Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    යාල වනෝද්‍යානයේ සිටි දිවියන් ලෙස සමාජ ජාලාවල හුවමාරුවන විදෙස් සේයාරූ පෙළක්!

    2023-04-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. යාල වනෝද්‍යානය තුළ දිවියන් ලෙස හදුන්වන ජීවීන් (Panthera pardus kotiya) දක්නට ලැබෙන බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. නමුත් පසුගිය දිනවල යාල වනෝද්‍යානයේ දක්නට ලැබුණු දිවියන්/ කොටීන් ලෙස හදුන්ව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    යාල වනෝද්‍යානය තුළ දිවියන් ලෙස හදුන්වන ජීවීන් (Panthera pardus kotiya) දක්නට ලැබෙන බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. නමුත් පසුගිය දිනවල යාල වනෝද්‍යානයේ දක්නට ලැබුණු දිවියන්/ කොටීන් ලෙස හදුන්වමින් ඉන්දීය වනෝද්‍යානවල සතුන්ගේ සේයාරූ සමාජ ජාලාවල පැතිර ගිය ආකාරය දක්නට ලැබුණා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 1 

    කලු දිවියෙක්  සහ එම දිවියාගේ මව (පුල්ලි සහිත දිවියෙක්) සමඟ යාල වනෝද්‍යානයේ ගලක් මත සිටින ආකාරය හඟවමින් සේයාරුවක් Instagram තුළ  හුවමාරුව තිබුණේ මෙලෙසින්.

    Instagram | Archived

    මෙවැනි සටහන් ෆෙස්බුක්වල ද පැතිර පවතින බවක් දක්නට ලැබුණා.

    Facts

    මෙම සේයාරුව Reverse Image සෙවීමකට ලක්කළ අපට දැකගන්නට ලැබුණේ මෙය 2010 වසරේදී දකුණු ඉන්නිදියාවේ නිල්ගිරිස් ප්‍රදේශයේ දී වනජීවී සේයාරූ ශිල්පියෙක් විසින් ලබාගත් එකක් බවයි. ඔහු නමින් ප්‍රකාශ් රාමක්‍රිෂ්ණන් .ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අඩංගු වෙබ් පිටුවකට පිවිසිය හැකියි මෙතනින්.Archived

    ප්‍රකාශ් රාමක්‍රිෂ්ණන් විසින් සිය ඉන්සටග්‍රෑම් ගිණුමේ මෙම සේයාරුව ඇතුලත් කර තිබු අවස්ථා 2 ක් මෙතනින් සහ මෙම දුර්ලභ ඡායාරුපය ඇතුළු ඡායාරුප පෙළ ලබාගත් අවස්ථාවා ඇතුළු ඡායාරුප පෙළ ලබාගත් අවස්ථාව, සංවාදයක් අතරතුරු විස්තර කර තිබුනේ මෙලෙසින්

    සමාජ ජාලා සටහන් 2 

    කලු දිවියෙක් සහ සාමාන්‍ය දිවියෙක් කැලයක් තුළ ඉතා ලෙන්ගතුව එක්ව සිටින අයුරු හැගෙන ලෙස සේයාරූ පෙළක් යොදාගනිමින්ද පෝස්ටු පෙළක් සකසා තිබුණා. නමුත් මෙම පිටුවේ නම වන Wild hiking adventure යන නමින් ඇති ලාංඡනයක් (Logo) යොදා ගෙන තිබීම හා ඒ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින්ද, පෙනී ගියේ මෙය ලංකාවේ වනයක් තුළ වූ සිදුවීමක් ලෙසයි.

    Facebook | Archived

    Facts

    කෙසේ නමුත් මෙම සේයාරුව රිවර්ස් ඉමේජ් සර්ච් කිරීමකට ලක්කළ අපට දැකගන්නට ලැබුණේ මෙය ඉන්දියාවේ කබිනි වනෝද්‍යානයේ සිටින සායා (Saya) සහ ක්ලියෝපැට්‍රා (cleopatra) යන දිවිදෙන සහ දිවියාගේ සේයාරූ බවයි.

    එම ඡායාරුප පෙළ, ඉන්දීය සංචාරක සමාගමක් මගින් පවත්වාගෙන යන සමාජ ජාලා ගිණුමක් මඟින් මීට වසර 4කට පමණ පෙර පළකර තිබුනේ පහත අයුරින්.

    ‘Eternal Couple’ නමින් හැඳින්වෙන මෙම සායා (Saya) සහ ක්ලියෝපැට්‍රා (cleopatra)ගේ යුවලගේ දුරලභ ඡායාරුප සමඟ ඔවුන්ගේ සුවිශේෂී ආදර අන්දරය පිලිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් මෙතනින් මෙම ඡායාරුප ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ Kabini වනාන්තරයේ දී කැමරාවට හසුකරගෙන තිබුනේ වනජීවී ඡායාරුප ශිල්පී Mithun Hunugund විසින්.

    කළු දිවියන් සහ පුල්ලි සහිත දිවියන් එකතු වූ අවස්ථා පිලිබඳ වාර්තා සීමිත වුවත් ඔවුන්ට ලිංගික එකතු වීමේ සිද්ධි වාර්තා වන අතර ඒ ඇතුළු වාර්තාවක් මෙතනින් Archived

    ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුප පෙළ සඳහා මුල්වූ හේතුව කුමක් ද?

    නැවත වරක් කළු දිවියෙකුගේ ඡායාරුපයක් කැමරා ඇසට හසු වීමත් සමඟ මාර්තු අවසන් සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිලිබඳ විශාල කතාබහක් ඇති වී තිබුණා. එම ඡායාරුපය කැමරාවට හසු කර ගෙන තිබුනේ වන ජීවි ඡායාරුප ශිල්පින් දෙපළක් වන ඩිලාන් ජයසිංහ සහ ශ්‍රියංක මෙන්ඩිස් ඇතුළු කණ්ඩායමක් විසින්. ඔවුන්ගේ කැමරාවට ද හසුකරගෙන තිබු කළු දිවියෙකු සහ සාමාන්‍ය පුල්ලි සහිත දිවියෙකුගේ ඡායාරුප කිහිපයක් මෙතනින් සහ මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-04-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.