Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලොව ප්‍රථම බිම්බෝම්බය ශ්‍රී ලංකාවේදී පර්‍යේෂණයට ලක් කළ අවස්ථාවක්ද?

    2024-07-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ සොයාගැනීම් සහ නිපැයුම් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කරුණු හුවමාරු වෙනවා. ඒ අතරින් ඇතැම් කරුණු, පරිශීලකයින්ගේ දැනුම වර්ධනය වීමට දායක වන අතර, ඇතැම් කරුණු නොමඟ යවන සුළු ඒවා. මෙලෙස ම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    විවිධ සොයාගැනීම් සහ නිපැයුම් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කරුණු හුවමාරු වෙනවා. ඒ අතරින් ඇතැම් කරුණු, පරිශීලකයින්ගේ දැනුම වර්ධනය වීමට දායක වන අතර, ඇතැම් කරුණු නොමඟ යවන සුළු ඒවා. මෙලෙස මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණ සටහනක් කෙරෙහි අපගේ අවධානය යොමු වුණා. 

    සමාජ මාධ්‍ය සටහන් :

    ඒ අනුව පසුගිය දිනක පලවූ සමාජ මාධ්‍ය සටහනක කළු සුදු ඡායාරූපයක් සහිතව සටහන් කර තිබුණේ එම ඡායාරූපය 1803 වසරේදී ලොව ප්‍රථම බිම්බෝම්බ නිර්මාණය අත්හදා බැලීමට සුළු මොහොතකට පෙර අවස්ථාව බවයි.

    Facebook | Archived 

    මේ පිළිබඳව තොරතුරු විමසා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

    ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එය 1803 වසරේ දී ලබා ගත් ඡායාරූපයක් බවයි. කෙසේ නමුත් ලොව ප්‍රථම කැමරාව නිෂ්පාදනය වී ඇත්තේ 1816 වසරේදීයි. ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

    ඒ අනුව මෙය කිසිලෙසකත් 1803 වසරේ ලබාගත් ඡායාරූපයක් නොවන බවට තහවුරු වෙයි.

    එමෙන් ම ඉහත සමාජ මාධ්‍ය සටහනේ එම ඡායාරූප මුල් සටහන පළ වී තිබුණේ, Cursed Ceylon Posting -CCP ලෙස සඳහන් කර තිබුණු බැවින් එම සමාජ ජාලා පිටුව පරීක්ෂා කිරීමේදී මීට අදාල සටහන සොයාගත හැකි වුණා.

    කෙසේවෙතත් මෙම ආරම්භක සටහන යටතේ “made with AI” යන ලේබලය අපට දැකගත හැකි වුණා. 

    Facebook | Archived

    “Made with AI” ලේබලය –

    Facebook, Instagram සහ Threads යන සමාජ මාධ්‍ය ජාලා මෙහෙයවන Meta සමාගම විසින් පරිශීලකයා විසින් වඩාත් නිවැරදි සහ පැහැදිළි දත්ත ග්‍රහණය කරගැනීමට වැඩි අවධානයක් ලබාදෙනවා. කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) මේ වන විට තාක්ෂණයේ දියුණුවත් සමඟ AI තාක්ෂණය වැඩි වැඩියෙන් මිනිසුන්ට සමීප වෙනවා. මෙහිදී මිනිසුන් සත්‍ය සහ AI තාක්ෂණය එකිනෙකින් වෙන්ව හඳුනාගත නොහැකිවීම වැලැක්වීමට මෙම ලේබල් යෙදීම Meta සමාගම විසින් සිදුකරනවා.

    What Will 'Meta' Mean for Social Media Users? - Wisper Internet

    ඒ අනුව Meta ආයතනයේ තාක්ෂණික කණ්ඩායම විසින් කෘත්‍රිම බුද්ධිය මඟින් නිපදවූ අන්තර්ගතයක් බවට තහවුරු කරගත් සටහන් ආශ්‍රයෙන් ඉහත පරිදි “Made with AI” ලේබලය යෙදීම සිදු කරනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

    ඒ අනුව ඉහත සටහනේ ආරම්භක සටහනේ “Made with AI” ලේබලය යොදා තිබීමෙන් මෙහි දැක්වෙන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් කළ එකක් බවට තහවුරු වෙනවා.

    ලොව ප්‍රථම බිම් බෝම්බය

    ලොව පළමු නවීන බිම් බෝම්බය නිර්මාණය වී ඇත්තේ ඇමෙරිකානු සිවිල් යුධ සමයේදී (1861-1865) යි. ඒ සමයේදී ජෙනරල් ගේබ්‍රියල් ජේ රේන්ස් විසින් මෙය තවදුරටත් වැඩි දියුණු කර තිබෙනවා.

    Anti-tank mine - Wikipedia

    තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය):

    මෙම ඡායාරූපය ලොව ප්‍රථම බිම්බෝම්බය නිෂ්පාදනයෙන් පසු අත් හදා බැලීමට මොහොතකට පෙර ලබා ගත්තක් නොවේ. මෙය කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිපදවූ ඡායාරූපයක් බවත්, සටහනේ අඩංගු කරුණු සත්‍ය නොවන බවත් පෙනී යනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-07-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.