Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගි වූ කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ ගුරු වෘත්තීය සංගමයේ නායකයෙක්?

    2021-08-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය වකවාණුවේදී දීප ව්‍යාප්ත ව පැවැත්වූ ගුරු – විදුහල්පති උද්ඝෝෂණ රට පුරා පැතිර යන කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියට තුඩු දුන් බවට ඇතැමුන් චෝදනා කළා. මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂාවන් කිහිප

    පසුගිය වකවාණුවේදී දීප ව්‍යාප්ත ව පැවැත්වූ ගුරු – විදුහල්පති උද්ඝෝෂණ රට පුරා පැතිර යන කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියට තුඩු දුන් බවට ඇතැමුන් චෝදනා කළා. මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂාවන් කිහිපයක්ම සිදු කරනු ලැබුවා.

    කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ නියෝජ්‍ය විදුහල්පති වරයෙකු සම්බන්ධයෙන් පළ වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වීම හේතුවෙන් කොරෝනා වැළඳී මිය ගිය බවටයි. මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Eethalaya News ඊතලය නිව්ස් නම් ෆේස්බුක් පිටුවේ දක්වා සටහනක් පළකර තිබුණේ, ගුරු වෘත්තීය සමිති නායකයා කොරෝනාවෙන් අවසන් ගමන් යන තේමාවෙන්.

    පුවත්පතක පළ වූ පුවත් ලිපියක් සහ ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිංගේ ඡායාරූපයක්ද, ගුරු උද්ඝෝෂණ අවස්ථාවක ඡායාරූපයක්ද එහි දක්වා තිබුණා. 

    Facebook | Archived Link

    මේ තේමාවෙන් පළවී තිබු තවත් සටහනක් පහතින්.

    Facebook | Archived

    මෙම සටහන් හේතුවෙන් ගුරු උද්ඝෝෂණයට සහභාගී වීමෙන් පසු එම ගුරුවරයාට කොරෝනා වැළඳී මිය ගියට බවට උපකල්පනය කළ බවට එම සටහන් වලට පළ වූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙලෙසින්.

    ආණමඩුව ප්‍රදේශයේ පුවත් වාර්තාකරුවෙක් වන හිරාන් ප්‍රියංකර ජයසිංහ විසින් වාර්තා කරන ලද පුවතක් මෙම සටහන් සඳහා මුල් වී තිබුණ අතර එම පුවතේ අවසාන ඡේදයේ දක්වා තිබු පහත කොටස මෙම සටහන් මඟින් ඉස්මතු කර තිබුණා. 

    “වෘත්තීය සමිති නායකයකු ලෙස ප්‍රසිද්ධියක් උසුලා තිබූ ජයන්ත මහතාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුව ආණමඩුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබිණි.”

    මෙම සටහන සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණු අයුරු පහතින්.

    මෙම පුවතේ නිරවද්‍යතාවය සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක්ද මුල් කර ගනිමින් මෙහි කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    Also Read : FACT CHECK: ගුරු වර්ජනයට ගෙදරින් ආ ගුරුවරිය ගුරුවරයෙකු සමග ලැගුම් හලක සිට සැමියාට අසුවූ බවට පුවත් පත් ලිපියක්?

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මෙම පුවත සැබවින්ම වාර්තා කර ඇති පුවතක්ද නැතහොත් පුවත්පතක පළ වූ බවට හැඟවීමට සංස්කරණය කරන ලද පුවතක්ද යන්න නිරීක්ෂණය කළ අතර එහිදී තහවුරු වූයේ මෙම පුවත පසුගිය අගෝස්තු 16 වන සඳුදා ලංකාදීප පුවත්පතේ වාර්තා වූ පුවතක් බවයි.

    Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහන් වල දක්වා ඇති ඇතැම් ප්‍රතිචාර වල සඳහන් වී තිබුණේ මෙම ගුරුතුමා බොහෝ කලකට පෙර සිට වකුගඩු රෝගයෙන් පෙලෙන අතර ඉන් අසාධ්‍ය තත්ත්වයට පත්වී සිටියදී කොරෝනා රෝගය වැළඳී මිය ගොස් ඇති බවයි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් සත්‍ය කරණු විමර්ශනය කිරීම සඳහා අප ජීවිතක්ෂයට පත් වූ ආර්.එම්. ජයන්ත රාජපක්ෂ මහතා සේවය කළ බවට පුවත් වාර්තාවේ දක්වා තිබූ ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති විමල් විජේරත්න මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.

    අප මේ සම්බන්ධයෙන් විමසන විටත් එම විදුහල්පති තුමා පුවත් පතේ පළ වූ ප්‍රවෘත්තිය මෙන්ම සමාජ මාධ්‍යජාලා වල පළ වූ සටහන් සම්බන්ධයෙන් ද දැනුවත් වී තිබූ අතර විදුහල්පතිවරයා සඳහන් කළේ එම සටහන් තුළින් ඉස්මතු මර තිබූ ආකාරයට ගුරු උද්ඝෝෂණයට සහභාගී වීමෙන් අනතුරු කොරෝනා වැළඳීමෙන් එම ගුරුතුමා මියගය බව ගම්‍ය වන පුවත් සම්පූර්ණයෙන් නොමඟ යවන සුළු බවයි.

    මෙම ගුරුතුමා ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ ප්‍රාථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පති වන අතර වකුගඩු රෝගයෙන් අවුරුදු 5ක පමණ සිට පීඩා විඳින බවත් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වීම හේතුකොටගෙන එම ගුරුවරයාට නිවාඩු ලබාදී තිබූ හෙයින් මාස 6ක පමණ කාලයක සිට පාසලට හෝ නොපැමිණි බවත් සඳහන් කළා. 

    එම ගුරුතුමා ගුරු උද්ඝෝෂණ සඳහා සහභාගි වීම කිසිසේත්ම සිදු නොවූ බවට සහතික කළ හැකි බවත්, ජීවිතය සම්බන්ධයෙන් අවිනිශ්චිත බැවින් නිවසේ සිට ප්‍රතිකාර ලබා ගත් බවත්, අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ගුරුතුමාට පසුව කොරෝනා රෝගයද වැළඳුණු අතර ඒ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව ද විදුහල්පති වරයා පවසා සිටියා. 

    යල්ලේවල පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේගේ ගුරු වෘත්තීය සංගමයේ ප්‍රාදේශිය වෘත්තී සංගම් නායකයා හැටියටද කටයුතු කළ බවද අප කළ විමසීමේදී විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා. එසේම  අභාවප්‍රාප්ත ගුරු මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳ ලංකාදීප පුවත් ලිපියේ සඳහන් නොවීම හේතුවෙන්, සෘජුවම පසුගිය දිනවල ගුරු උද්ඝෝෂණ සඳහා මෙම ගුරුවරයා සහභාගී වූ බවක් දක්වා නොතිබුණත් මෙය මුල්කරගනිමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබු බැවින්, එය යාවත්කාලීන කරන ලෙස පුවත් ආයතනයට ද ඉල්ලීමක් කළ බව ද විදුහල්පතිතුමා පවසා සිටියා.

    Also Read: FACT CHECK: ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි විශේෂාංගයේ පළ වූ ලිපියක්ද?

    අප මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පුත්තලම ආණමඩුව ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, එම නියෝජ්‍ය විදුහල්පති අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ වකුගඩු රෝගයෙන් පීඩා විඳි රෝගියෙකු බවත් මීට සති කිහිපයකට පෙර කොවිඩ් වැළඳී ඇති බවට වාර්තා වූ අතර පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් වැළඳී දින 14 ක් යෑමටත් පෙර ජීවිතක්ෂයට පත් වූ බවයි.

    අප ජීවිතක්ෂයට පත් වූ එම ගුරුතුමාගේ නිවැසියන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අතර මෙතෙක් ඒ සඳහා අවකාශය නොලැබුණි. ඔවුන්ගේ පිළිතුරු සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    ඒ අනුව අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ ප්‍රාථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වූ ආර්.එම්. ජයන්ත රාජපක්ෂ මහතා ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා වැළඳී මිය ගිය බවට පළ වූ සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි. 

    එම ගුරුතුමා වසර කිහිපයක් තිස්සේ වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගියෙකු බවත් පසුගිය මාස 6ක කාලයක් පුරාම ඉතාම අසාධ්‍ය රෝගී තත්ත්වයෙන් පෙළුණු හෙයින් නිවසේ සිට ප්‍රතිකාර කරනු ලබන ගුරුවරයෙක් බවත් පාසලේ විදුහල්පතිතුමා තහවුරු කර සිටියා. එසේම අවසාන වශයෙන් කොරෝනා රෝගය වැළඳී පුත්තලම මූලික රෝහලේදී ප්‍රතිකාර ලබාගනිමින් සිටිය දී දින 14ක් යෑමට මත්තෙන් ජීවිතක්ෂයට පත් වූ බව ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂකවරයා ද තහවුරු කරනු ලැබූවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.