Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හදිසි විදේශගත වීමක් හේතුවෙන්, මාස 8ක දරුවෙක් හදාගන්න දෙන බවට දැක්වූ සටහනේ ඇත්ත නැත්ත!

    2022-10-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ සානුකම්පිත අවස්ථා මෙන්ම ඡායාරූප / වීඩියෝ ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. එවැනි සටහන් වල නිරවද්‍යතාවය විමසීමෙන් තොරව බොහෝ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ සානුකම්පිත අවස්ථා මෙන්ම ඡායාරූප / වීඩියෝ ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. එවැනි සටහන් වල නිරවද්‍යතාවය විමසීමෙන් තොරව බොහෝ දෙනා ඒවා දැඩිව විශ්වාස කරමින් හුවමාරු කර ගන්නා අයුරු ද බොහෝවිට දැකගන්නට ලැබෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “හදිසියේම විදේශගත වෙන නිසා ආදරෙන් බලාගන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. මුදලට නොවේ. පවුලේ අයගෙන් වෙන්වෙලා වෙනම ජීවත්වෙන දෙන්නෙක් නම් වඩාත් හොඳයි. මාස 8යි. පිරිමි ළමයෙක්.” යනුවෙන් සඳහන් කරමින් එම දරුවාගේ ඡායාරූපයක් බවට හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍ය සිදුවීමක් ලෙස බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවයි.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ඉහත ෆේස්බුක් සටහන ප්‍රථමයෙන්ම වෙනත් ෆේස්බුක් සමූහයක පළ කර තිබූ බවට එම ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයෙක් පළ කර තිබූ බැවින් එම ෆේස්බුක් සමූහය සොයා අප කළ නිරීක්ෂණය කිරීමේදී අපට දැක ගන්නට ලැබු‍‍ණේ, එය ‘Ape Miss – අපේ මිස්’ ෆේස්බුක් සමූහයේ පළ වී ඇති සටහනක් බවයි. (මේ වන විට එම පෝස්ටුව ඉවත් කර තිබේ.) එම සටහන පහතින්.

    Archived Link

    Nipuni Sansala Denawaka නමැති එම ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ එය බොහෝ දුරට ව්‍යාජ ගිණුමක් (Fake Account) විය හැකි බවයි. එහි දක්වා තිබු කාන්තාවගේ ඡායාරුප ද  බොහෝ අසභ්‍ය වෙබ් අඩවි තුළ අන්තර්ගත කර තිබෙනු දැක ගන්නට ලැබෙනවා. එසේම එම ෆේස්බුක් ගිණුමේ මේ වන විට ඉහත සටහන් පළකිරීමට හෝ ඉවත්කිරීමට හේතු යනාදී කිසිඳු හෝ කරුණු සඳහන් කිරීමක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

    එමෙන්ම අප මෙම සටහන සම්බන්ධයෙන් “Ape Miss – අපේ මිස්” ෆේස්බුක් සමූහයේ ඇඩ්මින්වරුන්ගෙන් මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමග මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

    එසේම අප ඉහත සමාජ මාධ්‍ය සටහන්හි සඳහන් ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, මෙය ඉන්දියාවේ ළදරුවන් කකුල් මත තබා ස්නානය කිරීමේ සම්ප්‍රදායික ක්‍රමය සම්බන්ධයෙන් දක්වා තිබූ අදහසකට එක් කර තිබූ ඡායාරූපයක් බවත් එය 2019 වසරේ පළ ව තිබූ ෆේස්බුක් සටහනක් බවයි.

    Facebook | Archived Link  Archived

    ඒ අනුව පෙනී යන්නේ, මෙම සටහනේ දැක්වෙන ඡායාරූපය මෑතක දී ලබාගත් ඡායාරූපයක් නොවන බවත්, බොහෝ පැරණි ඡායාරූපයක් බවයි.

    මෙම සටහන පළ කර තිබූ ෆේස්බුක් ගිණුම ද, ව්‍යාජ ගිණුමක් බැවින් මෙය හුදෙක් ෆේස්බුක් ගිණුමට රීච් ලබා ගැනීමේ අරමුණින් පළ කරන ලද, සටහනක් විය හැකි වන අතර, බොහෝ දෙනා මේ පිළිබඳව දැඩි ලෙස උනන්දු වන බැවින්, මෙය සත්‍ය සිදුවීමක් ලෙස විශ්වාස කරමින් මේ සඳහා මූල්‍යමය වශයෙන් ඇතුළුව විවිධාකාරයෙන් උදව් ලබාදීමට ෆේස්බුක් පරිශීලකයින් පෙළඹිය හැකි බැවින්, ඒ ඔස්සේ මුලා වීමේ අවදානමක් ද පවතින බැවින්, මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම ලිපිය පළ කරන ලදී.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “හදිසියේම විදේශගත වෙන නිසා ආදරෙන් බලාගන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. මුදලට නොවේ. පවුලේ අයගෙන් වෙන්වෙලා වෙනම ජීවත්වෙන දෙන්නෙක් නම් වඩාත් හොඳයි. මාස 8යි. පිරිමි ළමයෙක්.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප සටහන නොමග යවන සුළුයි.

    එම සටහන සත්‍ය නොවන ඡායාරුප යොදාගත් බොහෝදුරට ව්‍යාජ ගිණුමකින් පළ කරන ලද සටහන බව දක්නට ලැබෙන අතර මේ වන විට එම සටහන අදාළ ෆේස්බුක් සමූහයෙන් ඉවත් කොට ඇති අතර ඒ පිළිබඳව කිසිදු හෝ සඳහනක් සිදුකර නොතිබුණි. එසේම මෙම සටහනේ දරුවා බව දැක්වීමට යොදාගෙන තිබෙන ඡායාරූපය 2019 වර්ෂයේ ඉන්දියානූ ෆේස්බුක් සටහනක ද, පළ කර තිබේ.

    Avatar

    Title:හදිසි විදේශගත වීමක් හේතුවෙන්, මාස 8ක දරුවෙක් හදාගන්න දෙන බවට දැක්වූ සටහනේ ඇත්ත නැත්ත!

    Fact Check By: Pavithra Sandamali 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.