Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන අති උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනය වැඳපුදා ගැනීමට පැමිණි ජනාධිපති මව?

    2025-04-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අප්‍රේල් මස 18 දින ඇරඹුණු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන අති උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනය වැඳපුදා ගැනීමට මෙරට වැසියන් මෙන් ම විදේශිකයින් ද, නන් දෙසින් පැමිණෙනවා. බැතිමතුන් නුවර වී

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    අප්‍රේල් මස 18 දින ඇරඹුණු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන අති උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනය වැඳපුදා ගැනීමට මෙරට වැසියන් මෙන් ම විදේශිකයින් ද, නන් දෙසින් පැමිණෙනවා. බැතිමතුන් නුවර වීදි වල දවස් ගණන් පෝලිමේ ඉඳිමින් තම අවස්ථාව ලැබෙනකන් සිටින අයුරු දැක ගන්නට ලැබෙනවා. 

    මේ අතර ඒ ආකාරයෙන් පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සංසරණය වූ අතර මෙහි සත්‍යතාව පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව දළදා ප්‍රදර්ශනයට පැමිණි අයුරු බවට දක්වමින්“කලින් දවසෙ තඹුත්තේගම ඉදල නුවර ඇවිත් මහජනතාව අතර තෙරපි  අව්වේ පෝලිමේ ගිහින් දළදාව වැද ගත්ත මේ අම්මගෙ පුතා රටේ ජනාධිපති කිව්වොත් පිළිගන්නවද” යනුවෙන් සඳහන්  කළ සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. 

    Facebook | Archived Link Facebook | Archived Link 

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව බවට දක්වමින් මෙම ඡායාරූප සටහන බහුලව සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    අප මෙම ඡායාරූප වල සිටින්නේ දළදා ප්‍රදර්ශනයට පැමිණි ජනාධිපතිගේ මව ද, යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මේ දිනවල සෙංගඩගල් පුරවරයේ ප්‍රදර්ශනය කෙරෙන “සිරි දළදා වහන්සේ”  වැඳපුදා ගැනීමට දින ගණන් පෝළිමේ සිටිමින් නන් දෙසින් ජනතාව දළදා මාලිගාව වෙත පැමිණෙද්දී මේ ආකාරයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව ද, දළදා වන්දනාවට පැමිණ තිබුණේ නම් ඒ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරාවල විශේෂයෙන් ම ඉඩක් වෙන් විය යුතු බැවින් අප මේ සම්බන්ධයෙන් ඒ ඔස්සේ පරීක්ෂාවක් ප්‍රථමයෙන් ම සිදු කළා.

    නමුත් කිසිදු මාධ්‍යයක් විසින් ජනාධිපති මව දළදා වැඳ පුදා ගත් අයුරු ලෙසින් පුවතක් වාර්තා කර නොතිබුණි. 

    මේ හේතුවෙන් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූපය ජනාධිපති මාධ්‍ය අංශයට යොමු කරමින් අප විමසීමක් සිදු කළේ, මෙම ඡායාරූපවල දැක්වෙන්නේ ජනාධිපති මව ද, යන්නයි.

    ඔවුන් පවසා සිටියේ, එම ඡායාරූප වල දැක්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව නොවන බව ත්, ඇය දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණ නොමැති බව ත් ය‍.

    අප මේ පිළිබඳව ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළේ, ජනාධිපතිගේ මව මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණියේද, යන්නයි. ඔවුන් සඳහන් කළේ, ජනාධිපතිගේ මව පැමිණි බවට වාර්තා නොවූ බවත්, ඡායාරූපයේ සිටින්නේ කවුරුන් ද, යන්න පිළිබඳ දැනුවත් නොමැති බවත්, ජනාධිපතිගේ මව දළදා ප්‍රදර්ශනයට මෙලෙසින් පැමිණි බවට හෝ දැනුවත් භාවයක් නොමැති බවත් ය.

    ජනාධිපතිගේ මව ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර ඡායාරූප මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින් සංසරණය වී ඇති අයුරු දැක ගන්නට ලැබෙන අතර ඉහත ඡායාරූපයේ දැක්වෙන මව ද, ඒ හැඩ හුරුවට යම්තාක් දුරකට සමාන බැවින් මෙලෙසින් නොමග යන සුළු ඡායාරූප සටහන් නිර්මාණය වී ඇති බවට පැවසිය හැක. Archived Link| Archived Link| Archived Link

    Also Read : සිරි දළදා වන්දනාව සඳහා ප්‍රභූවරුන්ට ලබා දුන් බව කියන ආරධනා පත්‍රය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක වැඳ පුදා ගැනීමට දින ගණන්, පෝලිමේ ඉඳිමින් පැමිණි බවත්, දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොමග යන සුළු වන අතර එම ඡායාරූප වල දැක්වෙන්නේ ජනාධිපති අනුරගේ මව නොවන බව ට ජනාධිපති මාධ්‍ය අංශය විසින් තහවුරු කරනු ලබන බවයි. එමෙන් ම ඇය මෙතෙක් (අප්‍රේල් 20)  ශ්‍රී දළදා වන්දනාමාන කිරීමට සහභාගි වී නොමැති බවත් ඔවුන් අප කළ විමසීමේදී තහවුරු කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-04-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.