Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකා අනුරුවකට එල්ලකළ මිසයිල ප්‍රහාරයක් පිළිබඳ නොමඟ යවන සුළු සිරස්තලයක් සහිත පුවත් පෙළක්.

    2020-08-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලෝක බලවතෙකු  වන ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය, සුහද සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති රටවල් දෙකක් නොවේ. පසුගිය දිනක “ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්” තේමාවෙන් මගේ රට නැමැති ෆේස්බුක් පිටුවක් කූඹියෝ නිව්ස් නැමැති වෙබ් අඩවිය උපුටා ගනි

    ලෝක බලවතෙකු  වන ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය, සුහද සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති රටවල් දෙකක් නොවේ. පසුගිය දිනක “ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්” තේමාවෙන් මගේ රට නැමැති ෆේස්බුක් පිටුවක් කූඹියෝ නිව්ස් නැමැති වෙබ් අඩවිය උපුටා ගනිමින් පහත ඇති ප්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය. කෙසේවතත් එම පුවත ඇතුලත පහත විස්තරය දක්වා තිබුණි.

     “ඉරානය ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    හෝමස් සමුද්‍ර සන්ධියේ නැංගුරම් ලා තිබූ ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකා අනුරුවකටයි ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ.  ඉරානය සිදුකළ මිසයිල අත්හදා බැලීමක් අතරතුරදී මෙම අනතුර සිදු වූ බව ඉරානය පවසනවා.

     ඉරානය සහ ඇමෙරිකාව අතර ගල්ෆ් මුහුදු කලාපය සම්බන්ධයෙන් දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති මොහොතක සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ දැඩි අවධානය යොමුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.”

    මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර බොහොමයක් මෙයා නොමඟ යවන සුළු සිරස්තලයක් ලෙස ප්‍රතිචාර දැක්වීම සහ බොහෝ දෙනෙක් මෙය සාවද්‍ය පුවතක් ලෙස වාර්තා කර තිබු බැවින් මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    FB LinkArchived LinkArticle LinkArchived Link

    මෙම සටහන වෙනත් ෆේස්බුක් පිටු කිහිපයක ද ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    එම සටහනේ වූ ප්‍රවෘත්තිය කියවා බැලීමේදී “ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්” සිරස්තලයෙන් ඉදිරිපත් කර තිබුණද, කථාංගයෙන් පවසන්නේ ඉරානය විසින්, යුද අභ්‍යාසයක දී, ඇමරිකානු ගුවන් යානා ප්‍රහාරක නෞකාවක අනුරුවකට ඉදි කර තිබූ ආකෘතියකට, මිසයිල ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දැමූ බවකි.

    මෙම සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස, ජාත්‍යන්තර මාධ්‍යයෙහි ඇති වාර්තා සඳහා ගූගල් සෙවීමක් කළෙමු. සෑම ජාත්‍යන්තර මාධ්‍යයක්ම වාර්තා කර තිබුණේ හෝමස් සමුද්‍රසන්ධිය ආසන්නේ ඉරාන සන්නද්ධ හමුදා විසින් කළ යුද අභ්‍යාසයක දී, ඇමරිකානු ගුවන් ප්‍රහාරක නෞකාවක  අනුරුවකට ඉදි කර තිබූ ආකෘතියක්, මිසයිල ප්‍රහාරයක් මගින් විනාශ කර දැමූ බවයි. CNBC ප්‍රවෘත්ති සේවයේ “Iran fires missiles at mock U.S. Navy ship in drill, American bases go on alert” සිරස්තලයෙන් ඉදිරිපත් කර තිබූ වාර්තාව සහ වීඩියෝ පටය පහත දක්වා ඇත.

    CNBC | Aljazeera 

    එසේම මෙසේ ඉරානය විසින් ඇමරිකානු නෞකාවේ අනුරුවට සිදුකල ප්‍රහාර හේතුවෙන් මෙය ගිලී යාමට ඉඩ ඇති ස්ථානය පිලිබඳ පළවූ වාර්තාවක් මෙලෙසින්

    ඇමරිකානු නාවික හමුදාව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් උපහාසාත්මක සටහනක් මෙලෙස ඉදිරිපත් කර තිබු අයුරු ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල පරීක්ෂා කිරීමේදී දැකගැනීමට හැකිවිය.

    View this post on Instagram

    A post shared by US Navy (@usnavy)

    එසේම 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉරාන සන්නද්ධ හමුදා කළ යුද අභ්‍යාසයක දී,  ඇමරිකානු ගුවන් යානා ප්‍රහාරක නෞකාවක අනුරුවකට අනුව නිමවා තිබූ ආකෘතියකට මිසයිල ප්‍රහාරයක් එල්ලකර විනාශ කර දැමූ බවයි.

    එබැවින්   “ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්” සිරස්තලයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රවෘත්තිය නොමඟ යවන සුළු සිරස් තලයක් සහිත සටහනක් බව නිගමනය කරමු 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.