
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ලංකාවේ සංචාරක ව්යාපාරය දියුණු වීමත් සමග විවිධ ප්රසිද්ධ පුද්ගලයන් ලංකාවට පැමිණෙමින් සිටිනවා.මේ අතර සමහර ලෝක ප්රකට පුද්ගලයන්ද සිටිනවා .ඒ අය සම්බන්ධයෙන් නොමගයවන සුලු සේයාරූ ආදිය සමාජ ජාලාවල පැතිරෙනවා.මේ එවන් සිදුවීමක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
සමාජ ජාලාවල සේයාරූ පැතිරෙන්නේ ප්රකට පෘතුගාල ජාතික පාපන්දු ක්රීඩක ක්රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දිනවල ලංකාවේ සංචාරය කරන බවක්.ලංකාවේ විවිධ ප්රසිද්ධ ස්ථානවල ඔහු විසින් ලබාගෙන ඇති බවට පළවන සේයාරූ සමාජ ජාලාවල පැතිරෙනවා.
මෙම සටහන් වලට පරිශීලකයන් ප්රතිචාර දක්වා තිබුනේ පහත අයුරින්.
තවත් මෙවන් සේයාරූ පලව තිබුණා.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check සත්ය කරුණු විමසා බැලීම
අප ප්රධාන ධාරාවේ මාධ්යවල විමසා බැලුවේ රොනාල්ඩෝ ලංකාවට පැමිණ ඇති බවට පුවත් පවතිනවාද යන්නයි.එහිදී අපට දක්නට ලැබුණේ රොනල්ඩෝ නම් ලෝකප්රකට හිටපු පාපන්දු ක්රීඩකයෙක් ලංකාවට පැමිණ ඇති බවක්.නමුත් ,ඒ අප කවුරුත් අතර ප්රකට සමාජ ජාලා සේයාරූ වල දක්නට ලැබෙන ක්රිස්ටියානෝ රොනාල්ඩෝ නොවේ .
ඒ රොනල්ඩෝ නසරියෝ නම් හිටපු බ්රසීලියානු පාපන්දු ක්රීඩකයෙක්. ඔහු 1990 දශකයේ සිට 2011 වසර දක්වා බ්රසීලය නියෝජනය කරන ජාත්යන්තර පාපන්දු ක්රීඩකයෙක් ලෙස කටයතු කර තිබෙනවා. ඔහු මේ දිනවල පවුලේ සාමාජිකයන් සමග ලංකා සංචාරයක නිරත වෙමින් සිටිනවා.ඒ සම්බන්ධ සේයාරූ පහතින් .
ඉන් අනතුරුව අප විමසා බැලුවේ ක්රිස්ටියානෝ රොනාල්ඩෝ ලංකාවට පැමිණ ඇති බවට පුවත් ,ප්රධාන ධාරාවේ මාධ්යවල පවතිනවද යන්නයි.නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.ඉන් අනතුරුව අප ඔහුගේ සමාජ ජාලා ගිණුම් පිරික්සූ අතර ලංකා සංචාරයක් පිලිබදව ඒවායේ දක්නට ලැබුණේ නැහැ.
ඉන් අනතුරුව අප විමසා බැලුවේ මෙම සේයාරූ ද නැත්නම් කෘතීම බුද්ධිය ( AI) හෝ වෙනත් තාක්ෂණික ක්රමවේදයක් භාවිතා කරමින් සකසා ඇතිද යන්නයි.එහිදී HiveModeration Tool අනුව මෙය නිරීක්ෂණය කල අපට දැකගන්නට ලැබුණේ මෙය දුරට AI තාක්ෂනයෙන් නිර්මාණය කල ඒවා බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ ක්රිස්ටියානෝ රොනල්ඩෝ ශ්රී ලංකාවට පැමිණ ඇති බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්ය බවයි.ඔහු ලංකාවට පැමිණ නැත. සේයාරූ සකසා ඇත්තේ බොහෝ දුරට කෘතීම බුද්ධිය හෝ ඩිජිටල් සංස්කරණ මගිනි.



