Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වැටුප් නොගෙන වැඩ කිරීමේ තීරණයක්? 

    2024-11-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තුව පත් වීමත් සමග නවක මන්ත්‍රීවරුන් කුමන ආකාරයෙන් කටයුතු කරන්නේ ද, යන්න පිළිබඳ බොහෝ දෙනෙකු විමසිලිමත් වනවා. නව රජයේ උපදේශකවරු ලෙස පත්වූ පුද්ගලයින් කිහිපදෙනෙක්ම වැටුප් රහිත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    10 වන පාර්ලිමේන්තුව පත් වීමත් සමග නවක මන්ත්‍රීවරුන් කුමන ආකාරයෙන් කටයුතු කරන්නේ ද, යන්න පිළිබඳ බොහෝ දෙනෙකු විමසිලිමත් වනවා. නව රජයේ උපදේශකවරු ලෙස පත්වූ පුද්ගලයින් කිහිපදෙනෙක්ම වැටුප් රහිතව සේවය ලබාදීමට කටයුතු කර තිබු පසුබිමක, ජාතික ජන බලවේගයේ නව මන්ත්‍රීවරුන් ද වැටුප් නොමැතිව රාජකාරි කටයුතු වල යෙදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ආණ්ඩුවේ මන්ත්‍රීන් වැටුප් නොගෙන වැඩ කරන්න තීන්දු කරයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    ජාතික ජන බලවේගයෙ යටතේ මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින සියලුම මන්ත්‍රීවරුන් සහ පත් කරන ඇමතිවරුන් සියලුම දෙනා වැටුප් නොගෙන රාජකාරී කිරීමට සූදානම් බව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළ බව ද, මෙම සබැඳියෙන් දක්වා ඇති පුවතේ සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link

    මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ පරිශීලකයින් අතර හුවමාරු වූයේ මෙලෙසින්.

    මෙම සටහන් වල දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැටුපක් ලබා නොගන්නා බවයි.

    ඉහත සඳහන් කරුණෙහි සත්‍යතාවයක් තිබේ ද, යන්න අප පරීක්ෂා කර බැලීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම):

    ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් සියලුම දෙනා ම මන්ත්‍රී වැටුප් නොගන්නා බවට, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයෙකු වන සුසන්ත කුමාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසූ බවට ඉහත සටහන් පෙන්වා දී තිබුණා. 

    සුසන්ත කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක්!

    එවැනි මාධ්‍ය හමුවක ඔහු විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරාවක දැක ගන්නට නොලැබුණු බැවින්, අප මේ පිළිබඳව මන්ත්‍රී සුසන්ත කුමාරගෙන් විමසීමක් කළා. ඒ මහතා පැවසුවේ, තමන් සිදු කළ ප්‍රකාශය නොමග යන සුළු අන්දමින් ඇතැම් පුවත් වාර්තා කර ඇති බවයි. 

    තමන් පැවසුවේ, ජාතික ජනබලවේගයේ නවක මන්ත්‍රීවරුන්ට හිමි වැටුප් පක්ෂයේ අරමුදල සඳහා යොමු කරන බවත්, ඒ හේතුවෙන් වැටුප් ගන්නා යනුවෙන් කළ ප්‍රකාශය සඳහන් කළ බවත්, පක්ෂයේ අරමුදලට එම මුදල් බැර කිරීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයේ කොටස, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් වලට ඇතුළත් කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

    කෙසේවෙතත් සුසන්ත කුමාරගේ විසින් සිදු කළ ප්‍රකාශය ඇතුළත් මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝවක් ඇත් ද, යන්න අප පරීක්ෂා කළ ත්, මෙතෙක් හමු නොවූ බැවින් අපට ඔහු විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳ කරුණු ස්වාධීනව සත්‍යාපනය කළ නොහැක.

    නමුත් එම පක්ෂයේ නවක මන්ත්‍රීවරුන්, තමන් ට හිමි මන්ත්‍රී වැටුප ලබා නොගෙන රාජකාරි කටයුතු කිරීමට පියවර ගෙන ඇත් ද, යන කාරණය පිළිබඳ අප සොයා බැලීමට පියවර ගත්තා. 

    ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබා ගන්නා මන්ත්‍රී වැටුප පක්ෂයේ අරමුදලට බැර කිරීම ගැන, එම පක්ෂයේ පසුගිය ආණ්ඩුවල හිටපු මන්ත්‍රීවරුන් ද කිහිප අවස්ථාවක දී ම ප්‍රකාශ කර තිබූ බැවින් මේ ගැන කරුණු පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

    මේ පිළිබඳව ජාතික ජන බලවේගයෙන් විමසීමක් කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ, මන්ත්‍රීවරුන් පෙර සිට ම පාර්ලිමේන්තුවෙන් නියමිත මන්ත්‍රී වැටුප ලැබුණු බවත්, එම මුදල් තම භාවිතයට නොගෙන පක්ෂයේ අරමුදල සඳහා යොමු කළ බවයි. 

    නමුත් ජාතික ජන බලවේගය යටතේ පත් වූ නවක මන්ත්‍රීවරුන් සඳහා ඔවුන්ට හිමි මන්ත්‍රී වැටුප පක්ෂයේ අරමුදලට යොමු කරනවාද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡාවන් සිදු වන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

    ඒ අනුව පැහැදිලි වන්නේ, පාර්ලිමේන්තුව විසින් එම පක්ෂයෙන් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් සඳහා පෙර සිට ම වැටුප් ගෙවීමක් සිදුකළ බවත්, පක්ෂය සහ එම මන්ත්‍රීවරුන් පවසන පරිදි, එම ගෙවීම්, පක්ෂයේ අරමුදල සඳහා යොමුකර ඇති බවයි.

    මැති, ඇමතිවරු, සහ මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුව විසින් ලබා දෙන වැටුප් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ද, ලබා ගන්නා බවට තොරතුරු තහවුරු කර ගැනීමට Factcrescendo අප තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාගෙන් විමසීමක් කළ අතර එම පිළිතුරු ලිපිය ලැබුණු පසු මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වන්නෙමු.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.