Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ තරුණ යුවලක්, වයෝවෘද්ධ කාන්තාවකට හිංසා කරන වීඩියෝවක් ද? (සංවේදී දර්ශන සහිතයි)

    2024-06-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    රට තුළ සිදුවෙන ඇතැම් සාපරාධී ක්‍රියා යැයි පෙන්වා දෙමින් වෙනත් කාලසීමාවල හෝ වෙනත් රටවල්වල තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම නිතරම දකින්නට ලැබෙන තත්ත්වයක්. මේ දිනවල ශ්‍රී ලංකාව තුළ සංසරණය වන එවැනි සටහනක් පිළිබඳව මෙවර අපගේ අවධානය යොමු වුණා.

    සමාජ මාධ්‍ය සටහන් :

    WhatsApp ඔස්සේ මේ දිනවල විශාල වශයෙන් සංසරණය වන වීඩියෝවක් ඔස්සේ පෙනී යන්නේ තරුණ වයස්වල පසුවන යුවලක්, ඔවුන්ගේ මව යැයි සැකකළ හැකි වයසක කාන්තාවකට අමානුශික ලෙස හිංසා කරන දර්ශනයක්. එම වීඩියෝව පහතින්.

    මෙම වීඩියෝව සමග සංසරණය වන පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ,

    “ඉතා, ඉතා හදිසි !!

    මේ වයසක අම්මව අමු අමුවේ මරන්න හදන මේ බල්ලො නුවර දන්නෙත් නෑ, රාජ්‍යය දන්නෙත් නෑ!!

    බෙදාහරින්නා හරහා වත්මන් තොරතුරු ලබා ගත හැකිය !!  හදවතක් ඇති අය අත්අඩංගුවට ගන්නා තෙක් සියලු දෙනාම වහාම share කරන්න..” යන්නයි. එම සටහන පහතින්.

    මෙම සටහන් Facebook ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    මේ පිළිබඳව සත්‍ය විමසා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

    මෙම සටහනේ ආරම්හය විමසා බලන විට අපට සොයාගත හැකිවූයේ මෙය 2024 මාර්තු 27දා වක්වාර් හසාන් නමැති ඉන්දීය මාධ්‍යවේදියෙකු විසින් පලකළ  ට්විටර් පණිවුඩයක දැක්වෙන වීඩියෝවක් බවයි. එම වීඩියෝවේ පෙන්වා දී තිබුණේ මෙය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි, බෝපාල් ප්‍රදේශයේ පදිංචි, දීපක් සෙන් නමැත්තා සහ ඔහුගේ බිරිඳ පූජා සෙන් විසින්, දීපක් සෙන්ගේ, 75 හැවිරිදි වයෝවෘද්ධ අත්තම්මාට වධහිංසා පමුණුවමින්, ඔවුන්හට ‘රසවත් ආහාර පිස නොදුන්’ බව පවසමින් එම මව අපයෝජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් බවයි. X | Achieved

    කෙසේ නමුත් තවදුරටත් විමසා බැලීමේදී පෙනීගියේ, මෙසේ මහලු කාන්තාවට අමානුෂික ලෙස පහරදුන් තරුණ යුවළ, මාර්තු 27 වනදාම අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා කර ඇති බවයි.

    X | Achieved තවත් මෙවන් ට්විටර් සටහනක් මෙතනින්. මේ බෝපාල් ඛේදවාචකයේ වීඩියෝවක් මෙතනින්.

    කෙසේ නමුත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා යෑමේදී නිල වෙබ් අඩවි වාර්තා ඔස්සේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප සමත් වුණා.

    ඒ අනුව, මෙම වීඩියෝව දීපක් සෙන් සහ පූජා සෙන් යන අයගේ අසල්වැසියෙකු විසින් ලබාගෙන ඇති අතර, එම වීඩියෝ පටය දින කිහිපයක් සංසරණය වීමත් සමඟම පොලිසිය ක්‍රියාත්මක වී අදාල අයව අත්අඩංගුවට ගත් බවට මාර්තු 27 වනදා බෝපාල් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. ජෙහාන්ගිබරාද් පොලිසිය වාර්තා කරන අන්දමට මෙම යුවල පොලිස් ක්‍රියාමාර්ග සඳහා බිය නිසා වීඩියෝව ප්‍රචාරයෙන් පසු වෙනත් නගරයක් කරා පැන යාමටද උත්සාහ කරමින් සිටියාදී ඔවුන්ව අල්ලාගෙන තිබෙනවා.

    එමෙන්ම, මෙම වීඩියෝවේ සිටින කාන්තාව දීපක් සෙන් නැමැත්තාගේ මිත්තණිය බවටද පසුව හෙලිවී තිබෙනවා. විමර්ෂණ නිලධාරීන් පසුව මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම වයෝවෘද කාන්තාව රෝගාබාධ කිහිපයකින්ම පෙලෙමින් සිට ඇති බව සහ ඒ නිසා බොහෝ අවස්ථාවලදී නියමිත වේලාවට ආහාර ඉල්ලා සිට ඇති බවයි. එම ඉල්ලීම හමුවේ ඔවුන් මෙලෙස කෲර අන්දමින් තම මිත්තණියට පහර දී ඇතිබව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

    මේ සම්බන්ධ පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    WhatsApp ඔස්සේ සංසරණය වන, තරුණ යුවලක් වයෝවෘද්ධ කාන්තාවකට කුරිරු ලෙස හිංසා කරන වීඩියෝවෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සිදුවීමක් නොවෙයි. එය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි, බෝපාල් ප්‍රදේශයේ 2024 මාර්තු මාසයේදී හෝ ඒ ආසන්නයේදී සිදුවූ සිදුවීමක් බව තහවුරු වෙනවා. එමෙන්ම, මෙම හිංසනය සිදුකළ අය ඒ සමයේම අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-06-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.