Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පියවරු අට දෙනෙකුට දාව ඉපදුනු පිරිමි දරුවන් අට දෙනෙකු හදන මවක්?

    2021-10-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දරුවන් වැඩි ප්‍රමාණයක් ලැබීමේ පුවත් සඳහා මාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් ලැබෙනු අපට දැකගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් එවැනි පුවත් අළලා විවිධාකාරයේ තහවුරු නොවූ සහ ව්‍යාජ තොරතුරු ද විටින් විට හුවමාරු වෙනවා. මේ ආකාරයේ පියවරු 8 දෙනෙකුට දාව පිරිමි දරුවන් 8 දෙනෙක් බිහි

    දරුවන් වැඩි ප්‍රමාණයක් ලැබීමේ පුවත් සඳහා මාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් ලැබෙනු අපට දැකගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් එවැනි පුවත් අළලා විවිධාකාරයේ තහවුරු නොවූ සහ ව්‍යාජ තොරතුරු ද විටින් විට හුවමාරු වෙනවා. මේ ආකාරයේ පියවරු 8 දෙනෙකුට දාව පිරිමි දරුවන් 8 දෙනෙක් බිහිකරගත් කාන්තාවක් පිළිබඳ පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “තාත්තලා අට දෙනෙක් දාව ඉපදුනු පුත්තු අටක් හදන තරුණ අම්මා”  යන තේමාවෙන් හුවමාරු වී තිබු සටහනක් පහතින්.

    Facebook | Archived

    එම පුවත වැඩි දුරටත් විස්තර සහිතව ඔවුන්ගේ වෙබ් අඩවියේ පල කර තිබුනේ පහත අයුරින්.

    gossiplankanews.lk | Archived

    එම පුවතට අනුව Yalancia නම් කාන්තාවකට පිරිමි අට දෙනෙකුට දාව දරුවන්  8 දෙනෙකු ලැබී ඇති අතර ඇය එසේ විවිවිධ පුද්ගලයින්ගෙන් දරුවන් ලැබී තිබූ බව පිළිගන්නා බවත් දැනට මයික් නම් සහකරු සමග මෙම ඡායාරූප වල පෙනී සිටින බවත් දක්වා තිබුණා.

    මෙම සටහන් ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබූ අයුරු පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අපගේ සොයා බැලීම් වලට අනුව Yalancia නම් කාන්තාව පිරිමි දරුවන් අට දෙනෙකුගේ මවක් වන අතර Michael Rosario නම් ඇයගේ සහකරු එම දරුවන්ගේ පියා බව ඇය පෙන්වා දෙනවා. පිරිමි දරුවන් අට දෙනෙකු ගේ පවුලක් ලෙස ඔවුන් එම පවුලේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාල තුල That Rosario Life නමින් නිතර පළ කර තිබෙනවා.

    විවිධ කාලයන්හිදී මෙම Michael Rosario සහ  Yalancia Palmer දෙපළ විසින් තම දරුවන්ගේ සහ තම පවුලේ තොරතුරු මෙම සමාජ මාධ්‍ය තුළ පළ කර තිබෙන අයුරු අපට දැකගන්නට පුලුවන්.

    ඔවුන්ගේ සමාජ ජාල ගිණුම් පහතින්

    Youtube   Instagram   Tiktok  

    29 හැවිරිදි Yalancia Palmer ගේ පළමු දරුවා ලැබී ඇත්තේ ඇයට වයස අවුරුදු 17 දීයි. මෙම දරුවන් අට දෙනාට විවිධ පියවරු සිටී දැයි මිනිසුන් නිතර ප්‍රශ්න කිරීම පිළිබඳ වෙහෙසට පත්වී ඇති බව thesun වෙබ් අඩවියට දක්වමින් ඇය පවසා තිබුනේ මේ සියල්ලන්ගේ ම පියා සිය සැමියා බවත් ඔවුන්ගේ අරමුණ දරුවන් 10 දෙනෙකු  දක්වා තම පවුල දිගටම වර්ධනය කර ගැනීම බවත්ය.

    thesun.co.uk | Archived

    8 වෙනි වරට ඉපදුනු පිරිමි දරුවා හඳුන්වාදෙමින් Michael Rosario ටික් ටොක් වෙත ඉදිරිපත් කර තිබූ වීඩියෝව විශාල පිරිසක් නරඹා තිබුණු බව දක්වමින් goodmorningamerica නම් වෙබ් අඩවිය කරුණු වාර්තා කර තිබුනා.එය පහතින්

    goodmorningamerica.com | Archived

    අමරිකාවේ වෙසෙන මෙම යුවල මේ වනවිට අන්තර්ජාලය හරහා බෙහෙවින් ජනප්‍රියව ඇති අතර ඔවුන්ගේ දරුවන් සමග සමාජ ජාලා වලට එකතු කරන වීඩියෝ හේතුවෙන් ඔවුන් මෙසේ ජනප්‍රිය වී තිබෙනවා. ඔවුන් සම්බන්ධ පුවත් වරින් වර වාර්තා වන අතර කිසිම විටෙක මෙම දරුවන් 8 දෙනා විවිධ පියවරුන්ගේ බව කිසිම අවස්ථාවක එම දෙමව්පියන් පවසන්නේ නැත.

    මෙසේ පිරිමි දරුවන්ම 8 දෙනෙකු ලබගනීමෙට කටයුතු කලේ කෙසේද යන්න තමාගෙන් නිතරම විවිධ ඇය අසන බවත් ඒ සඳහා උපහාසාත්මකව Yalancia විසින් ප්‍රතිචාර ලබා දී තිබුනේ මෙලෙසින්

    Conclusion (අවසාන නිගමනය) 

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී සමාජ මාධ්‍ය පස්සේ හුවමාරු කරගෙන තිබු පියවරුවන් අට දෙනෙක් දාව ඉපදුනු පුත්තු අටක් හදන තරුණ අම්මා කෙනෙක් පිළිබඳව එම මව විසින් සිදුකළ ප්‍රකාශයක් ලෙස සඳන් කරමින් පළ කර තිබුනේ නොමඟ යවන සුළු අසත්‍ය සටහනක් බව පෙන්වා දිය හැක. මෙම පිරිමි දරුවන් අට දෙනාගේ පියා සහ මව වන Michael Rosario සහ  Yalancia Palmer දෙපළ විසින් කිසිවිටෙකත් මෙම දරුවන් විවිධ පියවරුන්ගේ බවක් පවසා තිබු බවක් වාර්තා වන්නේ නැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-10-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.