Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නේපාලයේ ගංවතුර තත්වයන්, එහි බලපෑම් යනාදී තේමා ඔස්සේ වයිරල් වූ නොමග යවන සුළු සටහන්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-28
    10 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෑතකදී නේපාලයේ ඇති වූ දරුණු හදිසි ගංවතුර තත්ත්වය හමුවේ වීඩයෝ/ ඡායාරූප මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු සීඝ්‍රයෙන් පැතිරී යනු ලබයි. එලෙසින් හුවමාරු වූ සමාජ මාධ්‍ය පළ කිරී

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    මෑතකදී නේපාලයේ ඇති වූ දරුණු හදිසි ගංවතුර තත්ත්වය හමුවේ වීඩයෝ/ ඡායාරූප මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු සීඝ්‍රයෙන් පැතිරී යනු ලබයි. එලෙසින් හුවමාරු වූ සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1 :

    හෙලිකොප්ටරයක සිට රූගත කරන ලද නේපාලයේ ගංවතුරට හේතු වූ ග්ලැසියරයක් (හිම කන්දක්) කැඩී යාමේ ස්ථානයට චීන හෙළිකොප්ටරයක් ළඟා වී ඇති බවට වන දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Facebook Facebook

    Fact Check:

    නේපාලයේ ගංවතුරට හේතු වූ ග්ලැසියර කැඩී යාමේ ස්ථානයට චීන හෙළිකොප්ටරයක් ළඟා වී ඇති බවට වන දක්වමින් සමඟ සමාජ මාධ්‍යවල මෙම වීඩියෝව හුවමාරු වී තිබේ.‍සැබෑ ලෙසම මෙම වීඩියෝව නේපාලයේ ගංවතුරෙන් පසු ග්ලැසියර කැඩී ගිය ස්ථානයට චීන හෙළිකොප්ටරයක් ​​ළඟා වූ සත්‍ය වීඩියෝවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා අප විසින් අදාළ වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්‍ෂා කිරීමට කටයුතු කළා.

    එහිදී, 2025 ජනවාරි 16 වන දින “Heli Pilot Leigh” නම් යූ ටියුබ් ගිණුමක පල කර තිබූ මෙම දර්ශනම ඇතුළත් වීඩියෝවක් හමු වුණා. එම වීඩියෝවෙහි සඳහන් කර තිබූ ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ ඇලස්කාව ලෙස හඳුනාගෙන හඳුනාගත හැකිය.

    ඒ බව දැක්වෙන වීඩියෝවක් පහතින්.

    Youtube

    ඉහත ලයි කොට්ස් නැමති කාන්තාවගේ යූ ටියුබ් ගිණුමේ පල කර ඇති මෙම වෛරල් වීඩියෝවේ ඇති දර්ශනවලට සමාන දර්ශන ඇතුළත් තවත් වීඩියෝ කිහිපයක් ද හමු වුණා. ඉන්, 2025 ජනවාරි 16 වන දින පළ කරන ලද මිනිත්තු දෙකකට ආසන්න වීඩියෝවක ද වෛරල් වීඩියෝවේ දක්නට ලැබෙන දර්ශනවලට සමාන දර්ශන අඩංගු වේ. හෙළිකොප්ටරයක සිට රූගත කරන ලද මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, ග්ලැසියරයක් කැඩී යාමෙන් පසු අධික වේගයෙන් ජලය ගලා යන අයුරු ග්‍රහණය කර ගැනීම සඳහා ජංගම දුරකථනය හෙළිකොප්ටරයෙන් පිටතට දිගු කරන ආකාරයයි.

    Youtube

    මීට අමතරව, ලයි නැමති මෙම කාන්තාවගේ වීඩියෝවේ ඇතුළත් කොලොම්බියා ග්ලැසියරය (Columbia Glacier) පිහිටා ඇත්තේ ඇලස්කාවේ වල්ඩෙස් (Valdez) අසල බව අප විසින් සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වුණා.

    ඒ අනුව පැහැදිලි වන්නේ නේපාලයේ ගංවතුර හේතුවෙන් ග්ලැසියරයක් කඩා වැටුණු ස්ථානයකට චීන හෙළිකොප්ටරයක් ​​ළඟා වූ බවට දක්වමින් හුවමාරු වන වෛරල් වීඩියෝව, ඇමරිකා එක්සත් ජනපදයේ ඇලස්කාවේ පිහිටි කොලොම්බියා ග්ලැසියරය ආශ්‍රිතව ලබාගත් වීඩියෝවක් බවයි. මෙම වීඩියෝව ඇමරිකානු ගුවන් නියමුවරියක වන ලයි කොට්ස් (Ligh Kotes) විසින් රූගත කරන ලද්දකි.

    Claim 2 :

    “විශ්ණු දෙවියන්ගේ පූජනීය ස්වරූපය, නේපාල ගංවතුරින් පෙරළී ආ ටොන් 31ක ඇමොනයිට් පොසිලය” ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි.

    Facebook

    අදාළ වීඩියෝව පැරණි ස්වභාවික ශාලිග්‍රාමයක් ලෙස දක්වමින් නේපාලයේ සමාජ මාධ්‍යය ඔස්සේද සටහන් හුවමාරු වී තිබේ.

    Facebook

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප විසින් අදාළ වීඩියෝවේ දර්ශන Reverse image කිරීම සහ Key words ඔස්සේ පරීක්ෂා කරමින් සෙවීමක් සිදු කළ අතර, එහිදී 2026 ජූනි 30 වන දින ‘The Rising Nepal’ විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් හමු විය. මෙම ලිපියෙන් වෛරල් වූ වීඩියෝවේ දැක්වෙන කැටයම් කරන ලද ශාලිග්‍රාම් ප්‍රතිමාව දක්වා තිබුණි.

    පුවතට අනුව, නේපාලයේ මුස්තාං දිස්ත්‍රික්කයේ ජොම්සම් හි කාලිගණ්ඩකි ගං ඉවුරේ අඩි 22ක් උස ශාලිග්‍රාම් ප්‍රතිමාවක් නිර්මාණය කර ඇත. මෙම ප්‍රතිමාවේ වැඩ කටයුතු සිදු කර ඇත්තේ 2026 අප්‍රේල් 20 සිට මැයි 4 දක්වා සංවිධානය කරන ලද දින 15ක වැඩමුළුවක් අතරතුර නේපාල ලලිත කලා ඇකඩමියේ මූර්ති ශිල්පීන් විසිනි.

    ගර්ප්ජොං නගර සභාවේ සභාපති මෝහන් සිං ලාල්චන් ද ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රතිමාව ගං ඉවුරේ පිහිටුවා ඇති බවයි. නේපාලයේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ඉන්දියානු ජගත්ගුරු විසින් මෙම ප්‍රතිමාව ඉදි කරන ලද බවද ඔහු පවසා තිබේ.මෙම ශාලිග්‍රාම් ප්‍රතිමාව විවෘත කර ඇත්තේ ලද්දේ කර්නාටක ප්‍රාන්තයේ ශ්‍රී ශංකරාචාර්ය මහාවාස්මි විදුෂේඛර  විසිනි.

    ශාලිග්‍රාම් යනු කුමක්ද?

    ශාලිග්‍රාමයක් යනු හින්දු භක්තිකයන් අතර, විශේෂයෙන්ම වෛෂ්ණව සම්ප්‍රදාය (විෂ්ණු දෙවියන් අදහන බැතිමතුන්) තුළ ඉතාමත් පූජනීය ලෙස සලකනු ලබන දිව්‍යමය ස්වභාවික ගල් විශේෂයකි. හින්දු ආගමික විශ්වාසයන්ට අනුව, කිසිදු කැටයම් කිරීමකින් තොරව ස්වභාවිකව පිහිටන මෙම ගල් තුළ ශ්‍රී මහා විෂ්ණු වහන්සේ අධ්‍යාත්මිකව වැඩ සිටින බව විශ්වාස කෙරේ. එබැවින් නිවෙස්වල හෝ දේවාලවල විශේෂ පූජාවන් සඳහා මේවා තබා ගනී.

    ශාලිග්‍රාම් යනු ස්වභාවිකව පිහිටන පොසිල බවට පත් වූ ඇමොනයිට් ගල් වර්ගයකි. ඒවා නේපාලයේ කාලිගණ්ඩකි ගඟේ ගංගා පතුලේ හෝ ඉවුරුවල දක්නට ලැබේ.

    විශේෂඥයන්ට අනුව, ස්වභාවික ශාලිග්‍රාම් සාමාන්‍යයෙන් අත්ලක තබාගත හැකි තරම් කුඩා වන අතර, සැබෑ ශාලිග්‍රාම් හමුවන්නේ නේපාලයේ කාලිගණ්ඩකි ගංගා ප්‍රදේශයෙන් පමණි. වැඩිදුර තොරතුරු මෙතැනින්.

    ඒ අනුව පැහැදිලි වන්නේ අදාළ වීඩියෝවෙන් දැක්වෙන්නේ නේපාලයේ ඇති වූ ගංවතුර අතරතුර සොයාගත් විශ්ණු දෙවියන්ගේ පූජනීය ස්වරූපය ලෙස සැලකෙන ස්වභාවික ශාලිග්‍රාම් ගලක් නොවන බවයි. නේපාලයේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා මෙම ප්‍රතිමාව ඉදි කර ඇත.

    Claim 4 :

    නේපාලයේ ගංවතුර ඇති වීමට බලපෑ නේපාලයේ කන්දකින් ග්ලැසියර කැබලි කැඩී යන දර්ශනයක් ලෙස දක්වමින් වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්

    X

    Fact Check:

    ඉහත වීඩියෝවෙහි පසුබිමේ සිටින පිරිස් භීතියෙන් කෑගසන ආකාරයත් මාර්ගයක් අවහිර කරමින් හිම කඳු නාය යාමක් සිදුවන ආකාරයත් දැක්වේ. අදාල වීඩියෝව නේපාලයේ මෑතකදී සිදුවූ ගංවතුර සහ හිම කඳු නාය යෑම ආශ්‍රිත සිදුවීමක් නම් අදාල වීඩියෝව නේපාලයේ සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් වාර්තා කර තිබිය යුතුය. නමුත් අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ අදාල වීඩියෝව මෑතකදී නේපාලයේ සිදුවූ ආපදා තත්ත්වයන්ට අදාළ වීඩියෝවක් බව තහවුරු කරමින් කිසිදු නිල මූලාශ්‍රයක් ඔස්සේ වාර්තා කර නොමැති බවයි.

    මෙම වීඩියෝවම අප්‍රේල් සහ මැයි මාසවල විවිධ කාල වකවානුවලදී X සහ Facebook හි බහු පරිශීලකයින් විසින්ද හුවමාරු කරගෙන ඇත. එම වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

    ඒ අනුව අප විසින් සිදු කළ Reverse image පරීක්ෂාවේදී හඳුනා ගැනීමට ලැබුණේ  Pakistan TV විසින් 2026 මාර්තු 13 දින “වසන්ත සමයට පෙර උතුරු පාකිස්තානයේ ගිල්ගිට්-බල්ටිස්තාන් කඳුකරයේ හිම කඳු නාය යාමක් ගඟක් අවහිර කළ අවස්ථාවක්” යන ශීර්ෂ පාඨය යටතේ අදාළ වීඩියෝව පළ කර ඇති බවයි.

    Facebook

    කලාපීය මාධ්‍ය ජාලයක් වන Bol Hunza විසින්ද මෙම වීඩියෝව ඔවුන්ගේ Instagram ගිණුමේ බෙදාගෙන තිබුණි. ඒ මාර්තු 13 දින දීය  එම සටහනේ ශීර්ෂ පාඨයට අනුව, මෙම සිදුවීම සිදුවී ඇත්තේ හුන්සා (upper Hunza) ප්‍රදේශයේය.

    Claim 5 :

    නේපාලයේ ගංවතුර හමුවේ පස් කන්දකට යට වී සිටි මිනිසුන් පිරිසක් බේරාගන්නා ආකාරය ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි.

    X

    Fact Check :

    ඉහත වීඩියෝවෙන් පෙන්වන්නේ මඩේ සිරවී සිටින පිරිසක් බේරා ගැනීමට උත්සහ දරන ආකාරයයි. අදාළ සිදුවීම මෑතකදී නේපාලයේ මෑතකදී ඇතිවූ ගංවතුර ආපදා තත්ත්වයට අදාළ වීඩියෝවක් නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙන්ම නිල විශ්වාසනයේ මූලාශ්‍ර ඔස්සේද තහවුරු කර තිබිය යුතුය. නමුත් අප විසින් සිදු කළ පරීක්‍ෂාවේදී පැහැදිලි වූයේ අදාළ වීඩියෝව මෑතකදී නේපාලයේ ගංවතුර අපදාවට අදාළව කිසිදු නිල විශ්වාසනයේ මූලාශ්‍රයක් විසින් වාර්තා කර නොමැති බවයි.

    වීඩියෝවෙන් දැක්වෙන්නේ 2026 අගෝස්තු මාසයේ නේපාල ගංවතුර ව්‍යසනයේදී මඩේ සිරවී සිටි පිරිසක් මුදා ගැනීමක් නොවේ; එය 2023 වසරේ කොංගෝවේ සිදු වූවකි.

    ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ, මෙම වීඩියෝවේ ඇත්තේ 2023 වසරේ කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ කඩා වැටුණු පතලකින් කම්කරුවන් පලා යන අයුරු බවයු. මෙම මුල් දර්ශන 2023 වසරේ රොයිටර් (Reuters) පුවත් සේවය විසින් ප්‍රකාශයට පත් කර ඇත. පතල් කඩා වැටීමකින් බේරුණු එම පිරිස පිළිබඳව එම ලිපියේ විස්තර කර ඇත.

    Claim 5 :

    “ගංවතුරට සිරවී සිටින නේපාල මිනිසෙක්ව අලියෙක් විසින් බේරගන්න හැටි..”  යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Facebook

    Fact-Check :

    තම ශක්තිය යොදා ගනිමින්, සැඩ ගංවතුරෙන් බේරී ආරක්ෂිතව ගමන් කිරීමට පුද්ගලයෙකුට උපකාර කරන ආකාරයේ වීඩියෝවක් නේපාලයේ ගං වතුර තත්ත්වයට අදාළව කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් හෝ වාර්තා කර ඇත්ද, යන්න පරීක්ෂා කළ ත්, එවැනි වීඩියෝවක් අපට නිරීක්ෂණය නොවීය.

    මේ හේතුවෙන් මෙම වීඩියෝවේ රූපරාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    මෙය ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ඇති වූ මෝසම් ගංවතුර තත්ත්වයකට අදාළ සිදුවීමක් බවට දක්වමින් 2026 අගෝස්තු 9 වැනිදා සිට එනම් නේපාලයේ පසුගිය 26 වන දා ඇති වූ ගං වතුර තත්වය‌ට පෙර අන්තර්ජාලයේ පළ වී තිබූ බව හඳුනා ගත හැක.  

    කෙසේ වෙතත් මෙම වීඩියෝවේ දක්නට ඇති අස්වභාවික තත්ත්වය මත මෙය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද වීඩියෝවක් ද, යන්න අදාළ මෙවලමක් හරහා පරීක්ෂා කිරීමේදී මෙය AI ඔස්සේ ජනනය කරන ලද වීඩියෝවක් බවට දැක ගන්නට ලැබුණා.

    ඒ අනුව මෙය සත්‍ය වීඩියෝවක් නොව කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද අගෝස්තු 09 වන දා සිට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වී තිබූ වීඩියෝවක් වේ.

    Claim 6 :

    නේපාලයේ වතුර ගසා ගෙන යන මිනිසුන් ලෙසට දක්වමින්, වීඩියෝවක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මෙහි වීඩියෝ දෙකක් දැක ගන්නට ලැබේ.

    Facebook 

    Fact-Check

    මෙම වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී ගඟේ ගසාගෙන යන පිරිස වීඩියෝව පටිගත කරන පුද්ගලයාට අත වනමින් යන අයුරුත් ඔහු විසින් ඊට සතුටින් ප්‍රතිචාර දක්වන සංඥාවක් ද යොමු කරන බව ක්, දක්නට ලැබේ.

    එමෙන් ම ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ඉහත සඳහන් වීඩියෝව ප්‍රචාරය කර නොතිබූ බැවින්, මෙම වීඩියෝවේ රූප රාමුද, අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. 

    ඒ අනුව, මෙම වීඩියෝව පසුගිය අගෝස්තු 01 වන දා Jhok Rohai නම් ෆේස්බුක් ගිණුමක පළ කරන ලද වීඩියෝවක් බව දැක ගන්නට ලැබේ. එහි සඳහන් කර ඇත්තේ, මධ්‍යම පකිස්ථානයේ පිහිටා ඇති කෝ-ඉ-සුලෙයිමාන් කඳු පන්තියට ඇද හැළුණු අධික වර්ෂාවෙන් පසුව ‘කෝට් මහී’ ගංගාවට හදිසියේම විශාල ගංවතුරක් ගලා විත් තිබූ බවයි. එමෙන් ම තත්ත්වය කෙතරම් තැතිගන්වනසුළු වීද යත්, ඈත පළාත්වලින් පැමිණි සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් බියට පත්ව පසුබැස ගිය අතර, ඔවුන්ට ආරක්ෂිත ස්ථාන කරා පලා යාමට පවා සිදු වූ බව ත්, 

    නමුත්, සාමාන්‍ය ජනතාව බියෙන් පසුබසිද්දී,  එම ප්‍රදේශයේ නිර්භීත දරුවන් කිසිදු බියක් නොමැතිව මෙම ගංවතුරට පැන ඇති බව ත්, කැරලිගසන රළ සහ ප්‍රබල ජල ප්‍රවාහයන් පැවතියද, ඔවුන් දියෙහි පිහිනමින්, හදවතින්ම සිනාසෙමින් එම මොහොත උපරිමයෙන් භුක්ති වින්ද, බවට එහි සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    Facebook

    එමෙන් ම එම ප්‍රදේශයේ වූ ජල ගැල්ම පිළිබඳ එරට මාධ්‍ය විසින්, අගෝස්තු 01 වන දා වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    මෙම පුවත් ඉදිරිපත් කිරීමේදී ද, ළමුන් ඇතුළු පිරිසක් ජල ගැල්මෙන් පසු ගඟට බැස විනෝද වන අයුරු දැක ගන්නට ලැබේ.

    Jhok Rohai විසින් තව ත්, වීඩියෝ මේ සම්බන්ධයෙන් පළ කර තිබූ අතර පුද්ගලයන් මෙලෙසින් ගංගාවේ පාවෙමින් විනෝද වන අයුරු දැක ගන්නට ලැබේ.

    Facebook

    ඒ අනුව මෙය නේපාලයේ ගං වතුර තත්ත්වයට සම්බන්ධ වීඩියෝවක් නොව පාකිස්ථානයේ ජුලි අග / අගෝස්තු මුල් සිදුවූ ගං වතුර තත්ත්වයක වීඩියෝවක් බව ත්, මෙය පාකිස්ථානයේ කෝ-ඉ-සුලෙයිමාන් කඳු පන්තියට ඇද හැළුණු අධික වර්ෂාවෙන් පසුව ‘කෝට් මහී’ ගංගාවේ ඇති වූ ගං වතුර තත්ත්වයින් පසු ළමුන් විනොද වන අවස්ථාවක් වේ.

    එමෙන් ම නේපාලයේ ගං වතුර තත්ත්වයේ අවස්ථාවක් ලෙස මෙරට හුවමාරු වූ සමාජ මාධ්‍ය වීඩියෝව නිර්මාණය කර තිබුණේ, වීඩියෝ දෙකක් එකතු කරමින් ඇති බව ට දැක ගන්නට ලැබේ.

    එම දෙවැනි වීඩියෝවේ ද, අගෝස්තු 18 එනම්, නේපාලයේ ගං වතුර ඇති වූ, අගෝස්තු 26 වැනිදා ට සතියකට පෙර පළ කර ඇති බව ද, නිරීක්ෂණය විය.

    Facebook

    මෙම වීඩියෝව කුමන අවස්ථාවක වීඩියෝවක් ද, යන්න තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැතත්, මෙම වීඩියෝව පරීක්ෂාවේදී ද, මොවුන් ගොඩබිම සිටින මිනිසුන්ට අත වනමින් කෑ කෝ ගසමින් යන අයුරු නිරීක්ෂණය වේ. එමෙන් ම මෙම වීඩියෝව Arjun Thakuri නමැති නේපාල ජාතිකයෙකු විසින් පළ කර තිබුණා. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Result Stamp

    Title: නේපාලයේ ගංවතුර තත්ත්වය සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නොමග යවන සුළු ඡායාරූප සහ වීඩියෝ!

    Fact Check By: Pavithra Sandamali

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-08-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.