් ලෙස ඔහුගේ ඡායාරූපයක්ද සමගින් සටහනක් එක්කර තිබුණේ එහිදී ඔහු විසින් පහත පදිරි ප්‍රකාශයක් සිදුකළ බව ඒත්තු ගන්වමින්.

    එහි සඳහන්ව තිබුනේ “රාජිත ඖෂධ හොරකමට සම්බන්ධ නෑ. ඒක මම වගකීමෙන් ප්‍රකාශ කරනවා “ ලෙසයි.

    Facebook| Archived

    එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, කතානායක අසුනේ සිටින බව දැක්වෙන ඡායාරුපයක් සමඟින් පළවූ සමාජ ජාල සටහනක දැක්වුණේ  “කතානායක හීනය සැබෑ කරගත් හරිනී අමරසූරියට සුබ පැතුම්” යනුවෙනි.

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.)

    අපි මුලින්ම විමසා බැලුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක සම්බන්ධයෙන් පළව තිබූ ෆේස්බුක් සටහන පිළිබදවයි.

    එහි සදහන්ව තිබූ ඔක්තෝබර් 4 දින විකාශයවූ හිරු ටීවී  සලකුණ වැඩසටහන අපගේ නිරීක්ෂණයට ලක්වුණා. කෙසේනමුත් අදාල වැඩසටහන තුළදී ඔහු සමාජ ජාල සටහන්වල පළවූ ආකාරයේ ප්‍රකාශයක් සඳහන් කරන්නේ නැහැ. හිරු ටී.වී සලකුණ වැඩසටහනේ, ජ.වි.පෙ නායකයාගේ කතාව පහතින්. (18 විනාඩියේ සිට)

    රාජිත සේනානායක හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට එල්ලවන ඖෂධ වංචාව පිළිබදව වූ චෝදනාව සම්බන්ධ කතිකාවතක් වැඩසටහනේ මතුවූ විට අනුරකුමාර මන්ත්‍රීවරයා පැවසුවේ රාජිත හිටපු ඇමැතිවරයා වංචා කල බවට , වත්මන් ඇමැති ඡන්න ජයසුමන දත්ත ඉදිරිපත් කරමින් චෝදනා එල්ල කරන බවත් , වත්මන් ඇමැති ජයසුමන වංචා කරන බවට හිටපු ඇමැති රාජිත දත්ත ඉදිරිපත් කරමින් චෝදනා කරන බවය. කෙසේ වෙතත් දෙදෙනාම බලය හෙබවූ දෙදෙනෙකු බවයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කලේ.

    ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් අප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ දැක්වෙන ප්‍රකාශය පිළිබඳව විමසා බැලුවා. එහිදී එහි මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ, ජ.වි.පෙ නායකයා මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

    ඉන්පසුව අප අවධානය යොමු කළේ, ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් පළව තිබූ සමාජ ජාලා සටහන පිළිබඳවයි. ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් මේ පිළිබදව කළ විමසීමකදී පැවසුවේ, ඇය කතානායකවරයා නොමැති අවස්ථාවලදී ,කතානායක අසුනේ වාඩිවී මූලාසනය මෙහෙයවන මන්ත්‍රීවරුන් අතරින් කෙනෙක් බවත්, එසේ නොමැතිව ඇය කතානායක ධූරයට පත්වීමක් ලබා නොමැති බවයි. එම ඡායාරූපය , ඇය විසින් කතානායක අසුනේ වාඩිවී සිටියදී ලබාගත් එකක් වියහැකි බවද ඔවුන් පැවසුවා.

    මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මාධ්‍ය අංශයෙන් විමසීමේදී ද තහවුරු කළේ ,කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, කාරක සභා සභාපතිවරයා යන අය නොමැති අවස්ථාවල දී කතානායක ආසනය (මූලාසනය) ට පැමිණ අසුන්ගෙන පාර්ලිමේන්තු සැසි වාර මෙහෙයවීමට, ආණ්ඩු පක්ෂයේ ඇමැති ධූර නොදරන, පසුපෙළ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු සහිත 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටින බවයි. ඔවුන්ට ඒ සදහා විශේෂ පුහුණුවක්ද ලබාදී ඇති බවත් ආචාර්ය හරිනි අමරසූරියද ඉන් එක් අයෙක් බවත් අපට පැහැදිලි කර සිටියා. මේ අයුරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝකිල ගුණවර්ධන පාර්ලිම්නේතු මන්ත්‍රිනිය ද කතානායක මුලසුන හොබවන අවස්ථා අපට පාර්ලිමේන්තු සැසිවාරවලදී දැක ගන්නට ලැබෙනවා.

    Additional Info:

    මෙසේ , නියෝජ්‍ය කතානායකවරයා පැමිණ නොසිටින අවස්ථාවක දී, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාගේ ඉල්ලීම මත තාවකාලික සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට පත්කරන සභාපති නාමාවලියක් (Panel of Chairs) පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ මෙසේ දක්වා තිබෙනවා.

    සිංහල | English

    මෙම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව කථානායක වරයා විසින් ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය සභාපති නාමාවලිය සඳහා නම් කරමින් සිදුකල දැනුම් දීමක් 2021 අප්‍රේල් 09 පාර්ලිමේන්තු විවාද නිල වාර්තා වේ ද දැක ගන්නට ලැබෙනවා.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ නවවැනි පාර්ලි‌මේන්තුවේ, 2020 වසරේ සිට මේ දක්වා කතානායක ධුරය දරන්නේ මහින්ද යාපා අබේවර්ධන මහතාය.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අප  විසින් සිදුකරන ලද ගවේෂණයට අනුව තහවුරු වූයේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඖෂධ හොරකමකට සම්බන්ධ නැතැයි යනුවෙන් සමාජ ජාලාවල සඳහන් ආකාරයේ ප්‍රකාශයක් හිරු ටී.වී සලකුණ වැඩසටහනේදී සඳහන් කර නොමැති බවයි. 

    එමෙන්ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ආචාර්ය හරිනි අමරසූරිය කතානායක ධූරයට පත්වූවා වැනි වැරදි අරුතක් මතුවන ආකාරයෙන් පළවන ෆේස්බුක් සටහනද නොමග යන සුළු අතර ඇය, කතානායක , නියෝජ්‍ය කතානායක හා කාරක සභා සභාපතිවරයා යන අය කතානායක මුලසුන හොබවන්නේ නැති අවස්ථාවල දී ,මූලාසනයට පැමිණ පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවන, ආණ්ඩු පක්ෂය පසුපෙළ සහ ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් මන්ත්‍රීවරු 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ එක් අයෙක් පමණි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-10-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.