Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දිවියෙන් සමුගත් “හයිදර් “ දරුවාගේ යැයි සඳහන් කරමින් පළවන නොමග යවන සුලු ඡායාරූප පෙළක්!

    2022-02-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොවක් හඩවමින් අවසන් ගමන් ගිය මොරොක්කෝවේ රයන් දරුවාට පසු 6 හැවිරිදි ඇෆ්ඝනිස්ථානයේ හයිදර් නම් දරුවෙක්ද සිය දිවි ගමනෙන් සමුගෙන තිබුණේ අඩි 80 ක් පමණ ගැඹුරු ළිං පතුලකට ඇද වැටීමෙන් .මොරොක්කෝවේ රයන් දරුවාගේ මියයාමෙන් අනතුරුව බොහෝ වැරදි ඡායාරූප සහ වැරදි විස්තර සම

    ලොවක් හඩවමින් අවසන් ගමන් ගිය මොරොක්කෝවේ රයන් දරුවාට පසු 6 හැවිරිදි ඇෆ්ඝනිස්ථානයේ හයිදර් නම් දරුවෙක්ද සිය දිවි ගමනෙන් සමුගෙන තිබුණේ අඩි 80 ක් පමණ ගැඹුරු ළිං පතුලකට ඇද වැටීමෙන් .මොරොක්කෝවේ රයන් දරුවාගේ මියයාමෙන් අනතුරුව බොහෝ වැරදි ඡායාරූප සහ වැරදි විස්තර සමාජ ජාලාවල පැතිරගිය ආකාරයටම හයිදර් සම්බන්ධයෙන්ද වැරදි සහ නොමග යවන සුලු ඡායාරූප අන්තර්ජාලය හරහා පැතිර යමින් පවතිනවා. මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන්

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් හයිදර්ගේ බව හැගවෙන ලෙස අන්තර්ජාලයට ඡායාරූපයක් එක් කරමින් පහත සටහන එක්කර තිබුණා. 

    “ළිං කුහරයේ හිරවී සිටි පුංචි හයිදර් මේ ලෝකේ අතහැරලා යන්නම ගිහින්. නිවන් සුව ලැබේවා පැටියෝ..යලි කිසිදු භවයක මෙවන් විපතක්  නොවේවා !”

    Facebook | Archived 

    මෙම ඡායාරූපයම යොදා ගනිමින් තවත් සටහන් යොදා ඇති බවත් අපට නිරීක්ෂණය වුණා. මේ එවන් එක් සටහනක්. 

    Facebook | Archived 

    වෙනත් ඡායාරූපද යොදා ගනිමින් මෙවන් සටහන් යොදා තිබෙන ආකාරයත් දැකගන්නට ලැබුණා.

    Facebook | Archived 

    හයිදර් පිළිබඳ විවිධ ඡායාරූප යොදා ගනිමින් ෆේස්බුක් පුරා සටහන් පැතිර පැවතියේ මේ ආකාරයෙන් .

    වේගයෙන් ව්‍යාප්ත වන ඡායාරූප සහ සටහන් පෙළක් නිසා මේ පිළිබඳව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම අවධානය යොමු කළේ, ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන මෙම සිදුවීම වාර්තා කර ඇති ආකාරය පිළිබඳවයි. එහිදී මේ සම්බන්ධයෙන් BBC ය තබා ඇති සටහනක් පිළිබඳව අපගේ අවධානය යොමු වුණා. මෙම 6 හැවිරිදි දරුවාගේ මරණය පිළිබඳව ඇති BBC වාර්තාවට පිවිසීම මෙතනින්. Archived 

    අඩි 80 ක් පමණ ගැඹුරු ලිං පතුළක සිරවී මියගිය මෙම දරුවා බවට සඳහන් කරමින් විවිධ ආකාරයේ ඡායාරූප අන්තර්ජාලය තුළ පැතිරුණු ආකාරයක් අපට දැකගන්නට ලැබුණා. එම නිසා මෙම ඡායාරූප කවර ආකාරද, දරුවාගේ සත්‍ය ඡායාරූපය කුමක්ද යන්න සොයා බැලීමට අප තීරණය කළා. 

    මේ ආකාරයේ එක් ඡායාරූපයක් සඳහා ඡායාරූප සංචිත වෙබ් අඩවිවල ඇති ඡායාරූපයක් යොදාගෙන ඇති අයුරු අපට මේ ආකාරයෙන් දැකගන්නට ලැබුණා. එහි සඳහන්ව 2011 වසරේ ගිම්හානයේදී ඇෆ්ඝන් ගම්මානයකදී ලබාගත් ඡායාරූපයක් බවයි. 

    Web | Archived

    එමෙන්ම බොහෝ සමාජ ජාලා සටහන් සඳහා යොදාගත් වෙනත් ඡායාරූපයක්ද අසත්‍ය බව සහ එම ඡායාරූපය මගින් නිරූපණය වන්නේ ඇෆ්ගනිස්ථානයේ ජීවත්වන වෙනත් දරුවෙක්ගේ ඡායාරූපයක් බව Fact Crescendo ඇෆ්ඝනිස්ථානු  කණ්ඩායම වාර්තා කර තිබුණා  .සමාජ මාධ්‍ය වල දැක්වෙන සටහන් උපුටා ගනිමින් ඔවුන් සදහන් කර තිබුණේ පහත ඡායාරූපයේ දැක්වෙන දරුවා Zabul ප්‍රාන්තයේ ජීවත්වූ “හයිදර්” නොව Pakita නම් ප්‍රාන්තයක ජීවත්වන Hamza නම්  දරුවෙක්ගේ ඡායාරූපයක් වන බවයි. පහතින් දැක්වෙන්නේ Hamza නම් එම දරුවාගේ ඡායාරූපයයි. එම ඡායාරූපය ලංකාවේ බොහෝ සමාජ ජාලාවල හයිදර් දරුවාගේ ලෙස හුවමාරුවෙන ආකාරයක් දැකගන්නට තිබුණා. 

    Hamza දරුවාගේ ඡායාරූපය 

    ඉන් අනතුරුව අපසොයා බැලුවේ හයිදර් දරුවාගේ සැබෑ ඡායාරූප පිළිබදවයි.

    ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වන හමීඩ් කර්සායි මෙන්ම එරට ප්‍රකට දේශපාලන නායකයකු වන වෛද්‍ය අබ්දුල්ලා අබ්දුල්ලා විසින්ද දරුවාගේ සැබෑ ඡායාරූපය අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත අයුරින්.

    Facebook | Archived 

    Facebook | Archived 

    දරුවා මරණයට ලක්වීමෙන් පසුව ලබාගත් ඡායාරූප ඇෆ්ගනිස්ථානයේ පාලන බලය හොබවන තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයා සිය ට්විටර් ගිණුමට එක්කර තිබුණේ මෙලෙසින්.

    Twitter | Archived

    සමාජ ජාලවල වේගයෙන් සංසරණය වන ඡායාරූපයක් සහ දරුවාගේ සැබෑ ඡායාරූපයක් අතර සැසදීම පහතින්.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද විමසා බැලීමේදී තහවුරු වූයේ අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ ඇෆ්ගන් ජාතික හයිදර් දරුවාගේ ඡායාරූප ලෙස සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන බොහෝ ඡායාරූප ව්‍යාජ ඒවා වන බවයි.වෙනත් දරුවන්ගේ ඡායාරූප හයිදර් දරුවාගේ ඡායාරූප ලෙස අන්තර්ජාලය හරහා හුවමාරුවූ බව පැහැදිලියි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.