Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කොළඹ නගරාධිපතිනිය නිල නිවසේ පදිංචියට ඒමට සූදානම් වන අයුරු?

    2025-07-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   කොළඹ මහ නගර සභාව (CMC) අනෙකුත් පළාත් පාලන ආයතනවලට සාපේක්ෂව නිරන්තරව වැඩි ජනතා අවධානයක් යොමු වන මෙරට ප්‍රමුඛතම මෙන්ම ප්‍රබලතම පළාත් පාලන ආයතනයයි. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නගරාධිපති

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    කොළඹ මහ නගර සභාව (CMC) අනෙකුත් පළාත් පාලන ආයතනවලට සාපේක්ෂව නිරන්තරව වැඩි ජනතා අවධානයක් යොමු වන මෙරට ප්‍රමුඛතම මෙන්ම ප්‍රබලතම පළාත් පාලන ආයතනයයි. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නගරාධිපති ධුරයට ඉදිරිපත් වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නගරාධිපතිනිය ලෙස පත්වීමත් සමග කොළඹ මහනගර සභාව පිළිබඳ සමාජ මාධ්‍ය සංවාද තවදුරටත් ත්‍රීවෘ ඇති ආකාරයක් දැකගත හැකියි. ඒ අනුව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ විමසා බැලීමක් මේ. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “අනුරගේ කොළඹ නගරාධිපතිනිය වෙනුවෙන් කොළඹ නගරාධිපති නිල නිවස අලුත්වැඩියා කරනවා ලු“ යනුවෙන් සඳහන් කරමින් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත්තේ, වීඩියෝවක් ද සහිතවයි. කොළඹ නගරාධිපති නිල නිවස හෙවත් ශ්‍රී නිවාස මහා මන්දිරය අලුත්වැඩියා කෙරේ යනුවෙන් අදාළ වීඩියෝවේ සඳහන් කර තිබේ. 

    Facebook 

    දර්ශනයට අනුව අලුත්වැඩියාව සිදු වන්නේ, කොළඹ නගරාධිපති නිල නිවසේ බව ද පැහැදිලිව දැකගත හැකියි. 

    තවත් සමාජ මාධ්‍ය පරිශීලකයින් රැසක් කොළඹ නගරාධිපතිනියට පැමිණීම සඳහා නිල නිවස අලුත් වැඩියා කරන බව පවසමින් සමාජ මාධ්‍යයේ සටහන් පළ කර තිබෙනු මෙලසෙ දැකගත හැකි වුණා. 

    Facebook

    Newshub වෙබ් අඩවියේ ව්‍රායි බල්තසාර් කොළඹ පුරපති මැදුරේ පදිංචියට ? නගරසභා සේවකයන් බරටම වැඩ ! යන ශීර්ෂ පාඨය යටතේ පුවතක් පළ කර තිබුණා. 

    Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම සටහන් අනුව සත්‍ය ලෙසම මෙම අලුත්වැඩියා කිරීම් සිදුවන්නේ, නව නගරාධිපතිනිය වෙනුවෙන් ද යන්න  පිළිබඳව අප කරුණු සොයා බැලුවා.   

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    නගරාධිපති කාර්යාලයේ ප්‍රතිචාරය 

    පළ වන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාවක් තිබේ ද යන්න තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මත අප කොළඹ මහ නගර සභාවේ නගරාධිපති කාර්යාලයෙන් මේ පිළිබඳව විමසීමක් කළා. එහිදී නගරාධිපති කාර්යාලය පැවසුවේ, පසුගිය දින කිහිපයේ නගරාධිපති නිල නිවසේ අලුත්වැඩියාවක් සිදුවන බවයි. එහෙත් එම කටයුත්ත සිදු වන්නේ, නගරාධිපතිතුමියගේ පැමිණීම වෙනුවෙන් නොවන බව ද නගරාධිපති කාර්යාලය සඳහන් කළා. දින කිහිපයක් සඳහා අදාළ නිවස ඉන්දීය චිත්‍රපටයක රූගත කිරීම් සඳහා දිනකට අමෙරිකානු ඩොලර් 1200ක කුලී පදනම යටතේ ලබා දී ඇති බවයි. ඒ අනුව අදාළ රූගත කිරීම සඳහා වන සූදානම එහි සිදුවූ බව ද නගරාධිපති කාර්යාලය සඳහන් කළා. ඉදිරි කාලයේදී ද කඩින් කඩ මෙවැනි රූගත කිරීම් සඳහා ලබාදීමට අපේක්ෂා කරන බවත් ඉන් මහනගර සභාවට ඩොලර් ආදායමක් උපයා ගත හැකි බවත් නගරාධිපති කාර්යාලය පැවසුවා. 

    කොළඹ නගරාධිපතිතුමියගේ ප්‍රතිචාරය 

    තව ද මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද සම්බන්ධ කර ගත්තා. නගරාධිපතිතුමිය ද කියා සිටියේ, එහි සිදු වන්නේ, චිත්‍රපට රෑගත කිරීමක් සඳහා වන සූදානමක් බවයි.

    තව ද ජනපති , අගමැතිනිය අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව යමින් තමා ද වැඩ කරන බව සඳහන් කළ නගාරධිපතිතුමිය කියා සිටියේ, ඉදිරියටත් තමා කුලී නිවසේ ජීවත්වනු ඇති බවයි. තව ද ආකෘතියට හෝ වෙනත් කිසිදු ආකාරයේ හානි නොවන පරිදි ඉදිරියේදී නගරාධිපති නිල නිවාස සහිත ස්ථානය  නගරයේ දරුවන්ගේ වැඩ කටයුතු, කලා කටයුතු අදියට යොදා ගත හැකි පරිදි අයිති පොදු දේපළක් ලෙස යොදා ගැනීමට අපේක්ෂා කරන බව ද නගරාධිපතිතුමිය සඳහන් කළා. 

    චිත්‍රපට සංස්ථාවේ ප්‍රතිචාරය 

    ඒ අනුව අප මේ සම්බන්ධය චිත්‍රපට සංසථාවෙන් ද විමසීමක් සිදු කළේ ය. ඒ අනුව චිත්‍රපට සංස්ථාව කියා සිටියේ සිය සංස්ථාවේ අනුමැතිය සහිතව STEPSONS නම් ඉන්දීය ටෙලි නාට්‍යයක රූගත කිරීම් අදාළ ස්ථානයේ සිදුවන බවත්  අද සිට දින 8ක කාලයක් එම ස්ථානයේ  මෙම රූගත කිරීම් සිදුවන  බවත් ය.

    කොළඹ නගරාධිපති නිල නිවස 

    කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අනෙකුත් වරප්‍රසාද රැසක් සමගින්  නිල නිවසක් ද හිමි වේ. ඒ අනුව කොළඹ නගරාධිපති සඳහා වන නිල නිවස (ශ්‍ී නිවාස) පිහිටා ඇත්තේ, කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයකයි. නිදන කාමර, සාකච්ඡා ශාලා, උද්‍යාන මෙන් ම වෙන ම කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ද ඊට ඇතුළත් මෙහි වත්වන් වටිනාකම  රුපියල් බිලියන ගණනක් වන බව පැවසේ. වැඩි විස්තර මෙතැනින්  කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ මෙවර කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ ව්‍රායි කැලී බල්තසාර් නගරාධිපතිතුමිය නගරාධිපති නිල නිවසේ වරප්‍රසාදය භුක්ති නොවිඳිනු ඇති.  

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ අලුත්වැඩියාවක් කොළඹ නගරාධිපති නිල නිවසේ සිදුවුව ද එය නගරාධිපතිතුමියගේ පැමිණීම වෙනුවෙන් සිදුවූවක් නොව ටෙලි නාට්‍යයක රූගත කිරීම් වෙනුවෙන් සිදු වූ බවයි. 

    Avatar

    Title:කොළඹ නගරාධිපතිනිය නිල නිවසේ පදිංචියට ඒමට සූදානම් වන අයුරු?

    Written By: Fact Crescendo Team  

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-07-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.