Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Karate Kid නළු පැට් මොරිටා මෑතකදී මියගිය බව හැඟෙන පරිදි පළවූ නොමඟයවන සුළු සටහනක්!

    2020-05-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොව පුරා ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම කොරෝනා වෛරසයට ගොදුරු වීමත් සමගම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා.  මෙබඳු විශාල වශයෙන් හුවමාරු වූ පෙළක කොරෝනා වයිරසය හේතුවෙන් ලෝප්‍රකට සටන් කාල නළු චක් නොරිස් (C

    ලොව පුරා ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම කොරෝනා වෛරසයට ගොදුරු වීමත් සමගම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා.  මෙබඳු විශාල වශයෙන් හුවමාරු වූ පෙළක කොරෝනා වයිරසය හේතුවෙන් ලෝප්‍රකට සටන් කාල නළු චක් නොරිස් (Chuck Norris) මරණයට පත්වූවා යයි යන්න උපහාසාත්මක අයුරකින් පෙන්වා තිබු නොමඟ යවනසුළු සටහන් පෙළක් පිළිබඳව විමර්ශන සිදුකර තිබෙනු ද මැයි මස මුල් කාල වකවානුවේදී අපට දක්නට ලැබුණා.

    මේ අතර ප්‍රසිද්ධ විකට නළුවකු අභාවයට පත්ව ඇතැයි යනුවෙන් හුවමවරු වූ සටහනක් 3600 කට වැඩි පිරිසක් අතර කෙටි කාලයකදී හුවමාරු වී තිබුනේ මෙලෙසිනි.  

    “90 දශකයේ අපගේ ළමා කාලය වර්ණවත් කල තවත් කෙනෙක් යන්න ගිහින්.. 😓 අවුරුදු 73ක් ආයු වැළදූ මිස්ටර් මියාගී ලාස් වේගාස් වලදී අවසන් ගමන් ගිහින්.. 😪💔 ස්තූතියි අපේ ළමා කාලය ලස්සන කරාට.. ♥️ ඔබට නිවන් සුව..! 🙏🏻” 

    LinkArchived Link

    තවත් ෆේස්බුක් පිටු කිහිපයක් විසින්ම මෙය හුවමාරු කරගෙන තිබුනේ මෙසේය.

    මෙම සටහන් වලට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු මෙම නළුවාගේ අභාවය පිලිබඳ සටහන් තබමින් නිවන් සුව පතමින් ප්‍රතිචාර දක්වා තිබු අයුරක්ද දැකගන්නට හැකිවිය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත සටහනේ තිබෙන ඡායාරූප අධ්‍යයනය කිරීමේදී අපට මෙහි පෙන්වා සිටින්නේ Mr. Miyagi චරිතයෙන් ලෝප්‍රකට වූ ජපාන සම්භවයක් ඇති ප්‍රසිද්ධ ඇමරිකානු විකට නළුවකු වූ (Noriyuki “Pat” Morita) බව සනාථ විය. 

    Karate Kid මාලාවේ Mr.Miyagi චරිතය නිරූපණය කළ මෙම විකට චිත්‍රාංග නළුවා පිළිබඳ විස්තරයක් පහතින් දැක්වේ

    Biography | Photo Gallery

    පැට් මොරිටා පිළිබඳව පළවී තිබූ සෑම වාර්තාවකම වාගේ සඳහන් කර තිබුණේ ඉහත සටහනේ සඳහන් පරිදි හැත්තෑ තුන්වන වියේ දී ඔහු ලස් වේගස් නුවරදී මෙලොවින් සමුගත්තද ඔහුගේ මරණයේ ඇත්ත වශයෙන්ම සිදුවී තිබෙන්නේ 2005 වසරේදී බවයි

    NYTimes | AP 

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ Mr.Miyagi චරිතයෙන් ලෝප්‍රකට වූ  පැට් මොරිටා යන විකට නළුවා 73 වන වියේදී මෙලොවෙන් සමු ගෙන ඇත්තේ 2005 වසරේදී බවයි. මෙම නළුවා වර්තමානයේ අභාවප්‍රාප්ත වී ඇති බව හැඟෙන පරිදි පළ කර ඇති ඉහත සටහන නොමඟ යවන සුළු සටහනකි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.