Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඉදිරි අවුරුදු පහේ පසුතැවිල්ලක් නොවී සිටීමට ඡන්දය මාලිමාවට දෙන ලෙස පේෂල මනෝජ්ගෙන් ඉල්ලීමක්?

    2022-01-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජයේ ප්‍රසිද්ධ චරිත අලලා ඔවුන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරි අවුරුදු පහේ ඔබට පසුතැවිල්ලක් නොවී සිටීමට අවශ්‍ය නම්

    සමාජයේ ප්‍රසිද්ධ චරිත අලලා ඔවුන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඉදිරි අවුරුදු පහේ ඔබට පසුතැවිල්ලක් නොවී සිටීමට අවශ්‍ය නම්, ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න..– සප්ත ස්වර විශ්වාලංකාර කීර්ති ශ්‍රි කලා අභිමානී දේශමාන්‍ය… සංගීත වේදී පේෂල ජයරත්න-” යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එම සටහන සංසරණය වූ තවත් අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    සත්‍ය වශයෙන් තබ්ලා වාදන ශිල්පී විශාරද පේෂල මනෝජ් විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළේද යන්න විමසා බැලීමක් අප සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙවන් ප්‍රකාශයක් ගායන ශිල්පී, තබ්ලා වාදන ශිල්පී, නිවේදක විශාරද පේෂල මනෝජ් විසින් සිදු කළාද යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද යන්න අප නිරීක්ෂණය කළ අතර එවන් ප්‍රකාශයක් සම්බන්ධයක් දැක ගන්නට නොලැබුණි.

    ඒ හේතුවෙන් මේ පිළිබඳව විමසීමට අප විශාරද පේෂල මනෝජ් මහතා සම්බන්ධ කර ගනු ලැබුවා. ඔහු සඳහන් කළේ, මෙය අසත්‍ය බවත්, තමන් මෙවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    අප මේ සම්බන්ධයෙන් කළ වැඩි දුර නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ, 2020 වසරේ ජූලි 27 වන දින පළ කරන ලද ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති ඉහත ප්‍රකාශය රැගත් සටහන සමග සැසඳෙන බවයි. එමෙන්ම  “ඉදිරි අවුරුදු පහේ ඔබට පසුතැවිල්ලක් නොවී සිටීමට අවශ්‍ය නම්, ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න.. ” යනුවෙන් ප්‍රකාශය සංගීතවේදි නදීක ගුරුගේ විසින් පවසා ඇති බවයි. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    එම ඡායාරූප දෙක අතර සංසන්දනය පහතින්.

    ඒ අනුව පෙනී යන්නේ සංගීතවේදී නදීක ගුරුගේ විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වා තිබූ ෆේස්බුක් සටහන සංස්කරණය කරමින් විශාරද පේෂල මනෝජ් විසින් සිදු කළ බවට දැක්වීමට ඔහුගේ ඡායාරූපය සහ නමද සංස්කරණය කරමින් අසත්‍ය සටහනක් නිර්මාණය කර ඇති බවයි.

    සැ.යු. : අප මෙම කරුණු විමර්ශනය මගින් පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන සංස්කරණය කරන ලද්දක් බව හා පේශල මනෝජ් විසින් එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි. අප ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් කිසිදු අදහසක් දක්වා නොමැත.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    “ඉදිරි අවුරුදු පහේ ඔබට පසුතැවිල්ලක් නොවී සිටීමට අවශ්‍ය නම්, ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න” යනුවෙන් විශාරද පේෂල මනෝජ් විසින් පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, 2020 වසරේ ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සංගීතවේදි නදික ගුරුගේ විසින් සිදු කරන ලද ප්‍රකාශයකි. එම සටහන සංස්කරණය කරමින් පේෂල මනෝජ්ගේ ඡායාරූපය සහ නම ඇතුළත් කරමින් මෙලෙස අසත්‍ය සටහනක් නිර්මාණය කර තිබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.