Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අරගල භුමියේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට පමණක් අසුන් පනවා නොමැති අවස්ථාවක් ද ?

    2022-04-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාස්කු ප්‍රහාරයට වසර 3ක් පිරී තවමත් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ නොවීමත්, ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලයට සහය දැක්වීමටත් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ඊට සහය පළ කළ භික්ෂුවක් බිම අසුන්ගෙන සිටින ආකාරයත් උන්වහන්සේට නිසි තැන ලබා නොදුන් බවට පවසමින් සමාජ

    පාස්කු ප්‍රහාරයට වසර 3ක් පිරී තවමත් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ නොවීමත්, ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලයට සහය දැක්වීමටත් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ඊට සහය පළ කළ භික්ෂුවක් බිම අසුන්ගෙන සිටින ආකාරයත් උන්වහන්සේට නිසි තැන ලබා නොදුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ” අනුන්ගේ අරගලයකට ගිහාම ඔහොම වෙනවා ” යනුවෙන් සඳහන් කරමින් ගාලු මුවදොර පිටියේ අරගල භූමියට පැමිණි හිමිනමක් බිම අසුන්ගෙන සිටින අයුරු සහ ඊට පසු පසින් ආසනවල අසුන්ගෙන සිටින කන්‍යා සහෝදරියන් සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මේ අයුරින්.

    Facebook | Archived Link Facebook | Archived Link

    මේ සම්බන්ධයෙන් පළ වූ තවත් සටහනක් මෙතනින්. Archived Link

    ෆේස්බුක් පරිශිලකයින් බහුලව මෙම සටහන සංසරණය කර ගෙන තිබුණේ මෙලෙසින්

    මෙයින් අදහස් කර තිබුණේ, බෞද්ධ ස්වාමීන් වහන්සේලාට නිසි ගෞරවය නොදී අසුන් පනවා නොමැති අතර කතෝලික කන්‍යා සොහොයුරියන්ට පමණක් අසුන් පනවා ඇති බවයි.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ මෙම ඡායාරූපයේ පසුබිම් කතාව සොයා අප නිරීක්ෂණයක් සිදු කළා.

    ඒ අනුව එම අවස්තාවේ වෙනත් කෝණයකින් පළ වූ ඡායාරූපයක් වෙත අපගේ අවධානය යොමු වුණා. එම ඡායාරූපය පහතින්.

    Facebook | Archived Link

    එමෙන්ම මෙම අවස්ථාවේ තවත් කෝණයකින් පළ වූ ඡායාරූපයක් පහතින්.

    Facebook | Archived Link

    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ පැහැදිලි කිරීම:

    එමෙන්ම හිමි නම බිම අසුන්ගෙන සිටීම සම්බන්ධයෙන් ද ඇතැම් පිරිස චෝදනා කර සිටියේ චීවරයට නිගා කරන බවටයි. මේ සඳහා මෙම ඡායාරූපයේ සිටින ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් සඳහන් කර තිබුණේ මේ අයුරින්.

    “පාස්කු ප්‍රහාරයෙන් සහ ලංකාවේ විවිධ ගැ‍ටුම් වලින් මිය ගිය පිරිස සිහිපත් කිරීම සඳහා ගාලුමුවදොර අරගල භූමියේ පැවති වැඩසටහනේ දී බිම හිඳගැනීමට යෝජනා කළේ මමයි. ඒ මියගිය වුන් සිහිකිරීමේ දී වඩාත් නිහතමානී හිඳ ගැනීමකට ප්‍රිය කළ නිසා්ය. ජීවන්ත පියතුමා එයට සතුටින් එකඟ වූවේ ය.

    ඒ අනුව පැදුරක් මත ජීවන්ත පියතුමා ද, බිබිලාදෙනියේ මහානාම හිමි ද, තවත් වැඩිහිටි පියතුමෙකු ද, මා ද, හිඳගත් අතර සභාව අමතන අවස්ථාවේ දී අපි සිටගෙන කතා පැවැත් වීමු.  

    අප හිඳගෙන සිටි ස්ථානයට පැත්තෙන් පු‍ටු කිහිපයක් තිබූණි. ඒවායේ ගිහි කිහිප දෙනෙකු ද, පසුව පැමිණි කන්‍යා සොයුරියන් කිහිප දෙනෙකු ද හිඳගෙන සිට ඇති අතර එසේ තමන් කැමති අසුනක් ‍තෝරාගෙන හිඳ ගැනීමට ඒ අයට ඇති අය්තියට ගරු කරන්නෙමි. 

    මේ අවස්ථාවේ ගත් ඡායාරූපයක් දැක හිඳ ගන්නා ආසනය ආදී බාහිර දේ වලින් තත්ත්ව පවත්වා ගැනීම අගයන කිහිප දෙනෙකුගේ  සිත් රිදී තිබීම ගැන කනගා‍ටු වෙමි.

    බිම හිඳගතයුතු යැයි මවිසින් කරන ලද යෝජනාව අනුව පැදුරක් එළා හිඳගැනීමට කටයුතු පිළියෙළ කළ ජීවන්ත පීරිස් පිය තුමන්ට  ද තම ශරීර අපහසුතා නොතකා එම පැදුරේ හිඳගෙන සිටීමට එක් වූ වැඩිහිටි පියතුමන්ට ද, ස්තූතිවන්ත වෙමි. ”

    Facebook | Archived Link

    පසුගිය 20 වනදා ගාලු මුවදොර පිටියේ පැවැති එම විරෝධතාවයේ වෙනත් ඡායාරුප මෙතනින්, මෙතනින් සහ මෙතනින්. 

    ඒ අනුව පෙනී යන්නේ, එම අවස්ථාවේ අසුන් ගැනීම සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කර ඇත්තේ, එම ඡායාරූපයේ සිටින පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් බවත් ස්වාමීන් වහන්සේගේ කැමැත්ත මත බිම අසුන්ගත් බවකි.

    ඡායාරූප ශිල්පියාගේ අදහස:

    එම ඡායාරූපය ලබාගත් ඡායාරූප ශිල්පියා වන ප්‍රියන්ත මීගොඩ ,ඒ සම්බන්ධයෙන් තැබූ ෆේස්බුක් සටහනක් පහතින්. 

    “මට මේ පින්තූර ගන්න ඕන වුණේ මෙහෙම(පහල තියෙන පින්තුරය). මට ඉඩකඩ මදි නිසා මට ග්‍රහණය කරගන්න හැකි වුණේ මෙන්න මේ රූපරාමුව්ව විතරයි. රූප රාමුව ඡායාරූපයට නගන කොටම මට හිතුන දෙයක් තමයි මේක කතාබහට ලක් වෙන්න පුළුවන් පින්තූරයක් වෙන්න පුළුවන් ඒ නිසා මම මේ පින්තූරය මේ විදියට ගන්නවා කියලා….

    මට පින්තූරය මේ විදිහටයි ගන්න ඕන වුණේ. මට මේ පින්තූරය මෙහෙම පළ කරන්න උවමනාවක් තිබුන නිසයි ගත්තේ නැත්තම් මට මේ පින්තූරේ නොගෙන ඉන්න තිබුණා. 

    ගල්කන්ද හාමුදුරුවෝ ඉන්න විදිය ඒ වෙලාවේ මගේ හිතට ලොකු ගෞරවයක් ගෙනාවා. කන්‍යා සොහොයුරියන් උඩ වාඩිවෙලා ඉන්නවා හාමුදුරුවෝ බිම වාඩිවෙලා ඉන්නවා මට ඕන උන කතාව එතැන තිබුණ……. මොකක්ද මෙතන තියෙනව අවුල? මනුෂ්‍යත්වයේ නාමයෙන් දහමේ තියෙන උතුම් කරුණුවලින් මොනවද ඒ මොහොතේ එතැන නොතිබුණේ?

    මට ඕන වුනා මේ කතාව මේ විදියට විදියටම කියන්න. මම දැනුත් කියන්නේ මේ පින්තූර මේක තමයි මේකට වෙන කාවක් ඇතුල් වෙන්න ඕනේ නෑ. මට කාගෙවත් ආගමක් උඩට ගන්නව පහළ දාන්න වත් උවමනාවක් නෑ. අපි ආගමේ ඇති ව්‍යාජ දේවල් නිසා ජීවිත වලින් වන්දි ගෙවපු මිනිස්සු ඉන්න රටක්. ඇයි අපිට මෙච්චර සරල වෙන්න බැරි. මට මේකේ ස්වාමි ඇතුල් කරලා ඡායාරූපය අන්තර්ජාලයට මුදාහරින්න තිබුණා. නමුත් එහෙම නොකළේ මට මේ පින්තූර මේ විදියටම පළ කරන්න ඕන වුණ නිසා. මේ පින්තූරය මෙහෙම පළ කරාට කවුරුත් සමාව ගන්න ඕනේ නැහැ. මේක විය යුතු ඇත්තක් මම විස්වාස කරන විදිය……..”

    Facebook | Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන පරිදි ස්වාමින් වහන්සේ නමකට අසුන් ගැනීම සඳහා ආසන වෙන් කර නොමැති හෙයින් බිම අසුන්ගෙන සිටින අවස්ථාවක් නොවන බවයි. එම ඡායාරූපයේ සිටින පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේම යෝජනාවක් පරිදි පාස්කු ප්‍රහාරයෙන් මියගිය වුවන් සිහිකිරීමේ දී වඩාත් නිහතමානී හිඳ ගැනීමකට ප්‍රිය කිරීම හේතුවෙන්, එම අවස්ථාවේ ජීවන්ත කතෝලික පියතුමා ඇතුළු බිබිලාදෙනියේ මහානාම හිමි ද, තවත් වැඩිහිටි පියතුමෙකු ද ධම්මානන්ද හිමියන් සමග එක පෙළට අසුන්ගෙන ඇත. නමුත් අදාළ ඡායාරූපය ලබාගෙන ඇති කෝණයට අනුව දිස්වන්නේ කන්‍යා සොයුරියන් ආසන වල අසුන් ගෙන සිටියදී ධම්මානන්ද හිමියන් පමණක් බිම අසුන්ගෙන ඇති බවක් .

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.