Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සූර්යයා සහ චන්ද්‍රයා එකම අවස්ථාවක දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් ද? (PHOTOS)

    2022-06-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොව විවිධ ප්‍රදේශවල සිදුවන බවට පවසමින් හුවමාරු වන ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව සමාජයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් පවතින්නේ දැඩි කුතුහලයක්‌. මේ පිළිබඳවද කරුණු සොයා බැලීමකින් තොරව විශ්වාස කිරීම තුළින් ජනතාව නොමග යන අවස්ථාවන් ද බොහොමයි. එලෙසින්, සූර්යයන් දෙදෙනෙකු

    ලොව විවිධ ප්‍රදේශවල සිදුවන බවට පවසමින් හුවමාරු වන ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව සමාජයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් පවතින්නේ දැඩි කුතුහලයක්‌. මේ පිළිබඳවද කරුණු සොයා බැලීමකින් තොරව විශ්වාස කිරීම තුළින් ජනතාව නොමග යන අවස්ථාවන් ද බොහොමයි.

    එලෙසින්, සූර්යයන් දෙදෙනෙකු, උතුරු ඇමරිකාවේ දී දැක ගන්නට ලැබූ අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අද… ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මායිමේදී, සූර්යයන් දෙදෙනෙකු පිටතට පැමිණියේය, එකක් සැබෑ සූර්යයා සහ අනෙක චන්ද්‍රයා. මෙම සංසිද්ධිය Moon Hunter ලෙස හඳුන්වන අතර පෘථිවි අක්ෂය වෙනස් වන විට සිදු වේ. චන්ද්‍රයා සහ සූර්යයා එකම වේලාවක උපත ලබන අතර චන්ද්‍රයා තවත් සූර්යයෙකු මෙන් දිස්වන තරමට සූර්යයාගේ දීප්තිය පිළිබිඹු කරයි. බෙදාගන්න! ඉතා ලස්සනයි.” යනුවෙන් සඳහන් කළ ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අයුරු පහතින්.

    Twitter ඔස්සේ මෙම සටහන පළ වී තිබුණේ මෙලෙසින්.

    2015 වසරේ සිට මෙම ඡායාරූප ජාත්‍යන්තරය තුළද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය වල මාධ්‍ය වාර්තා ඇතිද යන්න ප්‍රථමයෙන්ම සොයා බැලුවා. එවැනි වාර්තාවක් අපට දක්නට නොලැබුණි.

    ඉහත සටහනේ එක්සත් ජනපද – කැනඩා දේශසීමාවේ ‘සූර්‍යයන් දෙදෙනෙකු’ දිස්වුණු බවත් ‘මූන් හන්ටර්’ස්’ ලෙසින් හැඳින්වෙන එම සංසිද්ධියේ දී, සූර්යයා සහ චන්ද්‍රයා එකම අවස්ථාවක දී දැක ගැනීමට ලැබෙන බවත් පෙන්වා දී තිබුණා.

    තාරකා විද්‍යාත්මත යෙදුමක් වන “හන්ටර්’ස් මූන්” (Hunter’s Moon) සිංහල බසින් “දඩයක්කාරයාගේ සඳ” නමැති සංසිද්ධියක් ඇති නමුත්, ‘’මූන් හන්ටර්’ස්’ ලෙසින් සංසිද්ධියක් අපට දැක ගන්නට ලැබුනේ නැහැ. “හන්ටර්’ස් මූන්” නමැති සංසිද්ධියෙන් පැවසෙන්නේ ද, ඉහත සඳහන් සූර්යයා සහ චන්ද්‍රයා එකම අවස්ථාවක් දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් නොවේ.

    “Hunter’s Moon /හන්ටර්’ස් මූන්/ දඩයක්කාරයාගේ සඳ “

    මෙය දැක ගත හැක්කේ බොහෝ විට  ඔබ ලෝකයේ උතුරු අර්ධ ගෝලයට අයත් රටක ජිවත් වුවහොත් පමණි. Hunter’s Moon (දඩයක්කාරයාගේ සඳ) ලෙස බොහෝ විට ඔක්තෝබර් මාසයේ පුර පසළොස්වක දිනය සැලකෙනවා.

    එය සංචාරක සඳ (travel moon)මියයන  සඳ (dying moon)

    ලේ සඳ (bloody moon)සැන්ගුයින් සඳ(sanguine moon) ලෙසද හැඳින්වේ.

    මෙහිදී සිදුවන්නේ චන්ද්‍රයාගේ ඉලිප්සාකාර ගමන නිසා වෙනත් දිනවලට වඩා කලින් රාත්‍රී පුරපසළොස්වක සඳ මතුව ඒමයි. ඉර බැසයාම සහ චන්ද්‍රයාගේ උදාව අතර පරතරය මේ නිසා ඉතාමත් අඩුය. එමෙන්ම මෙම සඳ එලිය පෘථිවි වායුගෝලය සහ ආලෝකය සමග ගැටීමෙන් එය වඩා විශාලව සහ වෙනස් තැබිලි පැහැයෙන් යුතුව දිස්වේ. නමුත් බැස යන හිරු සහ මෙම සඳ එකම දීප්තියකින් ඉර දෙකක් පායා ඇති ලෙස දිස් නොවන අතර බැස යන හිරු පෙනෙන දීප්තියට වඩා මෙහි දීප්තිය ඉතා අඩුය.

    මේ පිළිබඳව වැඩි තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    Archived Link|Archived Link

    Forbes | Archived Link

    Sundog / Parhelion

    ඉහත සංසිද්ධිය විය හැකි අවස්ථාවන් ලෙස Sundog හෝ Parhelion ලෙස හැඳින්විය හැක.

    කාලගුණ විද්‍යාවේදී, sun dog හෝ parhelion යනු සූර්යයාගේ එක් පැත්තක හෝ දෙපස ඇති දීප්තිමත් ස්ථානයකි. sun dog හෝ parhelia සූර්යයාගේ වමට සහ දකුණට සෘජුවම 22° පමණ වන අතර, ඇතැම් විට සූර්යයා වටා 22° රශ්මි කදම්බයක් ද ඇත. සමහර විට sun dog දීප්තිමත් සුදු ආලෝකයක් හෝ ව්‍යාජ හිරු ලෙස පෙනී සිටින නමුත් බොහෝ විට ඒවා රතු (සූර්යයාට සමීප) සිට තැඹිලි සිට නිල් දක්වා සහ අවසානයේ සුදු (සූර්යයාගේ සිට) වර්ණ ගැන්වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

    sciencenotes.org | Archived Link

    shutterstock | Archived Link

    කෙසේ වෙතත් මෙම සංසිද්ධියද ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ඡායාරූප හා සැසඳෙන්නේ නැත.

    තාරකා විද්‍යා අධිකාරියේ ප්‍රකාශක

    2015 වසරේ, අරාබි ලිපියක ඉහත සමාජ මාධ්‍ය සටහනේ ඡායාරූප සටහනේ ඡායාරූප දෙකක් සම්බන්ධයෙන් පළ වී තිබුණා.

    කැනඩාව, එංගලන්තය, රුසියාව සහ චීනය යන රටවල අහසේ සූර්යයන් දෙදෙනෙකු දුර්ලභ විශ්වීය සංසිද්ධියක් ලෙස දක්වා තිබුණේ, තාරකා විද්‍යා අධිකාරියේ ප්‍රකාශක, තාරකා විද්‍යාඥවරයා පවසන ආකාරයට, මෙම සංසිද්ධිය ඉතා සාමාන්‍ය දෙයක් වන අතර එය බ්‍රහස්පති පෘථිවිය සමඟ අභිසාරී වීමේ ප්‍රතිඵලයක් ලෙස සූර්යාලෝකය නැවත පෘථිවියට පරාවර්තනය වීම හේතුවෙන් සූර්යයන් දෙකක් ලෙස පෘථිවි වාසින්ට දැක්වෙන බවයි.

    මෙම සංසිද්ධිය සෑම වසර 139 කට වරක් සිදු වන බවත්, එය පෘථිවි වාසීන්ට කිසිදු අනතුරක් නොමැති බවයි ඔහු අවධාරණය කර තිබුණේ.

    අරාබි බසින් පළ වූ එම ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය පහතින්. තවත් ලිපියක් මෙතනින්.

    arabtrvl | Archived Link

    කෙසේවෙතත් අද අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මායිමේදී දිස් වූ අයුරු යනුවෙන් සඳහන් කළ මෙම සටහන් 2015 වසරේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප වේ.

    මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කරුණු පරීක්ෂක කණ්ඩායම් විසින් සිදු කළ විමර්ශනයන් මෙතනින්, මෙතනින්, මෙතනින්, සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, එක්සත් ජනපද කැනඩා දේශසීමාවේ ‘සූර්‍යයන් දෙදෙනෙකු’ පෙන්වන බව සහ එම සංසිද්ධිය ‘මූන් හන්ටර්’ස්’ ලෙසින් හඳුන් වමින් සූර්යයා සහ චන්ද්‍රයා එකම අවස්ථාවක් දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස හැඳින්වීම නොමග යවන සුළු බවයි. 

    ‘මූන් හන්ටර්’ස්’ ලෙසින් සංසිද්ධියක් නොමැති අතර “හන්ටර්’ස් මූන්” නමැති සංසිද්ධියෙන් පැවසෙන්නේ, ඉහත සඳහන් සූර්යයා සහ චන්ද්‍රයා එකම අවස්ථාවක් දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් නොව, තාරකා විද්‍යා අධිකාරියේ ප්‍රකාශක, තාරකා විද්‍යාඥවරයෙකු පවසා තිබු‍ණේ, මෙම සංසිද්ධිය ඉතා සාමාන්‍ය දෙයක් වන අතර එය බ්‍රහස්පති පෘථිවිය සමඟ අභිසාරී වීමේ ප්‍රතිඵලයක් ලෙස සූර්යාලෝකය නැවත පෘථිවියට පරාවර්තනය වීම හේතුවෙන් සූර්යයන් දෙකක් ලෙස පෘථිවි වාසින්ට පෙනෙන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-06-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.