Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කොවිඩ් ආසාදිත බැසිල්  සිනහමුසු මුහුණින් රෝහල්ගත වී පසුව රහසේම රටිනුත් පිටවුණාද ??

    2022-04-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය, ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් දැඩි විවේචනයන්ට ලක්ව සිටිනවා. එවන්  වටපිටාවක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල්ගතවූ  බවට මාධ්‍ය වාර්තා පළවූ ජනාධිපතිවරයාගේ  සහෝදරයෙක් වන, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව විවිධ තොරතුරු

    පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය, ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් දැඩි විවේචනයන්ට ලක්ව සිටිනවා. එවන්  වටපිටාවක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල්ගතවූ  බවට මාධ්‍ය වාර්තා පළවූ ජනාධිපතිවරයාගේ  සහෝදරයෙක් වන, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව විවිධ තොරතුරු සමාජ ජාලාවල පළ වුණා. ඔහු සිනහ මුසු මුහුණින් රෝහල්ගත වූ අවස්ථාවවේ ලබාගත් ඡායාරුපයක් බවටත් පසුව මෙරටින් රහසේම පිටත්ව ගිය බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් පිළිබඳව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මෙලෙසින්. 

    සමාජ ජාලා සටහන් 

    බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිනහමුසු මුහුණින් යුක්තව රෝහල්ගත වූ බවට වන සමාජ ජාලා සටහන් ෆේස්බුක් හරහා හුවමාරුවී තිබුණේ මේ අයුරින්. 

    Facebook | Archived

    තවත් සටහනක් පහතින් 

    Facebook | Archived 

    එවැනි සටහන් ඉංග්‍රීසි ශිර්ෂයන් සහිතව පළව තිබුනේ මේ අයුරින් .

    Facebook | Archived 

    එසේම වෙබ් අඩවි ඔස්සේ දා මෙම ඡායාරුප හුවමාරු වී තිබුනේ මෙලෙසින් Archived තවත් වාර්තාවක් මෙතනින්

    එසේම බැසිල් රාජපක්ෂ ගුවන් යානයක නැගී රටින් පිටවූ බවට දා ට්විටර් සටහනක් පළව තිබුණේ මෙලෙසින්.

    Twitter | Archived 

    ෆේස්බුක් ඔස්සේ දා බැසිල් රට හැර ගිය බවට සටහන් පළව තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived 

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුල් සටහන් කිහිපයක සදහා යොදාගෙන තිබු ඡායාරූපය Google Reverse Image Search සෙවීමකට ලක්කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය 2015 වසරේ සිට හුවමාරු වෙමින් පවතින බවයි.

    2010-2014 සමයේ ජනපති මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ ඇතුළු එම අමාත්‍යාංශයේ සේවය කළ ඉහළ නිලධාරීන් දෙදෙනෙක්, පසුව සිරගත කර තිබුණේ දිවි නැගුම අරමුදලේ සිදුවූ මුදල් අවභාවිත කිරීම සම්බන්ධ චෝදනාවක් මතයි.

    සිරගතකිරීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබුනු අතර ඉන් අනතුරව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණා. 

    ඒ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවක් පහතින් .

    Dinamina| Archived

    ඉහත සිදුවීම හා සම්බන්ධ ඡායාරූප, මාධ්‍යවේදී මන්ජුල බස්නායක ගේ ට්විටර් ගිණුමට එක්කර තිබුණේ මෙලෙසින්. 2015 අප්‍රේල් 23 වැනිදා ඔහු එක්කර තිබූ එම ඡායාරූප අතර දැනට දින කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂ මහතාව කොවිඩ් ආසාදිතව පුද්ගලික රෝහලකට ඇතුලත් කරන ලද අවස්ථාවේ සිනහමුසු සිටි ආකාරය නිරූපණය වන ආකාරය බවට හැඟවෙන සේ සමාජ ජාලාවල හුවමාරුවූ ඡායාරූපයද ඇතුලත් වී තිබිණි.

    Twitter  |  Archived

    බැසිල් රාජපක්ෂව බන්ධනාගාර රෝහලේ සිට ජාතික රෝහලට මාරුකිරීම සම්බන්ධ එම අද දෙරණ වාර්තා කර තිබුණේ මේ අයුරින්. එම වීඩියෝවේදී ද සමාජ ජාලා සටහන් වල පලවූ ඡායාරූපයේ සදහන්වූ ඉරියව්වට ඉතා සමාන ඉරියව්වකින් බැසිල් රාජපක්ෂ මහතා රෝද පුටුවක සිටින දර්ශන දැක්වෙනවා.(මිනිත්තු 1 තත්පර 50 දී පමණ ) එම යූ ටියුබ් වීඩියෝව පහතින් .

    ඉන් පසුව අප විමසා බැලුවේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අද (අප්‍රේල් 16) උදෑසන රටින් පිටව ගිය බවට පළවන සමාජ ජාලා සටහන් පිළිබදවයි.

    මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ සිදු කළ කරුණු විමසීමේදී, ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ලංකා රෝහලේ කාර්‍ය කලමණාකාරවරයා වගකීමෙන් (Duty Manager) තහවුරු කර සිටියේ මේ වන විටත් ඔහු ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

    රත්මලාන ගුවන්තොටුපොළේ ප්‍රධාන කලමණාකාර අරුණ රාජපක්ෂ මහතා දා අප සමග පවසා සිටියේ රත්මලාන හරහා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා අද  රටින්  පිටව ගිය බවට පළවන සමාජ ජාලා සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. ඒ පිලිබඳ රත්මලාන ගුවන් තොටුපළ නිකුත් කර තිබු නිවේදනය පහතින්.

    එමෙන්ම ඉකුත් මාසයේ 28 වැනිදා සිට රත්මලාන ගුවන් තොටුපොළේ නවතා තිබූ පුද්ගලික ජෙට් යානයක් අද උදෑසන එයින් පිටව ගිය බවත් පැවසූ ඔහු එම ගුවන් යානය ලංකාවට නිතර පැමිණෙන සංචාරකයින් යුවලක් පැමිණි ගුවන් යානයක් වන අතර එය අද දිනයේ පිටත්ව ගිය බවත් පැවසුවා. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ කොවිඩ් ආසාදිත බැසිල් රාජපක්ෂ සිනාමුසු මුහුණින් පුද්ගලික රෝහලකට ඇතුලත් කල බවට හැගවෙන සේ සමාජ ජාලා වල පළවන ඡායාරූපය , 2015 වසරේදී ඔහුව බන්ධනාගාර රෝහලින් ජාතික රෝහලට මාරු කල අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් බවයි. එමෙන්ම ඔහු රටින් පිටව ගිය බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍යයි.බැසිල් රාජපක්ෂ තවමත් ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-04-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.