Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පැවදි වූ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග අපවත් වූ පුවත ඇත්තක්ද?

    2021-10-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සෝමසිරි අලකොලංග නමින් බොහෝ දෙනා දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට පසුව මීට වසර කිහිපයකට පෙර පැවදි දිවියට එළඹී, හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් අද දින අපවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සෝමසිරි අලකොලංග නමින් බොහෝ දෙනා දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට පසුව මීට වසර කිහිපයකට පෙර පැවදි දිවියට එළඹී, හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් අද දින අපවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ සෝමසිරි අලකොලංග නමින් ප්‍රකට ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට මීට වසර කිහිපයකට පෙර පැවදි වූ උන්වහන්සේ අපවත් වී වදාළ බවට වාර්තා වේ.” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

    Facebook | Archived Link     Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත රැගත් සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    2017 වර්ෂයේදී ගිහි කළ ප්‍රවීන නළු සෝමසිරි අලකොලංග මහතා සසුන් ගතවීමෙන් පසු හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් ලෙස හැඳින් වෙන හිමියන් අද දින අපවත් වූ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක පළ වී නොතිබුණු බවට අපට නිරීක්ෂණය විය. 

    හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියන් සසුන්ගත වූ ගාල්ල, උලුවිටිකේ ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයෙන් අප විමසීමක් කළ අතර එහි වැඩවසන හිමිනමක් තහවුරු කළේ” හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් අපවත් වූ පුවත අසත්‍ය බවයි. උන්වහන්සේ අසාධ්‍ය තත්ත්වයට පත්වුවත් මේ වන විට නිසි ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් උන්වහන්සේ සුවය ලබමින් සිටින බවයි තහවුරු කළේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුර කර ගැනීම සඳහා අප උන්වහන්සේගේ ගිහිකළ බිරිඳ වූ රංගන ශිල්පිණී රමණි අලකොලාංග මහත්මිය සම්බන්ධ කර ගත් අතර ඒ මහත්මිය සඳහන් කළේ ද, මෙම පුවත අසත්‍ය බවයි. මීට මසකට පමණ පෙර උන්වහන්සේ කොරෝනා රෝගය ආසාදිත වී සුව වූ බවත් මෑතකදී ඇති වූ වෙනත් අසනීප තත්ත්වයක් ඇති වූවත් ඉන් ද සුවය ලබා මේ වන විට සාමාන්‍ය ලෙස සිටින බවයි.

    ගායන ශිල්පී දයාන් විතාරණ මහතාද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණේ, සමාජ මාධ්‍ය සටහන්වල පළ වූ පුවත අසත්‍ය බවයි. 

    Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් (ගිහි කළ ප්‍රවීන රංගන ශිල්පී සෝමසිරි අලකොලංග මහතා) අපවත් වූ බවට පළ වන පුවත නොමඟ යවන සුළු, අසත්‍ය පුවතක් බවයි. හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියන් සසුන්ගත වූ ගාල්ල, උලුවිටිකේ ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයෙන් සහ රංගන ශිල්පිණී රමණි අලකොලාංග මහත්මිය (ගිහි කළ බිරිඳ) ද සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පුවත අසත්‍ය බවට තහවුරු කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-10-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.