Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අධිවේගී මාර්ගවල ගමන්ගත යුතු වේගය 60 Km/h දක්වා අඩු කළා ද?

    2024-11-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අර්ථකතනයන් සමාජගතවන ලෙස හුවමාරු කර ගැනීම නිරන්තරයෙන් ම සිදුවන තත්වයක් බවට පත්ව තිබෙනවා. එලෙස බොහෝ දෙනෙක් අධිවේගී මාර්ගවල ගමන්ගත යුතු වේගය සම්බන්ධයෙන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අර්ථකතනයන් සමාජගතවන ලෙස හුවමාරු කර ගැනීම නිරන්තරයෙන් ම සිදුවන තත්වයක් බවට පත්ව තිබෙනවා. එලෙස බොහෝ දෙනෙක් අධිවේගී මාර්ගවල ගමන්ගත යුතු වේගය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු කරගන්නා සටහන් කිහිපයක් අපට හමුවුණා. එම නිසා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

    අධිවේගී මාර්ගවල වේගය සීමා කිරීමට වත්මන් ආණ්ඩුව විසින් තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරිනි. 

    FB|Archive

    අධිවේගී මාර්ගයේ ගමන් කළ යුතු වේගය අඩු කිරීම නව තීරණයක් ලෙස දක්වමින් තවත් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරිනි.

    මෙලෙසින් ගනු ලැබුවේ නව තීරණයක් ද? මෙහි නිරවද්‍යතාව පිළිබඳව අප විමර්ශණය කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පවතින ආණ්ඩුව විසින් අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී වේගය 60 Km/h දක්වා අඩු කිරීමේ නව තීරණයක් ගෙන ඇති බවට  ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්ද යන්න අප පරීක්ෂා කළා. 

    අපට එවැනි නව තීරණයක් ගෙන ඇති බවට පුවත් වාර්තා කර ඇති බව ක් දැක ගන්නට නොලැබුණි.

    නමුත් මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල වාහන ගමන් ගන්නා වේගය පැයට කිලෝමීටර් 60ක වේග සීමාවක පවත්වා ගැනීමට අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු කලමණාකරණ අංශයෙන් දැනුම් දීමක් කර තිබුණා.

    අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තූ කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජී. එච් ගුණසිංහ මහතා විසින් රියදුරන්ට ආරක්ෂාව තකා මේ පිළිබඳ කළ  දැනුම් දීම සම්බන්ධයන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    ඒ අනුව පෙනී යන්නේ සාමාන්‍යය දිනවල අධිවේගී මාර්ගවල 60 Km/h වේගයකින් වාහන ධාවනය කිරීමේ නව තීරණයක් ගෙන ඇති බවට ඇඟවෙන ලෙස ඇතැම් මාධ්‍ය ධාරා විසින් නොමග යන සුළු අන්දමින් මෙම පුවත වාර්තා කර තිබීම මෙලෙසින් වැරදි තොරතුරක් ප්‍රචාරය වී ඇති බවයි. එලෙසින් වාර්තා කර තිබූ මාධ්‍ය වාර්තාවක් පහතින්.

    Facebook 

    අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තූ කලමනාකරණ අංශය

    මේ බව අප අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තූ කලමනාකරණ අංශයෙන් විමසීමක් කළා. ඔවුන් පැවසුවේ මෙලෙස රියදුරන්ට තම වේගය පැයට කිලෝමීටර් 60ක වේග සීමාවක පවත්වා ගන්නා ලෙස දැනුම්දී ඇති බවයි. එය අධිවේගී මාර්ගයේ ප්‍රදර්ශන පුවරුවල ද මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන බවයි ඔවුන් අප වෙත පැවසුවේ. පවතින වැසි කාලගුණය හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා මෙලෙස අධිවේගී මාර්ගයේ ගමන් කරන වේගය සීමා කිරීම් පිළිබඳව සාමාන්‍යයෙන් දැනුම්දීම් කරන බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තූ කලමනාකරණ අංශය පවසන්නේ.

    අයහපත් වැසි කාලගුණය හේතුවෙන් මීට පෙරත් අධිවේගී මාර්ගවල වේගය සීමා කර තිබෙනවා ද?

    අයහපත් වැසි කාලගුණය හේතුවෙන් මීට පෙර අවස්ථාවලදීත් මෙලෙස අධිවේගී මාර්ගවල වේගය සීමා කිරීමට කටයුතු කර තිබේද යන්න අප සොයා බැලුවා. ඒ අනුව පසුගිය වසර වලදී ද පළ වී ඇති පුවත් ඔස්සේ ද තහවුරු වන්නේ, අයහපත් වැසි කාලගුණික තත්වයන් හමුවේ මෙලෙස අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වේගය සීමා කිරීම් පිළිබඳ දැනුම්දීම් සිදුකර ඇති බවයි.

    Facebook | Archived Link

    මීට අමතරව කාලගුණික තත්වයන් හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල වේගය පැයට කිලෝමීටර් 60ක පවත්වාගන්නා ලෙස  2019 වසරේ ද දැනුම්දී ඇති බව පළ වූ මාධ්‍ය වාර්තාවව් මෙතනින් සහ මෙතනින්. 2024 ජනවාරි මාසයේ දී ද, මෙවැනි දැනුම් දීමක් කළ බවට පළ වූ තව ත් මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

    ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල වේගය අයහපත් කාලගුණික තත්වයන් හමුවේ සීමා කරන ලෙස ඒ අදාළ කාලවලදී මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම් දීම සාමාන්‍යයෙන් සිදුකරනු ලබන බව පැහැදිලිය. 

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    මෙම විමර්ශනය ඔස්සේ පැහැදිලි වන්නේ, අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා සීමා කිරීමට අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු අංශයෙන් සිදුකර ඇති දැනුම්දීම නව තීරණයක් නොවන බවයි. මෙය පවතින අයහපත් වැසි කාලගුණික තත්වය හේතුවෙන් සිදුකළ දැනුම්දීමක් වන අතර එවැනි අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන් වෙත වේගය සීමා කිරීමට දැනුම්දීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

    Avatar

    Title:අධිවේගී මාර්ගවල ගමන්ගත යුතු වේගය 60 Km/h දක්වා අඩු කළා ද?

    Fact Check By: Fact Crescendo Team 

    Result: Insight

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-11-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.