Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඇන්ටාක්ටිකාව අයිස්වලින් වැසි ඇති ආකාරය අභ්‍යවකාශයට පෙනෙන අයුරු ද?( PHOTO)

    2022-12-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවි වාසීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසය හා සමගම ආක්ටික් ඇන්ටාක්ටික් ධ්‍රැවාසන්න ප්‍රදේශ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවි වාසීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසය හා සමගම ආක්ටික් ඇන්ටාක්ටික් ධ්‍රැවාසන්න ප්‍රදේශ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ගෝලීය උණුසුම් වීම හා සමගාමිව එහි ඇති අයිස් දියව යාම ආරම්භව ඇති බවට පර්යේෂකයන් අනතුරු හගවා ඇති පසුබිමකයි. එම අයිස් දියව යාම නිසා මේ වන විටත් මුහුදු ජල මට්ටම යම් ප්‍රමාණයකට ඉහලගොස් ඇති අතර ඉදිරියේදී එම ප්‍රවණතාවය වැඩිවී කුඩා දූපත් රාජ්‍යයන් ලෝක සිතියමෙන් මැකී යාමේ අවදානමක්ද පවතිනවා.

    එවන් පසුබිමක් තුළ සමාජ ජාලා වල පැතිර ගිය සේයාරුවකින් දැක්වුණේ අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කරන විට ඇන්ටාක්ටිකාවේ දැවැන්ත අයිස් ලේයරවලින් සම්පුර්ණයෙන්ම පාහේ වැසී තිබෙන ආකාරයක් . මෙම සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

    සමාජ ජාලා සටහන් 

    ඇන්ටාක්ටික් ප්‍රදේශය අභ්‍යවකාශයේ සිට බැලූ විට පෙනෙන අයුරු බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් මෙලෙස පළව තිබුණා.

    Facebook | Archived FB | Archived

    ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

    එම ඡායාරූපය සැබවින්ම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවල දත්ත මත පදනම්ව නාසා ආයතනය විසින් සාදන ලද පරිගණක ආශ්‍රිතව ජනනය කරන ලද නිදර්ශනයක් (CGI) පමණක් බව අපට පෙනී ගියේය. එය NASA හි Scientific Visualization Studio වෙබ් අඩවියේ දැකිය හැකිය .වෙබ් අඩවියට පිවිසිය හැකියි මෙතනින්. Archived 

    ඉහත නිර්මාණය සිදුකර ඇත්තේ නාසා හි මෘදුකාංග ඉංජිනේරුවරියක් වන Cindy Starr  විසින් වන අතර එම පරිඝනකයෙන්  කරන ලද නිර්මාණය නාසා හි Scientific Visualization Studio වෙත 2007 වසරේදී එක්කර තිබෙනවා. ඉහතින් දක්වා ඇති නාසා වෙබ් අඩවි ලිපියේ දෙවන නිර්මාණය ,Crop සහ Rotate කිරීම මගින් සමාජ ජාලාවල වේගයෙන් පැතිර ඇති බව පැහැදිලියි.

    මෙම රූපය මුලින් නිර්මාණය කර ඇත්තේ ආක්ටික් සහ ඇන්ටාක්ටික් කලාපයේ අයිස් ප්‍රමාණය පෙන්වීමට බව ද අපට නිරීක්ෂණය වුණා . කෙසේවෙතත්, 2005 සැප්තැම්බර් මාසයේ දී ඇන්ටාක්ටිකාවේ අයිස් වැස්ම උපරිම මට්ටමක පවතින විට ලබාගත් දත්ත පාදක කරගනිමින් රූපය නිර්මාණය කර තිබෙනවා.

    එසේම, බොහෝ දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කරන්නන් ( Climate Deniers ) විසින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමක් සිදු නොවන බවත් දේශගුණික විපර්යාස සැබෑවක් නොවන බවත් යන ඔවුන්ගේ ප්‍රකාශ සාධාරණීකරණය කිරීම සදහා මෙම ඡායාරූපයේ ඇති පුළුල් අයිස් වැස්ම බහුලව යොදාගන්නවා.

    නාසා හි දේශගුණ විද්‍යාඥයෙකු වන පීටර් එච්. ජේකබ්ස් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා ඇත්තේ  නාසා ආයතනය මගින් සාගර කලාප නිරීක්ෂණය සදහා යොදවන ලද චන්ද්‍රිකාවක් භාවිතයෙන් ,නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ මුහුදේ පවතින අයිස් ප්‍රමාණ ආශ්‍රිතව ලබාගත් දත්ත පදනම් කර ගනිමින් මෙම පරිඝනක ආශ්‍රිත රූපය නිර්මාණය කරන ලද බවයි. AP වාර්තාව කියවිය හැකියි මෙතනින්. Archived 

    එසේම, Factcrescendo ආයතනයට අනුබද්ධව සිදු කරන ව්‍යාපෘතියක් වන  Climate Fact Checks ඔස්සේ අප  සවිස්තරාත්මක කරුණු පරීක්‍ෂණයක් ඇන්ටාක්ටිකාවේ අයිස් දියව යාම සම්බන්ධයෙන් සිදු  කර ඇති අතර, ඇන්ටාක්ටිකාව ඇත්ත වශයෙන්ම දියවෙමින් පවතින බවත් එය තරමක් තැතිගන්වන සුළු බවත් අප කණ්ඩායම පෙන්වා දෙනවා. එය සිදු වන්නේ මිනිසා විසින් උත්ප්‍රේරණය කරන ගෝලීය උණුසුම සහ ඒ හා බැදුණු  දේශගුණික විපර්යාස නිසා බව ද අපි ඔප්පු කර ඇත්තෙමු. ඇන්ටාක්ටිකා කලාපයේ අයිස් දියවීම ගෝලීය සාගර මට්ටම ඉහළ යාමට දායක වන බව ද සත්‍යයකි. 

    Climate Fact Checks ලිපියේ කොටසක  සිංහල පරිවර්තනය පහතින්.

    “ඇන්ටාක්ටික් ප්‍රදේශයේ මුහුදේ අයිස් ප්‍රමාණය අඩුවීමේ දිගුකාලීන ප්‍රවනතාවයක්  1979 සිට රැස් කරන ලද දත්ත අනුව  නොපෙන්වන නමුත් ඇන්ටාක්ටිකාවේ ගොඩබිම ප්‍රදේශවල  අයිස් වේගයෙන්  දියවෙමින් පවතින අතර එය මුහුදු මට්ටම ඉහළ යාමට ප්‍රධාන දායක වේ. නැඟෙනහිර ඇන්ටාක්ටිකාව ස්ථායී බවක් පෙනුනද මෑත කාලීන වාර්තා පෙන්වා දෙන්නේ බටහිර ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර වේගයෙන් දියවෙමින් පවතිනවා පමණක් නොව නැගෙනහිර ඇන්ටාක්ටිකාව ද ශීඝ්‍ර වෙනස්කම්වලට ලක්වෙමින් පවතින බවයි. ඇන්ටාක්ටික් කලාපයේ ග්ලැසියර දියවීම ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමට දායක වේ.”

    Climate Fact Checks සම්පූර්ණ ලිපිය කියවිය හැකියි මෙතනින්. Archived 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය ) 

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරුවූ කාරණය වන්නේ ඇන්ටාක්ටිකාවේ අභ්‍යවකාශයේ සිට ගන්නා ලද සේයාරුවක් ලෙස සමාජ ජාලාවල පැතිර යන සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි.

    එය අභ්‍යවකාශයේ සිට ගන්නා ලද සේයාරුවක් නොව පරිගණක භාවිතයෙන් සිදුකරන ලද නිර්මාණයකි. (CGI- Computer Generated Imagery). මෙමගින් නිරුපණය වන්නේ 2005 වසරේදී සැප්තැම්බර් මාසයේ දී (එම වසරේ වැඩිම අයිස් වැස්මක් වාර්තා වූ මාසයේ) ඇන්ටාක්ටික් ප්‍රදේශයේ මුහුදු අයිස් ප්‍රමාණය පිලිබදව රැස් කරගන්නා ලද දත්ත ඔස්සේ සිදු කරන ලද නිරුපණයක්. එසේම මෙම නිර්මාණය ඔස්සේ ගොඩබිම් අයිස් ප්‍රමාණය පිළිබදව ද අදහසක් ගත නොහැක.

    1979 සිට ගන්නා ලද දත්ත අනුව ඇන්ටාක්ටික් ප්‍රදේශයේ මුහුදු අයිස් ප්‍රමාණය අඩුවීමේ දිගුකාලීන ප්‍රවණතාවයක් නොමැති නමුත් ගොඩබිම අයිස් ප්‍රමාණය වේගයෙන් අඩුවෙමින් තිබෙන අතර එය ගෝලීය වශයෙන් මුහුදු ජල මට්ටම ඉහල යාමටද බලපා තිබෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-12-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.