Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සීගිරිය පොහෝ දින රාත්‍රියේ දිස් වූ අයුරු? ඇත්ත දැනගන්න කියවන්න…

    2025-01-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සීගිරි පර්වතය බලකොටුව ඇතුළු සංචාරක ආකර්ෂණ ස්ථාන රාත්‍රි කාලයේ නැරඹීමට අවස්ථාව දැන් සලසා ඇති බව දක්වමින්, පසුගිය පොහෝ දින ඒ අවස්ථාව උදා වූ බව ත්, ඒ හේතුවෙන් එදින සීගිරි ගල අලෝකමත් වී තිබ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සීගිරි පර්වතය බලකොටුව ඇතුළු සංචාරක ආකර්ෂණ ස්ථාන රාත්‍රි කාලයේ නැරඹීමට අවස්ථාව දැන් සලසා ඇති බව දක්වමින්, පසුගිය පොහෝ දින ඒ අවස්ථාව උදා වූ බව ත්, ඒ හේතුවෙන් එදින සීගිරි ගල අලෝකමත් වී තිබූ අයුරු ලෙස බවට දක්වමින් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් පුවත් ඔස්සේ බහුලව සංසරණය වූ අතර එහි සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    පසුගිය 13 වනදා ට යෙදුණු පොහොය දින සීගිරිය දිස්වූ අයුරු බවට දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් බහුලව ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්.

     එමෙන් ම පසුගිය පොහොය දින රාත්‍රියේ සීගිරිය රාත්‍රියේ විවෘත බවට පළ කළ සමාජ මාධ්‍ය සටහනක් ද, පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    YouTube ඔස්සේ ද, මෙම ඡායාරූපය පළවී තිබුණි.

    මෙහි ඇත්ත නැත්ත විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කරගනිමින් මෙහි සත්‍ය කරුණු පරීක්ෂාවක් සිදු කිරීම ට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය පොහොය දින සිට රාත්‍රි කාලයේ සීගිරිය නැරඹීමට අවසර හිමි වූ බවට හෝ ඒ හා සම්බන්ධ ඡායාරූප කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ අප පරීක්ෂා කර ත්, එවැනි පුවතක් සම්බන්ධයෙන් කිසිදු නිල මූලාශ්‍රයක් දැක ගන්නට නොලැබුණි.

    සමාජයේ කතා බහට ලක් වන මාතෘකා ඔස්සේ බොහෝ ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ (AI) නිර්මාණය කිරීමේ ප්‍රවණතාවයක් පැවති හෙයින් අප මේ ඡායාරූය ද, AI ඔස්සේ නිර්මාණය කළා ද, යන්න ඒවා හඳුනාගත හැකි මෙවලමක් ඔස්සේ පරීක්ෂා කරනු ලැබුවා.

    ඒ අනුව පැහැදිලි වුණේ, එම ඡායාරූප සත්‍ය ඡායාරූප නොව AI ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූප බවයි.

    තවද AI ඔස්සේ මෙම ඡායාරූප නිර්මාණය කර තිබූ පුද්ගලයා විසින්, තමා විසින් මෙම නිර්මාණය සිදුකර තිබු බව සඳන් කරමින්, ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.

    එසේම සීගිරිය දිස්වන එම ප්‍රදේශයේ හෝටල් වලින් සහ ප්‍රදේශවාසින් කිහිප දෙනෙකුගෙන් ද අප විමසීමක් කළ අතර  ඔවුන් තහවුරු කළේ ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ පරිදි සත්‍ය වශයෙන් ම සීගිරිය ආලෝක කරණය කර නොමැති බවයි.

    මේ නිසා රාත්‍රී කාලයේ දී සීගිරිය සංචාරකයින්ට විවෘත කිරීම සලකා බැලීම ගැන සිදුවූ කතාබහත් සමඟ මෙම සටහන් නිර්මාණය වී තිබු බැවින් එම පුවත පිලිබඳ අප කරුණු සොයා බැලීමක් සිදුකළා.

    පොහොය දිනයන් ආශ්‍රිතව රාත්‍රී කාලයේ දී සංචාරකයින් සිගිරිය නරඹන්න යන්න පුළුවන් ද ?

    එමෙන් ම ඇතැම් මාධ්‍ය පෙන්වා දී තිබුණේ, සීගිරිය රාත්‍රි කාලයේ පුර පසළොස්වක පොහොය දිනය ඉලක්ක කර ගනිමින් මසකට දින පහක් ‘සඳෙහි සීගිරිය’ නමින් වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, පසුගිය දුරුතු පොහොය දින සිට මෙය ක්‍රියාත්මක වූ බවත් ය.

    මේ සම්බන්ධයෙන් අප මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරියගෙන් විමසීමක් කළ අතර එය අසත්‍ය තොරතුරක් බවත්, තවමත් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොවන බවත් ඒ සඳහා අවශ්‍ය වන ශක්‍යතා අධ්‍යයන යනාදිය ද මෙතෙක් සිදුව නොමැති බවත් පවසා සිටියා.

    මේ සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික,සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ද, නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ සීගිරිය සංචාරකයින් සඳහා රාත්‍රී කාලයේ දී විවෘතව තැබීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

    නොමඟ යවන සුළු සටහන් සඳහා මුල් වූ පුවත්

    එමෙන් ම සංචාරක අමාත්‍යාංශය විසින් ඓතිහාසික සීගිරි පර්වත බලකොටුව සඳ එළිය ඇති රාත්‍රීන්හි සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණය කර ඇති බවත්, සංචාරකයින්ට පුර පසළොස්වක පොහොය දිනට දින දෙකකට පෙර, පුර පසළොස්වක පොහොය දිනයේදී සහ දින දෙකකට පසු සීගිරියේ රාත්‍රී චාරිකා සඳහා හිමිකම් ලැබෙන බවත්, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් මෙම මුලපිරීම සිදු කරන බව වාර්තා කර තිබුණා.

    බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා පළමුව තෝරාගත් බවට ද, එම වාර්තා පෙන්වා දී තිබුණා. 

    මේ පිළිබඳව තවදුරටත් විමසීමට අප ට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාව සම්බන්ධ කිරීමට උත්සහ කරත් ඒ සඳහා තවමත් අවස්ථාව උදා නොවුණි.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Avatar

    Title:සීගිරිය පොහෝ දිනවල නැරඹීමට පුළුවන් ද? සීගිරිය රාත්‍රියේ දිස් වන අයුරු.. ඇත්ත දැනගන්න කියවන්න

    Fact Check By: Pavithra Sandamali 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-01-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.