Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    <strong>“</strong><strong>නිධන් හෑරූ මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් දැළේ</strong><strong>”</strong><strong> යනුවෙන් පුවතක් පළ වූවාද ?</strong>

    2023-03-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ අපේකෂකයින් යනුවෙන් සඳහන් කරමින් බොහෝ සත්‍ය ප්‍රචාර මෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවැනි ව්‍යාජ පුවතක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු ව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජාතික ජන බලවේගයේ අපේකෂකයින් යනුවෙන් සඳහන් කරමින් බොහෝ සත්‍ය ප්‍රචාර මෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවැනි ව්‍යාජ පුවතක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “නිධන් හෑරූ මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් දැළේ” යනුවෙන් ප්‍රධාන මාධ්‍ය පුවතක් පළ වී ඇති බවත්, එම පුවත හිරු ටීවි පත්තරේ වැඩසටහනේ දක්වා ඇති අයුරු පෙන්නුම් කෙරෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙය සත්‍ය පුවතක් ලෙස බොහෝ දෙනා විශ්වාස කර ඇති බවයි.

    මේ පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    “නිධන් හෑරූ මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් දැළේ” යනුවෙන් වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් වාර්තා වී ඇත් ද, යන්න අප පළමුවෙන් ම නිරීක්ෂණය කළා. නමුත් අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

    ඒ අනුව, ඉහත ඡායාරූපයේ සඳහන් වී ඇති ලෙස 2023 මාර්තු මස 03 වන සිකුරාදා මව්බිම පුවත් පතේ 08 වන පිටුවේ මේ ආකාරයේ ශීර්ෂ පාඨයක් සහිත පුවතක් පළ වුණා ද, යන්න පිළිබඳව අප පරීක්ෂා කළා. 

    නමුත් අපට එවැනි පුවතක් මාර්තු 3 වැනිදා මව්බිම පුවත්පතේ 8 වැනි පිටුවේ හෝ වෙනත් පිටුවක හෝ පළ වී නැති බව දැක ගන්නට ලැබුණි. Mawbima

    එමෙන් ම ඊයේ (මාර්තු 03) දින හිරු මාධ්‍ය ජාලයේ ‘පත්තරේ විස්තරේ’ සම්පූර්ණ වැඩසටහන වෙත අපගේ අවධානය යොමු කළ අතර එහිදී ද, ඉහත සඳහන් ආකාරයේ “නිධන් හෑරූ මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් දැළේ” යනුවෙන් පුවතක් ‘මව්බිම’ පුවත් පතේ ලිපියක් පළ වූ බවට දක්වා නොතිබුණි.

    නමුත් මාර්තු 3 වැනිදා හිරු ‘පත්තරේ විස්තරේ’ වැඩසටහන අතරතුර, 20 වන විනාඩියේ දී ඉහත ඡායාරූපය ලබා ගෙන ඇති අතර එම සේයාරුව රැගෙන ඇති රූප රාමුව පහතින්.

    පත්තරේ විස්තරේ

    ඉහත සත්‍ය ඡායාරූපය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප පහත ආකාරයට සංසන්දන කිරීමේ දී එය එකම අවස්ථාවක් බවත් සිදුකර තිබෙන්නේ සංස්කරණය කරමින් ව්‍යාජ පුවතක් ඇතුළත් කිරීමක් බවත් පැහැදිලි වෙනවා.

    කෙසේ වෙතත් මෙම රූපරාමුවෙන් පසු පත්තරේ විස්තරේ වැඩසටහන මෙහෙයවන චමුදිත සමරවික්‍රම විසින් පවසන ලද පුවතේ සඳහන් වන්නේ මාලිමාවේ අපේක්ෂකයෙකුට විරුද්ධ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වන අතර, එහි සඳහන් වී තිබුණේ, “දරුවකුගේ හිස බිත්තියේ ගැසුවැයි ජාජබ අපේක්ෂකයකුට විරුද්ධව පැමිණිල්ලක්” යන ශීර්ෂ පාඨයක් යටතේ, මාර්තු මස 03 වැනිදා මව්බිම පුවත් පතේ පළ වූ ලිපියකි. එම කොටස මෙතනින්.

    මේ පිලිබඳ ‘මව්බිම’ පුවත්පතේ සම්පුර්ණ වාර්තාව මෙතනින්. Archived

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    “නිධන් හෑරූ මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් දැළේ” යනුවෙන් ප්‍රධාන මාධ්‍ය පුවතක් පළ වී ඇති බව ත්, එම පුවත හිරු ටීවි පත්තරේ වැඩසටහනේ දක්වා ඇති අයුරු පෙන්නුම් කෙරෙන ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයකි. එම ඡායාරූපයේ දැක්වෙන ලෙස 2023 මාර්තු මස 03 වන සිකුරාදා මව්බිම පුවත් පතේ 08 වන පිටුවේ එවැනි පුවතක් පළ වී නොතිබුණු අතර, එදින පත්තරේ විස්තරේ වැඩසටහනින්ද, එවැනි පුවතක් පළ කර නොතිබුණි. එමෙන්ම මාලිමාවේ අපෙක්ෂකයින් දෙදෙනෙක් නිධන් හෑරූ බවට පුවතක් කිසිදු මාධ්‍ය ධාරාවක පළ වී නොතිබුණි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-03-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.