Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගෝල්ෆේස් එකට ගොඩ ගහන්නෙ රනිල් පැහැරගෙන ගිහින් මරපු අරගලකරුවන්ගේ සිරුරු බව පුබුදු ජයගොඩ ප්‍රකාශ කළාද?

    2022-08-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගාලුමුවදොර පිටිය වෙරළට ගොඩ ආ මළ සිරුරු සම්බන්ධයෙන් හා වරින් වර දිවයින පුරා සිදුවන ඝාතන හේතුවෙන් සමාජයේ අවධානය එම පුවත් වෙත දැඩි වශයෙන් යොමු වී තිබුණා. ඒ අතර ගාලුමුවදොර වෙරළට ගසා ආ මළ සිරුරු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විධිවිධානයට අනුව පැහැරගෙන ගොස්

    ගාලුමුවදොර පිටිය වෙරළට ගොඩ ආ මළ සිරුරු සම්බන්ධයෙන් හා වරින් වර දිවයින පුරා සිදුවන ඝාතන හේතුවෙන් සමාජයේ අවධානය එම පුවත් වෙත දැඩි වශයෙන් යොමු වී තිබුණා.

    ඒ අතර ගාලුමුවදොර වෙරළට ගසා ආ මළ සිරුරු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විධිවිධානයට අනුව පැහැරගෙන ගොස් ඝාතනය කළ අරගල කරුවන්ගේ බවට පුබුදු ජයගොඩ විසින් පැවසූ බවට පළ වන සටහන් සම්බන්ධයෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන්:

    “ගෝල්ෆේස් එකට ගොඩ ගහන්නෙ රනිල් පැහැරගෙන ගිහින් මරපු අරගලකරුවන්ගෙ සිරුරු” යනුවෙන් පුබුදු ජයගොඩ මහතා පුවත් පතකට සඳහන් කළ බව දක්වමින් ඉහත ශීර්ෂ පාඨය සහිත පුවත් ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. 

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් ගාලුමුවදොර පිටියේ වෙරළට ගොඩ ගසන මළ සිරුරු සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් පුවත් පතකට කර ඇත්දැයි යන්න ප්‍රථමයෙන් අප පරීක්ෂා කරනු ලැබුවා. නමුත් කිසිදු පුවත් පතක එවැනි ශීර්ෂ පාඨයක් යටතේ පුවත් ලිපියක් පළ වී නොතිබුණ බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

    කෙසේවෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පුවත් ලිපියේ ආකෘතියට සමාන කමක් ඇති පුවත් පතක් පසුගිය ජූලි 28 වන දා ‘දිවයින’ පුවත් පතේ පළ වී තිබුනේ මෙලෙසින්.

    එම ලිපිය දිවයින වෙබ් අඩවියේ පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link

    එම සත්‍ය ලිපියේ ශීර්ෂ පාඨයේ සඳහන් කර තිබුණේ, “හදිසි නීතියට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීලාගේ දේශපාලනය ඉවර කළ යුතුයි” යන්නයි.

    සත්‍ය ශීර්ෂ පාඨය සංස්කරණය කරමින් “ගෝල්ෆේස් එකට ගොඩ ගහන්නෙ රනිල් පැහැරගෙන ගිහින් මරපු අරගලකරුවන්ගෙ සිරුරු” යනුවෙන් වෙනස් කර තිබුණද, එම ලිපියේ අන්තර්ගතය වෙනස් කර නොතිබුණි.

    සත්‍ය පුවත් පත් ලිපිය සහ සංස්කරණය කර ඇති ලිපියේ ඡායාරූපයේ සංසන්දනය පහතින්.

    කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් පුබුදු ජයගොඩ මහතාගෙන් ද විමසීමක් සිදු කළා.

    ඔහු සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක ගෝල්ෆේස් වෙරළට ගොඩ ගසන සිරුරු, රනිල් මහතා පැහැරගෙන ගිහින් මරපු අරගලකරුවන්ගේ සිරුරු බවට ප්‍රකාශයක් සිදු නොකළ බවයි. එමෙන්ම එම මළ සිරුරු සම්බන්ධයෙන් තමන් කිසිදු අවස්ථාවකදී ප්‍රකාශයක් සිදු නොකළ බවද පැවසුවා.

    ගාලුමුවදොර වෙරළ තීරයට ගොඩ ගැසූ මළ සිරුරු

    ගාලුමුවදොර වෙරළ තීරයේ වෙඩි තැබීම් සහ මළ සිරුරු සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන් ඉල්ලා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණා.

    නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය පවත්වා ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට අහිතකර බලපෑමක් ඇති නොවන බව සහතික කිරීම සඳහා මෙම කරුණු දෙක කඩිනමින් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාගේ අවධාරණයට යොමු කරනවා. ඒ පිළිබඳව පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්. Archived Link

    කෙසේ වෙතත් ගාලුමුවදොර වෙරළ තීරයට ගොඩ ගසා ඇති මළ සිරුරු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මෙතෙක් කළ විමර්ශනයන්ට අනුව එම පුද්ගලයන් මිනී මැරීමක් හේතුවෙන් වූ මරණ නොවන බවට තහවුරු වී ඇති අතර, ඉන් එක් අයෙක් මානසික ආබාධයකින් පෙළුණු පුද්ගලයෙක් බවට තහවුරු වී ඇති අතර අනෙක් පුද්ගලයා ද, දියේ ගිලී මිය ගිය බවට තහවුරු වී ඇති බවයි.

    එමෙන්ම පසුගිය අගෝස්තු 01 වන දා ගාලුමුවදොර වෙරළට ගසා ආ මළ සිරුර අරගලයට සක්‍රීයව දායකත්වය ලබා දුන් ජීවන්ත පීරිස් පියතුමන්ගේ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තොරතුර අසත්‍ය බවට අප පෙන්වා දුන්නේ මෙලෙසින්.

    https://www.facebook.com/factcrescendosl/posts/pfbid049V4gzisWzAb32yHkJnRuRuBPbbvzC2zuUuJkRN1uQQGp3GM4T9s7GsGfAovFtwnl

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් පුවත් පතකට “ගෝල්ෆේස් එකට ගොඩ ගහන්නෙ රනිල් පැහැරගෙන ගිහින් මරපු අරගලකරුවන්ගෙ සිරුරු” යනුවෙන් සඳහන් කළ බවට දක්වමින් පළ වන පුවත් ලිපිය සංස්කරණය කරන ලද ශීර්ෂ පාඨයක් බවයි. සත්‍ය පුවත් ලිපියේ දැක්වෙන ශීර්ෂ පාඨය වන්නේ, “හදිසි නීතියට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීලාගේ දේශපාලනය ඉවර කළ යුතුයි” යන්නයි.

    එමෙන්ම පුබුදු ජයගොඩ පවසන්නේ ද, තමන් කිසිදු අවස්ථාවක එවක් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    Also Read : කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-08-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.