Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා ද?

    2025-03-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අවසන් වී තිබියදී ත්, සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පක්ෂ වල නාමයෝජනා සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් හවුමාරු වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අවසන් වී තිබියදී ත්, සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පක්ෂ වල නාමයෝජනා සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් හවුමාරු වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පිළිබඳ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    මෙවර පළාත් පාලන ඡන්දයේ දී පරාජය ලැබෙන බව දැන දැනම හිතමතාම මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමක් සිදුකර ඇති බව ද හඟවමින් ද ඇතැම් සටහන් හුවමාරු වී තිබු අතර එහි නිරවද්‍යතාව පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම):

    එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවට තරඟ වැදීම සඳහා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ නාමයෝජනා සියල්ලකම පාහේ ප්‍රතික්ෂේප වී ඇති බවට කිසිඳු ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් වාර්තා කර නොතිබුණි.

    මැතිවරණ කොමසාරිස් ජනරාල්

    මේ හේතුවෙන් අප මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රන්නායක මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, මෙම සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පුවත අසත්‍ය බව ත්, පොදුජන පෙරමුණ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ නාමයෝජනා සියල්ලක් ම ප්‍රතික්ෂේප වී නොමැති බවත් ය.

    එමෙන් ම පසුගිය 19 වන දා වන විට කොළඹ දිස්ත්‍රික්ක‍ේ නාමයෝජනා ලබා දුන් පක්ෂ සංඛ්‍යාව 7ක් වන අතර නාමයෝජනා ලබා දුන් ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 7ක් බවට මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    පසුගිය මාර්තු 20 වැනිදා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා පත්‍ර භාරදීම සිදුවූ අතර එහිදී අදහස් දක්වමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා ද පවසා සිටියේ මේ වන විට පුරපති අපේක්ෂකයා කවුරුන් ද යන්න ප්‍රතිපත්තියක් ලෙස නිවේදනය කලේ නැති බවත් ඉදිරියේ දී ඒ බව දැනුම්දෙනු ඇති බවත්ය.

    මෙසේ ඉදිරිපත් කළ නාම යෝජනා අවලංගු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විමසීමක් කළ අතර එහි සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසා සිටියේ, කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සියල්ලම පාහේ ප්‍රතික්ෂේප වී ඇති බවට හුවමාරු වන්නේ ව්‍යාජ සටහන් පෙළක් බවයි.

    කොළඹ දිස්ත්‍රික් ලේකම් දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා සඳහන් කළේ, කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් වූ නාමයෝජනා අතරින් නාමයෝජනා 5ක් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

    පොදුජන එක්සත් පෙරමුණේ භාර දුන් නාමයෝජනා අතරින් යම් යම් කොන්දේසි යටතේ නම් ඉවත් කිරීම් වලට යටත් ව නාමයෝජනා පිළිගනු ලැබූ බව ද, ඔහු මාධ්‍ය හමුවකදී සඳහන් කරනු ලබන්නේ මෙලෙසින්.

    එමෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නාමයෝජනා භාර දුන් අවස්ථාවේ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙතනින්.

    2025 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ වදින අපේක්ෂකයින්ගේ හමුවක් අද(27) නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී පැවැත්වූ බවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මේ අයුරින්.

    Archived Link

    මහ නගර සභා 28ක් නගර සභා 36ක් ඇතුළු පළාත් පාලන ආයතන 336කට නියෝජිතයන් අසන්න වශයෙන් 8000කට වැඩි සංඛ්‍යාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තෝරාගැනීමට නියමිත ය.

    මාර්තු 3 වන දින නාමයෝජනා දැන්වීම් නිකුත් කළ පළාත් පාළන ආයතන 336 සඳහා නාම යෝජනා භාර ගැනීම 2025 මාර්තු 17 වන දා සිට මාර්තු 19 වන දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සහ මාර්තු 20 වන දා දහවල් 12 දක්වා සිදුවුණා.

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසුගිය මාර්තු 12 වන දා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනු ලැබුවා.

    ඡන්ද විමසීම 2025 මැයි මස 6 වන අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතයි.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාමයෝජනා  සියල්ලක්ම පාහේ ප්‍රතික්ෂේප වී ඇති බව හඟවමින් පළ වන වාර්තා අසත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-03-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.